Ads 468x60px

.

මං එක එක්කෙනා එක්ක යාළුයි කියල කතා හදපු අයට මේක හොඳ උත්තරයක් - ෂෙරිල්

ෂෙරිල් හා රුවන්ගේ පෙම ඇරඹුන හැටි...
එයා මාවත් මගේ ආදරෙත් තේරුම් ගත්තා...

ෂෙරිල් ගේ නම හා මිට පෙර කලා ලෝකයේ කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධව කතා ගොඩනැගී තිබුනත් ඒ සියල්ල යටපත් කරමින් පසුගියදා සිදුවූ විවාහ ගිවිසගැනීම දක්වා වූ පෙම් කතාව රුවන් විසින් මාධ්‍යයට හෙලිදරව්කොට තිබෙනවා.

ඒ අනුව රුවන් විසින් ෂෙරිල් පිලිබඳ සිතක් පහලව ඇත්තේ "සීත මාරුතේ" ගීතයේ රුප රචනාව ෂෙරිල් සමගින් රුගතකරන අතරතුරේදීය. ඒ අනුව දුරකතනය ඔස්සේ දොඩමලු වූ ඔවුන් දෙදෙනා කලක් යනතෙක් අදහස් හුවමාරු කොට තිබෙනවා.

ඔවුන් එම අදහස් හුවමාරු අයුරු පහතින්

ඉතින් රුවන් ඔය දෙන්නගෙ අලුත් ජීවිතේ සතුට කියන්නකො.
අපි පිටකෝට්ටෙ සෝලිස් හොටෙල් එකේදි විවාහ ගිවිස ගත්තා. ඇත්තටම හරිම සතුටෙන් ඉන්නෙ.

ෂෙරිල් කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය නිළියක්. කොහොමද ෂෙරිල්ගෙ ආදරේ ඔයාට ලැබුණෙ.
මගෙ "නොදැක ඉන්න බෑ' ගීතය අහල සුබපතන්න ෂෙරිල් මට කතා කළා. ඒක තමයි පටන් ගැන්ම.

ඒ කියන්නෙ නොදැක ඉන්න බෑ කියල කිව්වෙ ෂෙරිල්ටද?

නෑ. එහෙම නෙවෙයි. නොදැක ඉන්න බෑ ගීතය ඔය දවස්වල හුඟාක්ම ජනප්‍රිය වෙලා තිබුණා. ඒ ගීතය අහල ෂෙරිල්ට දැනිච්ච හැඟීම් ගැන කියන්න තමයි මට කතා කළේ. ඇය මට අවංකවම හදවතින්ම සුබ පැතුවා.

ඊට කලින් ඔයා ෂෙරිල් ගැන දැනගෙන හිටියෙ නැද්ද?
අමා, දම්සාරි කියල ෂෙරිල් ගැන අහල තිබුණාට ඇත්තටම අපි කතා කරල තිබුණෙ නෑ. පෞද්ගලිකව ඊට කලින් අපි අඳුනන්නෙ නෑ. නොදැක ඉන්න බෑ සිංදුව හින්ද තමයි ෂෙරිල් හමුවුණේ.

ඇත්තද ෂෙරිල්?
ඔව්. රුවන් අයියගේ නොදැක ඉන්න බෑ සිංදුවට මට හරි ආසා හිතුණා. මට එයාට කතා නොකරම ඉන්න බැරිවුණා. මං කතා කළේ සුබ පතන්න.

ඉතින්
මං සුබ පැතුවා හදවතින්ම. තවත් ඒ වගේ හැඟීම් බර ගීත ගයන්න කියල කිව්වා.

ඊට පස්සෙ?
ඊට පස්සෙ ආයෙ දවසක රුවන් අයියා කතා කරල එයාගේ 'සීත මාරුතේ' මියුසික් වීඩියෝ එකට මට කතා කළා. මං බෑ කිව්වා. ඊට පස්සෙ ආයෙත් කතා කළා. ඒ ගමන මං කැමැති වුණා.

එතකොට රුවන් ඔයා නොදැක ඉන්න බෑ කියල කිව්වෙ කාටද?
ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් නෙමෙයි. මට ගර්ල කෙනෙක් හිටියෙ නෑ.

ඔය ඇත්තමද?
ඔව් ඇත්තමයි. ෂෙරිල් එක්ක ඇතිවෙච්ච මිතුරුකම තමයි ඊට පස්සෙ ආදරයකට හැරුණේ.

ඔය දෙන්නගෙන් කවුද මුලින්ම ආදරයට මුල පිරුවෙ?
රුවන් අයිය තමයි ඉස්සෙල්ලාම මගෙන් ඇහුවෙ. මං කිව්වා අම්මාගෙන් අහන්න කියලා.

ඉතින් රුවන්, ෂෙරිල්ගෙ අම්මා මොකද කිව්වෙ?
මගෙ දුව නම් සැරයි කිව්ව. මොනව හරි කියන්න දෙයක් තියෙනවා නම් ඒක කෙළින්ම මූණටම එයා කියනවා කියලත් කිව්වා. ඔයාට එයාව බලාගන්න පුළුවන්නම් කැමැතියි කිව්වා. මං ඒ අභියෝගයයි වගකීමයි ආදරයයි බාරගත්තා.

ඇත්තටම රුවන් ඇයි ඔයාට ෂෙරිල් ගැන ආදරයක් ඇති වුණේ?
මං අඳුන ගත්ත විදියට එයා මට ආදරේ කරනවා නම් ඒ මටම විතරයි. එයා ළඟ බොරු නෑ. හිතේ එකක් තියාගෙන වෙනත් දෙයක් කියන කෙනෙක් නෙමෙයි ෂෙරිල්. අවංකයි. කෙළින් කතාකරන කෙළින් වැඩ කරන කෙනෙක්. අනෙත් එක එයා මට හරිම ආදරෙයි. එයාගෙ වයසත් එක්ක එයා දඟකාරයි. මං ඒ දඟකාරකමටත් කැමැතියි.

ෂෙරිල්ට රුවන් ගැන ආදරයක් ඇති වුණේ මේ දවස්වල ඉතා ජනප්‍රිය ගීත කිහිපයකම කට අයිතිකාරයා හින්දද?
අනේ නැහැ. සිංදු කියනවාටවත් එයා පොපියුලර් කෙනෙක් හින්දවත් නෙමෙයි මං ආදරේ කළේ. එයාට මාවත් මගේ ආදරේත් තේරුම් ගන්න පුළුවන් හින්ද.

එතකොට ඔයාගොල්ලො ආදරෙන් බැඳිච්ච කාලෙ ඔයා ෂෙරිල් වෙනුවෙන් ගීයක් ගැයුවෙම නැද්ද?
'සීත මාරුතේ' මං ගැයුවෙ ෂෙරිල්ට. ඒ හැරුණාම කම්මැලි හිතිච්ච වේලාවට කතාකරල අහගෙන ඉන්න සිංදු කියන්න කියල ෂෙරිල් කියනවා.

මේ ඇත්තද ෂෙරිල්.
ඔව්. දවසක් රුවන් අයිය දවල් ඉඳල රෑවෙනකම්ම ෆෝන් එකෙන් සිංදු කිව්වා. සමහර දවසට එයා මට ෆෝන් එකෙන් අහගෙන ඉන්න ගිටාර් ප්ලේ කරනවා.

වෙන මොනවාද කියන්නෙ?
සුරංගනාවී මගෙ හඳක් වගේ පායලා කියනවා.

සුරංගනාවිට රඟපාන්න එපා කියල කවදා හරි තහංචියක් දැම්මොත්?
එහෙම තහංචි දාන්නෙ නෑ. මමත් එයාට කිව්වොත් සිංදු කියන්න එපා කියල ඒක අපරාදනෙ.

ජීවිතයේ අලුත් කමත් එක්ක මේ අලුත් අවුරුද්දෙ රුවන්ට අලුත්ම වැඩකටයුතුත් ඇති නේද?
අපේ විවාහ ගිවිස ගැනීමත් එක්ක ගොඩක් අය අපිට සුබ පැතුවා. ඒ හැමෝටම ස්තුතියි. මගේ අලුත් ගීත දෙකක වැඩ කටයුතුත් ඉවර කළා. මේ අවුරුද්දෙ මගේ පළමුවැනි ගීත ඇල්බම් එක රිලීස් වෙනවා. මේ අවුරුද්ද මැද හරියෙ විතර අපි ලස්සන පුංචි විවාහ සාදයක් පවත්වනවා.

ෂෙරිල්ට මොනවද විශේෂයෙන් කියන්න තියෙන්නෙ?
මං එක එක්කෙනා එක්ක යාළුයි කියල කතා හදපු අයට මේ හොඳ උත්තරයක්. මං නරක නාමයක් ගාගෙන නෑ. සමහරු ආදරය පටන් අරගෙන ටික කාලෙකින් ඉවර වෙනවා. ඒත් අපි අපේ ආදරය විවාහයක් කර ගත්තා. විවාහ ගිවිසගත් දා මාව හැඩ වැඩ කළ කොස්වත්ත සැලෝන් අයි ඉන්දිකට ස්තුති කරන්නත් මේක මං අවස්ථාවක් කර ගන්නවා.
හා: ah
 
Related Posts with Thumbnails