Ads 468x60px

.

පිටසක්වළ ආකාශ වස්තු කතාවේ විද්‍යාත්මක සත්‍යයක් නෑ

වෙනත් ග්‍රහ වස්තුවකින් රේඩියෝ පණිවුඩයක් හෝ මෙතෙක් ලැබී නැතිලු...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් දිස් වූ බව කියන ආකාශ වස්තු හා පිටසක්වළ ජීවීන් පිළිබඳව විවිධ පුද්ගලයන් ප්‍රකාශ කළද ඒවායෙහි කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නැතැයි ආතර් සී. ක්ලාක් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ සරත් ගුණසේන මහතා පැවසුවා.

පුත්තලම ඉරණවිල, දියතලාව, කඩුවෙල, මහියංගණය වැනි ප්‍රදේශවල පුද්ගලයන් දුටු බවට පවසන අද්භූත එළි හා පුද්ගලයන් සම්බන්ධයෙන් නිවැරැදි තීරණ ගැනීමට හෝ ඔවුන් පිටසක්වළ ජීවීන් බවට තහවුරු කිරීමට තරම් පිළිගත් ප්‍රබල සාක්‍ෂි නැති බවද ඒ මහතා ප්‍රකාශ
කරනවා.

පර්යේෂණ විද්‍යාඥ සරත් ගුණසේන මහතා පැවැසුවේ පෘථිවියට අමතර බොහෝ ග්‍රහලෝක ඇති අතර ඒවාහි ජීවීන් සිටින්නට ඉඩ තිබුණත් ඔවුන් පෘථිවියට පැමිණීමක්

සම්බන්ධයෙන් අමෙරිකාවේ නාසා ආයතනය හෝ සෙටී යන ආයතන කිසිදු තහවුරු කිරීමක් කර නොමැති බවයි.

පෘථිවියට වෙනත් ග්‍රහ වස්තුවකින් කිසිදු බලපෑමක් සිදුවී නැති බවත් වෙනත් ග්‍රහ වස්තුවකින් රේඩියෝ පණිවුඩයක් හෝ මෙතෙක් ලැබී නැති බවත් සරත් ගුණසේන මහතා
පැවසුවා.
 
Related Posts with Thumbnails