Ads 468x60px

.

හඳුනා නොගත් ආකාශ වස්තුවක් රට පුරා සැරිසරනවලු..

නිල් පාට ආලෝකයක් සහිත වස්තුවක් අප ඉන්න තැනට එන්න එන්නම ළං වුණා...

එම වස්තුව රවුම් පැහැති වූ අතර ක්‍ෂණයකින් යළිත් ඈත අහසටම පිටත් වුණා...

හඳුනා නොගත් ආකාශ වස්තුවක් යැයි සැකකරන විශාල ආලෝකයක් සහිත වස්තුවක් පෙරේදා (05 දා) රාත්‍රි හතට පමණ අම්බලන්තොට බෝලාන ප්‍රදේශයට පෙනුණු බව ප්‍රදේශවාසීහු කියනවා.

අම්බලන්තොට බෝලාන ප්‍රදේශයේ උච්ඡාවාලික රජමහ විහාරයේ බෝධිපූජාවක නිරත වී සිටි පිරිසකට මෙය දැක ගැනීමට හැකි වූ බවයි අප වෙත වාර්තා වුයේ. 

සිද්ධිය ඇසින් දුටුවකු වන අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ යෙදෙන නිලධාරිනියක මෙසේ පැවැසුවා.

“පන්සලේ බෝධිපූජාවක නිරත වෙමින් සිටියදී එකපාරටම අහසේ සිට නිල් පාට ආලෝකයක් සහිත වස්තුවක් අප ඉන්න තැනට එන්න එන්නම ළං වුණා. එම වස්තුව රවුම් පැහැති වූ අතර ක්‍ෂණයකින් යළිත් ඈත අහසටම පිටත් වුණා.”

මේ පිළිබඳව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ සරත් ගුණසේකර මහතා පැවැසුවේ මෙය කිසිසේත්ම පිටසක්වළ යානාවක් නොවන්නක් වුවත් විද්‍යාවට හසුනොවන අහඹු සිදුවීම් සිදුවිය හැකි බවයි.


මේ දින කිහිපයේ සිදුවූ අද්භූත ආලෝක පිළිබඳව නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි අතර මෙවන් යමක් දුටුවිට කෙසේ හෝ ඉතා පැහැදිලිව තමාගේ ජංගම දුරකථනය මඟින් හෝ වීඩියෝ කර අදාළ ස්ථාන වෙත යොමු කිරීමෙන් කිසියම් හෝඩුවාවක් ලබාගැනීමට හැකි වෙතැයි හෙතෙම කියා සිටියේය.
 
Related Posts with Thumbnails