Ads 468x60px

.

පසුගිය කාලය පුරා නයි නළඟන රඟපෑ අපූරු ජවනිකාව

මගේ පෙම්වතා එක්‌ක මම මත්පැන් පානය කරමින් සිටියා... 

අපි දෙන්නා අතර බහින්බස්‌ වීමක්‌ සිදුවුණා...

එයා මට පහර දීලා, තුවාල කරලා පාරේ දාලා ගියා...

පසුගිය කාලය පුරා අපූරු ජවනිකාවක්‌ රඟපාමින් එක්‌ රැයින් තරුවක්‌ බවට පත් වූ සුරූපිනියකි. 

ඇය මේ රටේ ප්‍රමුඛ පෙළේ නළඟනකි. මේ රටේ මාධ්‍ය ඇය පසුපස හඹා ගියේ පැපරාසින් ද පරදවමිනි. ඇය 'නයි නළඟන'යි. නමින් ඇය නිරෝෂා විමලරත්න වන්නීය.

ඇයගේ ප්‍රථම රංගනය සමාජ ශාලාවක සිදුවිණි. එහි උච්චතම අවස්‌ථාවේදී පොලිසිය පැමිණ ඇය පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබීය. ගතින් ද සිතින් ද ඇයට ළං ව සිටි නාගයා දෙහිවල සත්වෝද්‍යානයට භාර කෙරිණි. කතාව ආරම්භ වන්නේ එතැන් සිටය.

ශ්‍රී දේවි රඟපෑ 'නාගීනා' හින්දි චිත්‍රපටය අපට සිහි කැඳවමින් එතැන් සිට ඇය තම නාගයා නොමැති සාංකාවෙන් ඔත්පොළ වූවාය. යක්‍ෂණියක සේ හැසිරුණාය. මේ රටේ උත්තරීතර වූ නීතිය හමුවට ඇය සුදුවතින් සැරසී නාග වෙසින් ගොඩ වූවාය. 

තම නාගයා ලබා ගැනීම උදෙසා යුක්‌තිය, සාධාරණය යෑද්දා ය. ඉනික්‌බිතිව නාගයාව ඇයට ලබා දීමට උසාවි තීන්දුව ලැබිණි. නයි නළඟන සැනසුම් සුසුම් හෙළුවාය. ඇයගේ පළමු ජවනිකාව ඉන් නිමාවට පත්විය.

නයි නළඟන සම්බන්ධව දෙවැනි වටයේ කතාව ආරම්භ වන්නේ මේ අතරය.

සෞදි අරාබි ජාතික සුල්තාන්වරයකු වන අබ්දුල් අල් සාරිස්‌ නමැත්තා ඇගේ පෙම්වතා බවත්, පසුගිය 23 වැනිදා අලුයම 4.20 ට පමණ ඔහු ඇයට පහර දී කපා කොටා මහමඟ දමා ගිය බවටත් ඇය විසින් පැමිණිලි කරන ලද අතර, අසල්වැසියන් එක්‌ව ඇයව රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කරවනු ලැබීය. කැපීම්, තුවාල සහිත වූ ඇයගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. යළිත් ජනතාවට එළවළු මිල අමතක විය.

"මගේ පෙම්වතා එක්‌ක මම මත්පැන් පානය කරමින් සිටියා. අපි දෙන්නා අතර බහින්බස්‌ වීමක්‌ සිදුවුණා. එයා මට පහර දීලා, තුවාල කරලා පාරේ දාලා ගියා. කොහොමටත් එයා මගේ නයාට කැමැති නැහැ. එයා බයයි. එයාට ඕනේ මගේ නයාවයි, නයාගේ අම්මාවයි මරලා දාන්නයි. මට නයා නැතුව ඉන්න බැහැ. නයාගෙයි මගෙයි අතර ආත්මගත බැඳීමක්‌ තියෙනවා" ඇය පොලිසියටත් මාධ්‍යයටත් කීවාය. 

නාගයා ගෙළ වටා ඔතාගෙන විත් මාධ්‍ය ඉදිරියේ සිය කතාන්දරය විටින් විට දිග හැරියාය. ශ්‍රාවකයන්ටත්, ප්‍රේක්‍ෂකයන්ටත් මෙය රස කරමින් විඳින්නට අපූරු ජවනිකාවක්‌ ම විය. මේ අසරණියට ඊළඟට වන්නේ කුමක්‌ද? සියල්ලෝ දැස්‌ අයා බලා සිටිති.

ඇය ප්‍රතිකාර ලබමින් සිටින රෝහලේ වෛද්‍ය උපදෙස්‌ අනුව පසුගියදා ඇයව මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත යොමු කරවනු ලැබීය. මේ කතාවේ අවසානය විසින් එක්‌කෝ ඇයව මානසික රෝගියකු බවට පත් කරවනු ඇත. 

නැත්නම් වෙනත් කුමන හෝ අවසානයක්‌ විය හැකිය. ඒ අවසානයට පෙර තව බොහෝ සිදුවීම් ඇතිවන්නේ නම් මාධ්‍ය තරම් ඒ පිළිබඳ සතුටු වන තවත් කවරෙකු හෝ නොවනු ඇත. මන්ද ඇයගේ ජවනිකාදාමයේ අපූරුම වෙළෙඳ වටිනාකමක්‌ ඇති බැවිනි.

ඇය කවුරුන් හෝ වේවා ජීවන අරගලයක යෙදෙන ගැහැනියකි. උපතේ සිට මේ දක්‌වා වූ කාලය පුරා ඇයගේ ජීවිතයට අරක්‌ ගත් ගිනියම් ෙ€දවාචකයන් කොතෙකුත් තියෙන්නට ඇත. සමාජයට යමක්‌ වසන් කරන්නේ නම් ඒ ඇයට වසන් කරන්නට යමක්‌ තිබෙන බැවිනි.

කෙනෙකුගේ ජීවිතයේ යටපත් කරන්නට වෙර දරණ කුණු වී ඕජස්‌ ගලන සත්‍යය, හාරා අවුස්‌සා පාරමින් ගඳ ගස්‌සවමින් යළි යළිත් මතු කර ගන්නට යම් කෙනෙකු වෙර දරන්නේ නම් එයින් මුළු සමාජයම කුණු ගඳින් වැසී යනු ඇත. 

එකී කුණු ගඳ ආග්‍රහණය කරමින්, නාස්‌ පුඬු පුරවන්නට තතනන පහත් ආශාවන් සහිත හැඟීම් සනසාලන්නට ඒ පහත් දෙය විකුණන්නවුන් ද ඒ ගණයටම වැටෙන්නට නියමිතය.

ඕනෑම සිදුවීමකට වස්‌තු විෂය වන හේතුවක්‌ තිබේ. අපට නොවැටහෙන ඒ යථාර්ථය මේ තරුණියව මේ මොහොතේ පෙළා දමමින් සිටී. ඒ ජීවිත ෙ€දවාචකය තලු මරමින් රසවිඳීම සඳහා නොවේ. මනුෂ්‍යයන් ලෙස යථා ජීවිතාවබෝධය සඳහාය.

 
Related Posts with Thumbnails