Ads 468x60px

.

එයා දැන් කසාද බැඳල දරුවොත් ඉන්න තාත්තා කෙනෙක් - යුරේනි නොෂිකා

ඊට කලින් මට පිරිමි ළමයෙකුගෙ ආදරය ලැබිල නෑ...  

ඉස්සර මට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ... 

කිසිම ඉවසීමක් නෑ... එයා හින්ද මං ඉවසන්න පුරුදු වුණා...  

මට ආදරේ ඉගැන්නුවෙ එයා...

මේ දවසල්වල මොනවද ඔයාගේ කටයුතු? වැඩිය ටෙලි නාට්‍යවල දකින්න ලැබුණත් නෑ.
ඔව්. මම පසුගිය කාලෙ වැඩිය දකින්න හිටියෙ නෑ. කොහොමටත් මම වැඩගොඩක් කරන්නෙ නෑ. ආස දෙයක් විතරයි මම කරන්න බාර ගන්නෙ. 'කැලෑ හඳ' ටෙලිනාට්‍යයේ වැඩ පටන් ගත්තා. ඩේසි අත්තනායක විදිහටයි. මම රඟපාන්නෙ. නිවේදන කටයුතුත් කරගෙන යනවා. ඒත් මම නත්තලට නිවාඩුයි. මේ මාසේ මම වෙන් කරගත්තෙ යාළුවො වෙනුවෙන්.


පසුගිය කාලයේ ඔයා පිටරට සවාරියක් ගියා නේද කොහොමද ඒවායේ ප්‍රතිචාර?
ඔව්. සැප්තැම්බර් මාසෙ කොරියාවට ගියා. අපි 20 කගේ විතර කණ්ඩායමක් කොරියාවේ නර්තන ප්‍රසංගයක් පැවැත්වූවා. ඇත්තටම ඒක හොඳ අත්දැකීමක්. විශාල ප්‍රතිචාර අපට ලැබුණා.


ඔයා නිවේදිකාවක් හැටියටත් කටයුතු කරනවා.
දෙරණ නාලිකාවෙ නිවේදන කටයුතුවලට සහභාගි වෙනවා. වෙනත් නාලිකාවකත් ක්‍රීඩාවට සම්බන්ධ වැඩසටහනකට ආරාධනා ලැබුණා. ඉස්කෝලෙ යන කාලෙත් ක්‍රීඩා කරපු හින්ද මට ඒ වැඩ සටහන ආසාවෙන් කරන්න පුළුවන් වෙයි. ඒකාලෙ මට ක්‍රිකට් පිස්සුවක් තිබුණා. 2-3 වසරවල ඉඳලම මම හැම ක්‍රිකට් මැච් එකක්ම බලනවා. 


බ්‍රයන් ලාරා, මාර්ක් ටේලර්, ඇලන් ඩොනල්ඩ් අපේ රටේ රොෂාන් මහානාම, රුවන් කල්පගේ මගේ වීරයෝ, ඒ කාලෙ මම කොල්ලෙක් වාගෙ මට ඕනෑ වුණේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වෙන්න. ඒකට ක්ලබ් එකක සෙල්ලම් කරන්න ඕනෑ. ඒත් ප්‍රථම ආදරේ හින්දා ක්‍රිකට්වලට තිබිච්ච ඒ ආදරේ අතෑරුණා. ක්‍රිකට් කැලේ ගියා. මං පෙම්වතියක් වුණා.

කොහොමද ඒ ප්‍රථම ප්‍රේමය ඇරඹුණේ?
හුඟක් වෙලාවා ගොඩක් අයගෙ ප්‍රථම ප්‍රේමය ඇරඹෙන්නෙ ටියුෂන් වලදිනෙ මටත් ඒවගේ, ටියුෂන්වලදී තමයි එයාව මුණ ගැහුණේ. ඊට කලින් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. මං හැදුනෙ කොන්වට් එකක. එයින් පිට ලෝකයක් මං දැකල තිබුණෙ නෑ.

ඒ/එල් වලට මාසෙකට කලින් එයා හමුවුණේ. ඊට කලින් මට පිරිමි ළමයෙකුගෙ ආදරය ලැබිල නෑ. ඉස්සර මට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. කිසිම ඉවසීමක් නෑ. එයා හින්ද මං ඉවසන්න පුරුදු වුණා. මට ආදරේ ඉගැන්නුවෙ එයා. මගේ දඟකාරකම් මොනතරම් නම් ඉවසුවාද? නැන්දලා මාමලා කිව්වෙත් ඒවගේ ඉවසිලිවන්ත කෙනෙක් ඔයාට නම් ආයෙ ලැබෙන එකක් නෑ කියලයි. එයා ඒතරමට හොඳයි.

ඉතිං ඒ ආදරේට මොකද වුණේ?
අනේ මංදා, එයා දැන් කසාද බැඳල දරුවොත් ඉන්න තාත්තා කෙනෙක් වෙන්නැති. ඒත් ඒ ආදරේ මං විඳෙව්වෙ නෑ. වින්දා මේ දැනුත් ඒ ගැන තියෙන්නෙ සුන්දර හැඟීමක්.


දැනුත් ඔයා ආදර වන්තියක්ද?
මේ වෙනකොට නෑ. කවුරු හරි කෙනෙක්ට ආදරේ කළොත් මම ආදරේ කරන්නෙ මුළු හිතින්මයි, ඒත් මම මං වෙනුවෙනුත් පළමුවැනි තැන දෙන්න ඕනෑ කවදා හරි ආදරේ මට ලැබෙයි.

ඔයා ඔය බලාගෙන ඉන්නෙ මොනවගේ ආදරයක් ගැනද?
සාමාන්‍ය කෙනෙක්ට වඩා වෙනස්. හිතන විදිහත් වෙනස් මාව බාරගන්න සහකාරයා ඒක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ. එතකං තනියම ඉන්න පුළුවන් තාක්කල් මං තනියම ඉන්නවා.

ඔහොම සැහැල්ලුව හිනන්න කතා කරන්න පුළුවන්කම ඔයාට ලැබුණෙ කොහොමද?
මෙච්චර සැහැල්ලුවක් මං ගාව තියෙන්නෙ කිසිම දෙයක් ඕනෑවට වඩා හිතට ගන්නේ නැති හින්දයි. පීඩා විඳවිඳ ළතවෙන්න මං කැමැති නෑ.

ඔයාගෙ ජීවිතේ ඔයා සසල වෙච්ච, හඬා වැටිච්ච අවස්ථා නැද්ද?
තිබුණා. ප්‍රතිඵල ආව දවස්වල ඒ සතුට බෙදාගන්න මගේ දෙමවුපියන් මං ගාව හිටියෙ නැති එක මට තදින් දැනුණා. මගෙ පවුලෙ එකම දරුවා මම, මගෙ දෙමවුපියො හදිසි අනතුරකින් නැතිවෙනකොට මට අවු. 7යි. දරුවෙක් හැටියට මං හොඳටම සසල වුණා. අපි ඒ ගැන විස්තර කතා නොකර ඉමු.

යෞවනියක් හැටියට ඔයාට තනිකමක් පාළුවක් දැනෙන්නෙ නැද්ද?
ජීවිතයට පාළුව අනන්ත අප්‍රමාණව දැනෙනවා. ඒත් මං හුරුවෙලා. වැඩත් එක්ක කාලය ගෙවිල යනකොට ඒ දේවල් තේරෙන්නේ නෑ.

කලාවට සම්බන්ධ වෙන්න කලින් ඔයා රැකියාවක් කළා නේද?
ඔව්, මං රැකියාව කළා. ඒක බොහොම සුන්දර අත්දැකීමක්. ඊට පස්සෙ මට වෙනසක් ඕනෑ වුණා. එයාර් ලයින් එකකට ඇප්ලිකේෂන් දැම්මෙ ඊට පස්සෙ. ඒ ඉන්න අතරෙ මොඩ්ලින්වලට චාන්ස් එකක් ලැබුණා. මොඩ්ලින් කරන්න ගිහිල්ල හිරවුණු හිරවිල්ල තමයි තාමත් මේ.

මෝස්තර නිරූපණ ශිල්පිණියක් විදිහට කටයුතු කිරීම රංගන ශිල්පිණියක් හැටියට ඔයාට පහසුවක් වුණාද?
ඇත්තටම ඔව්. ඒක රංගනයේදී ලොකු අත්දැකීමක්. මෝස්තර නිරූපණ ශිල්පයේදී චකිතය කියන දෙයට ඉඩක් නෑ. ඒ පෙර පුහුණුව කැමරාවක් ඉදිරියේ රඟපාන කොට ලොකු වාසියක් අත්කර දුන්නා.

ඔයාගේ ජීවිතයටත් හීන තිබුණද?
ඔව්. ඒ හීන තමයි මාව ජීවත් කළේ මගේ එක ලයිෆ් සුන්දර කළේ හීන. මැරෙන කල් මගේ ජීවිතේට හීන තියෙයි.

මේ දවස්වල ඔයා මොනවගේ හීනත් එක්කද ජීවත් වෙන්නෙ.
පසුගිය අවු. 2 විතර කාලයක් මං ඉන්දියාවෙ හිටියෙ. බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වෙන්න ආසාවක් මට තියෙනවා. වාසනාව අනුව ඒ දේ සිද්ධවෙයි, මං ලබන අවුරුද්දෙත් ඉන්දියාවට ගිහින් එන්න යනවා. ඇත්තටම දැන් අපිට ලේසියි. ජැක්ලින් සෑහෙන නමක් ලංකාව වෙනුවෙන් හදලා ලංකාවෙන් කිව්වහම මාධ්‍යවලින් පවා පිළිගැනීමක් තියෙනවා. හොඳ නිර්මාණයකට දායක වෙන්න ලොකු ආසාවක් මට තියෙනවා.
















 
Related Posts with Thumbnails