Ads 468x60px

.

මෙන්න ඔබටත් සඳට යාමට අවස්ථාවක්...

සඳට පෞද්ගලික ප‍්‍රවාහන සේවයක්...

සඳ වෙත මුදල් ගෙවා මිනිසුන් ප‍්‍රවාහනය කිරීම සඳහා නව සමාගමක් ඇමෙරිකාවේ හිටපු ගඟනගාමීන් සහ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් දියත් කර තිබෙනවා. 

මීට පෙර සඳ ගමන්වල නිරත වූ ගඟනගාමීන් ද ඇතුළත් එම සමාගම නම් කර ඇත්තේ ගෝල්ඩන් ස්පයික් ලෙසයි. එමගින් සඳ වෙත මිනිසුන් දෙදෙනෙකු ප‍්‍රවාහනය කිරිම සඳහා අය කරන මුදල ඩොලර් කෝටි 140 ක්. 


එය ශ‍්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 14,000 කට ආසන්න මුදලක් 1960 දශකයේදී සඳ වෙත ප‍්‍රථම වරට මිනිසුන් යැවූ ඇමෙරිකාව දැන් නව සඳ ගමන් කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. 

අධික වියදම් හේතුවෙන් චන්ද්‍ර ගවේෂණ සඳහා වන වැය කපා හැරීමට ජනාධිපති බැරැක් ඔබාමා තීරණය කිරීම ඊට හේතුවයි. දකුණු අපි‍්‍රකාව, දකුණු කොරියාව, ජපානය වැනි සඳ ගමන් සඳහා උනන්දුවක් දක්වන රටවල් ගෝල්ඩන් ස්පයික් ඇමෙරිකානු සමාගමේ ඉලක්කය වී තිබෙනවා. 

නාසා ආයතනය ආරම්භ කළ සඳ ගමන් ලෝක වාසීන්ට ලබා ගත හැකි වාණිඡුමය සේවාවක් බවට පත් කිරීම තම අරමුණ බවයි එමගින් ප‍්‍රකාශ කළේ.
 
Related Posts with Thumbnails