Ads 468x60px

.

මිනිසුනේ ගංගාරාමයේ ගංගාට පිහිටවෙනු...

වේදනාව ගංගා දිනපතා අත් දකියි...

නිසි පෝෂණයක් ලැබෙන්නේද නැත. 

අලියා යනු බුද්ධිමත් නිදහස ප්‍රිය කරන සංවේදී සතෙකි. 

රඳවාගෙන සිටින අලියෙකුට වූවද අලියෙකුට එහා මෙහා යාමට තරමක  විශාල ඉඩකඩක් අවශ්‍ය ය. නමුත් කොළඹ ගංගාරාම විහාරයේ  සිටින ගංගා නමැති අලි  පැටියාගේ ගේ ඉදිරි සහ පසු පාද යදමින් බැඳ චලනය වීමට අසීරු වන අන්දමට රඳවාගෙන තිබේ.

කරුණාකර සිතන්න ඔබව පැය 24 ම යදමින් බැඳ චලනය වීම අඩි දෙක තුනක් පමණක් සිමා කරහොත් ඔබට කොතරම් වේදනාවක් දැනේද? එම වේදනාව ගංගා දිනපතා අත් දකියි. මෙම අලි පැටියා නිදාගන්නේ තමන්ගේම අසුචි මතය. මේ සත්වයාට නිසි පෝෂණයක් ලැබෙන්නේද නැත. 

තමන්ව මරා දැමීමට පැමිණි නාලාගිරි ඇතාට පවා මෙත පැතිරූ මහා කාරුණික බුදුන්වහන්සේ ගේ නාමයෙන් කැප කොට තිබෙන බොදුනු පන්සලක මෙවැනි සත්ව හිංසාවක් සිදුවීම අපට පිළිගත හැකිද?

කරුණාකර පහත වීඩියෝව බලන්න.



ගංගා ගේ වේදනාවට සංවේදී වන හදවතක් ඔබට තිබේ නම් ගංගා නමැති අලි පැටියාට මේ සිදු කරන හිංසනය නවතන ලෙසටත් මෙම සත්වයාට අවම වශයෙන් නිදහස් චලනයටවත් අවකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් හෝ තැපැල්පතක් මෙම  ලිපිනයට යවන්න.

විහාරාධිපති
ගංගාරාම විහාරය
කොළඹ

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails