Ads 468x60px

.

රිසානාගේ මරණයෙන් ගමම මළගමක්‌ වෙයි..

අක්‌කා රට ගියේ තාත්තා දුක්‌ විඳිනවා බලාගෙන ඉන්න බැරි නිසයි.- රිසානාගේ මල්ලී කියයි

රිසානාට යුක්‌තිය ඉටුකිරීමට බැරි වූ රජයට විරෝධය පළ කරනවා 
- අයිතීන් උදෙසා කාන්තාවෝ
 
සෞදියේ දමාම් නගරයේ සේවය කළ රිසානා නමැති ශ්‍රී ලාංකික තරුණියගේ ගෙල සිඳ මරා දැමීමත් සමඟ කම්පාවට පත් ත්‍රිකුණාමලය, මුතූර් ඇතුළු ප්‍රදේශවල ජනතාව දහස්‌ ගණනක්‌ ඊයේ (10 වැනිදා) ඇගේ නිවසට පැමිණ ඇගේ දෙමාපියන් සහ ඥතීන්ට සිය ශෝකය ප්‍රකාශ කර තිබුණා.

ජීවිතය බේරා දෙන ලෙස මුළු ලෝකයම ඉල්ලා සිටියදී සෞදි අරාබියේ ශාරියා නීතියට අනුව මරණ දඬුවම නියම වූ රිසානා දියණිය අහිමිවීමේ ශෝකය දරාගත නොහැකිව වැළපෙන රිසානාගේ මවගේ හඬ දසත රැව් දුන්නේය.

ඇයගේ විලාපය මුළු ත්‍රිකුණාමලයම කම්පා කරවූයේය. එම නිවසට පැමිණි සියලු දෙනාගේම නෙත්වලින් කඳුළු කැට කඩා වැටුණි. රිසානා ගෘහ සේවිකාවක ලෙස 2004 වසරේ සෞදි අරාබියට ගියේ තම පවුලේ දිළිඳුකම නිසාය. එවකට ඇය 17 හැවිරිදි වියේ පසු වූවාය. සෞදියේදී ඇය බලාගත් දැරියට
කිරි පෙවීමට යැමේදී කිරි පිට උගුරේ සිර වී දැරිය මියගියාය. මේ මරණය ගැන රිසානා සෞදි පොලිසියට කටඋත්තරයක්‌ද දී තිබිණි.
නමුත් භාෂාමය ප්‍රශ්න මත ඇයගේ කටඋත්තරය වැරැදි ලෙස ලියාගත් සෞදි පොලිසිය ඇයට කළ බලපෑම් පිළිබඳවද පසුව වාර්තා විය.

මේ මරණය පිළිබඳ නඩු විභාගයෙන් පසු සෞදි අධිකරණය මගින් රිසානාට මරණ දඬුවම ලබාදෙන ලදී. විවිධ පුද්ගලයින් ඉල්ලීම් කළත් සෞදි නීතියට අනුව ඇයට සමාවක්‌ නොලැබුණි.

රිසානාගේ නිවසට යන ඕනෑම කෙනෙකුට දක්‌නට ලැබෙන්නේ දරුවන් සිව්දෙනකු සමඟ දිළිඳු පැල්පතක කටුක දිවියක්‌ ගෙවන දරු පවුලකි.




මුතුර් සාෆ්නගර් ප්‍රදේශයම මේ වන විට එකම මළ ගමක්‌ වී ඇත. රිසානාගේ මව ෆරිනා හෂික්‌ (43) අප සමඟ පැවසුවේ තම දියණිය රිසානා ගෙනත් දෙන බවට හැමෝම තමන්ව රැවටූ බවයි. අඩුම ගණනේ තම දියණියගේ මළ කඳවත් ගෙනත් දෙන්නැයි ඇය ආයාචනා කර සිටින්නීය.

රිසානාගේ පියා උණ රෝගය වැළඳී මීට දින කීපයකට පෙර සිට මුතුර් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. ඇයගේ එකම මල්ලී වන එස්‌. රි
ෆ්කාන් අප සමඟ මෙසේ පැවැසීය.


මගේ අක්‌කා සෞදි යන විට මම ඉතා කුඩායි. අක්‌කව මට මතක නැහැ. අක්‌කා රට ගියේ තාත්තා දුක්‌විඳිනව බලන් ඉන්න බැරි නිසයි. අපි හිතුවේ අපිට අක්‌කාව දකින්න පුළුවන් වෙයි කියලා. නමුත් අක්‌කට මෙහෙම දෙයක්‌ වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. අනේ අපිට අක්‌කගේ මළකඳවත් ලබාදෙන්න උදව් වෙන්න.

අසරණ රිසානා අද ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්ය. ඒ සඳහා වගකිවයුතු රටේ ආයතන හා පුද්ගලයන් මේ අහිංසකයන්ගේ ඉල්ලීම ඉටුකරනු ඇතැයි කවුරුත් අපේක්‍ෂාවෙන් සිටිති. තවත් රිසානාලාව මෙවන් ගොදුරු නොකිරීමට බලධාරීන් වග බලාගත යුතු යෑයි රිසානාගේ නිවසේදී බොහෝ දෙනා අප සමඟ පැවසූහ.

මරණයට ගොදුරු වූ අපේ රිසානා
මේ තත්ත්වය මැද මානව හිමිකම් සංවිධාන පවසන්නේ රිසානාට මරණ දඬුවම පැමිණ වීම වැරදි ක්‍රියාවක්‌ බවයි. ඇගේ උප්පැන්න සහතිකයේ දැක්‌වෙන්නේ ඇය උපන්නේ 1988 බවයි. එහෙත් රැකියා ඒජන්සි කරු විසින් එය 1982 යනුවෙන් වෙනස්‌ කර ගමන් බලපත්‍රයක්‌ ලබා දී තිබේ.

මේ බව සෞදි බලධාරීන් දැන සිටි බවද දක්‌වන මානව හිමිකම් නිලධාරීන් එම තත්ත්වය මත රිසානාට මරණ දඬුවම පැමිණ වීමම නීති විරෝධී ක්‍රියාදාමයක්‌ බව පැවසීය. සෞදි අධිකරණය රිසානා වැඩිහිටියකු නොව දැරියක්‌ බවට විමර්ශනයක්‌ද කර නැතැයි තවදුරටත් අනාවරණය වේ.

සිව් මස්‌ වියෑති දරුවකුගේ උගුරේ කිරි සිරවී මිය යැම සම්බන්ධයෙන් 2005 දී අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක්‌ වූ රිසානා නෆික්‌ තරුණියව පෙරේදා සෞදි බලධාරීන් විසින් හිස ගසා මරා දමනු ලැබීය. 

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ සේෆර් වර්ල්ඩ් වුමන් සංවිධානයේ ප්‍රධානීන් ක්‍රීස්‌ ක්‌වුස්‌ට්‌ටාෆ් පැවසූවේ සිදු වූ බව කියන මේ අපරාධකාරී ක්‍රියාව සමයේ රිසානාගේ වයස 17 ක්‌ බවයි. සෞදි බලධාරීන් ඒ බව දැන සිටි බව පවසන ක්‌වුස්‌ට්‌ටාෆ් දැන දැනම සෞදි රජය ඇයව මරා දැමූ බව පළ කළේය. 

ඇයට විරුද්ධව පැවැති නඩු විභාගයේදී නීතිවේදීන්ට පෙනී සිටීමට අවසර ලැබුණේ නැත. පාපොච්චාරණය සකස්‌ වූයේ අරාබි භාෂාවෙනි. එම පාපොච්චාරණයේ ඇත්තේ කුමක්‌දැයි ඇය දැන සිටියේ නැත.  

කෙසේ වෙතත් රිසානා නෆික්‌ව ඝාතනය කිරීම සම්බන්ධව ඇමිනෙස්‌ටි ඉන්ටනැෂනල් සහ හියුමන් රයිට්‌ස්‌ වොච් යන මානව හිමිකම් සංවිධාන පැවසූවේ සෞදි රජය ජාත්‍යන්තර ළමා ආරක්‍ෂක සම්මුතිය උල්ලංඝනය කළ බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සෞදි රජය පරස්‌පර විරෝධී ප්‍රකාශ කර තිබුණි. 

මේ වසරේ ජනවාරි මාසයේදී සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ පැවසූවේ. දරුවාගේ මව සමග රිසානා ඇති කර ගත් අර්බුදයක්‌ නිසා ළදරුවා මරා දමා ඇති බවයි. එසේ වූවත් පසුව එම අමාත්‍යාංශයට පැවසූවේ රිසානා ළදරුවාට කිරි පොවා ඔහුව මැරූ බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් නිසි සාක්‍ෂියක්‌ද නැත. 

රිසානාට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සවුදි මහජන සංනිවේදන අධ්‍යක්‍ෂක ජනරාල් අන්සුල් ජහාන් පැවසූවේ සෞදි වේලාවෙන් දවල් 11.40 ට දවාදමී බන්ධනාගාරයේදී ඇයට මරණ දඬුවම පැමිණ වූ බවයි.

ඒ සඳහා නියෝග කර ඇත්තේ සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයයි. මේ අමාත්‍යාංශය බාරව ක්‍රියා කරන්නේ මොහොමඩ් බින් නයා
ෆ් බින් අබ්දුල් අසීස්‌ යෑයි අනාවරණය වී ඇත. සෞදි අරාබියාවේ ශරියා නැමැත නීතිය යටතේ රිසානාට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇතැයි දැන් සනාථ වී තිබේ. 

අධිකරණය විසින් මරණ දඬුවම ස්‌ථීර කර පැය දෙකක්‌ ගත වීමට මත්තෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ඇයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගය නිකුත් කර ඇත. රිසානාට අභය දානය දෙන්නැයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ මානව හිමිකම් සංවිධානය සෞදි රජයෙන් කළ ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

ඇයට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව සෞදි බලධාරීන් කල් තියා ශ්‍රී ලංකා රජයට දැනුම් දී නොතිබූ බව වාර්තා විය. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ ළමා හිමිකම් ප්‍රඥප්තිය සෞදි බලධාරීන් විසින් කඩකර ඇති බවයි.

සෞදි අරාබියාවේ ශරියා නීතියේ අඩුපාඩු කම් රැසක්‌ ඇති බවද එකී සංවිධාන තවදුරටත් කියා සිටී. තම දියණියව බේරා ගැනීමේ අරමුණින් රිසානාගේ මව්පියන් ළදරුවාගේ මව්පියන් වෙත ලිපියක්‌ ද යවා තිබූ බව අනාවරණය වී විය. 


එහෙත් එම ලිපියට ද නිසි ප්‍රතිචාරයක්‌ ලැබී නැත. අභයදානය දෙන්නැයි ජාත්‍යන්තර ප්‍රජාව විසින් සෞදි රජු අබ්දුල් බින් අබ්දුල් අසීස්‌ වෙත කරන ලද ඉල්ලීමටද සවන් දී නැත. 

මේ අතර රියාද් නුවර පදිංචි ශ්‍රී ලාංකික දන්ත වෛද්‍යවරියක වන කිෆ්යා ඉෆ්තිකාර් පැවසුවේ තමා රිසානාව බැලීමට බන්ධනාගාරය වෙත ගිය බවත් ඇය තමාට හිමිවන ඉරණම ගැන දැන සිටියේ නැති බවත්ය. ශ්‍රී ලංකාවට ගොස්‌ තම මව්පියන් සමග එක්‌ වීම රිසානාගේ බලාපොරොත්තුව වී තිබූ බවද ඉෆ්තිකාර් මහත්මිය තවදුරටත් කියා සිටියාය.

මේ පසුබිම මැද රියාද් නුවර සිටින ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝජිත මසූර් මවුලානාගේ බිරියද ළදරුවාගේ දෙමව්පියන් වූ නයි
ෆ් ජිසාන් යුවළ හමු වී රිසානාට සමාව දෙන ලෙසද ඉල්ලීමක්‌ කර තිබේ. එහෙත් ඊටද නිසි ප්‍රතිචාරයක්‌ ලැබී නැත. 

මේ තත්ත්වය මැද මානව හිමිකම් සංවිධාන පවසන්නේ රිසානාට මරණ දඬුවම පැමිණ වීම වැරදි ක්‍රියාවක්‌ බවයි. ඇගේ උප්පැන්න සහතිකයේ දැක්‌වෙන්aනේ ඇය උපන්නේ 1988 බවයි.

එහෙත් රැකියා ඒජන්සි කරු විසින් එය 1982 යනුවෙන් වෙනස්‌ කර ගමන් බලපත්‍රයක්‌ ලබා දී තිබේ. මේ බව සෞදි බලධාරීන් දැන සිටි බවද දක්‌වන මානව හිමිකම් නිලධාරීන් එම තත්ත්වය මත රිසානාට මරණ දඬුවම පැමිණ වීමම නීති විරෝධී ක්‍රියාදාමයක්‌ බව පැවසීය. 


සෞදි අධිකරණය රිසානා වැඩිහිටියකු නොව දැරියක්‌ බවට විමර්ශනයක්‌ද කර නැතැයි තවදුරටත් අනාවරණය වේ. එහිදී ඔවුන් අනුගමනය කර ඇත්තේ පොලිසිය විසින් යොමු කළ පාපොච්චාරණයයි. මේ පාපොච්චාරණය වැරදි යයි රිසානා කළ ප්‍රකාශයද අධිකරණය පිළිගෙන නැත. 

එසේම රිසානාගේ පාපොච්චාරණය අරාබි භාෂාවෙන් ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කළ පුද්ගලයාට භාෂා පරිවර්තනය පිළිබඳව හැකියාවක්‌ නොතිබූ බවද පසුව අනාවරණය විය. අධිකරණය විසින් රිසානාට මරණ දඬුවම නියම කිරීමට පෙර මේ අපූරු භාෂා පරිවර්තකයා සෞදි අරාබියාවෙන් පිටව ගොස්‌ ඇත.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් සෞදි බලධාරීන් රිෂානා වෙනුවෙන් පෙනී සිටීමට අවසර නොදුන්නේ මන්ද යන්නයි. ඇය පසුව පැවසූවේ සෞදි පොලිසිය තමාට ශාරීරික ප්‍රහාරයක්‌ එල්ල කර එකී පාපොච්චාරණය ලබා ගත් බවයි. ළදරුවා මිය ගියේ බෝතලයෙන් දිගටම කිරි බීමට තැත් කිරීමෙන් යෑයිද රිෂානා පසුව කියා සිටියාය. 


රිසානාට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පර්යේෂිකාවක්‌ වූ නීෂා වාරියා පැවසූවේ ශරියා නීතිය යටතේ ළමුන් වරදක්‌ කළත් සෞදි අරාබියාව විසින් මරණ දඬුවම පමුණුවන බවයි.

මේ අතර ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අධ්‍යක්‍ෂක පිලිප් ලූතර් පැවසූවේ රිසානාට මරණ දඬුවම පැමිණ වීමට පෙර තම සංවිධානය විසින් සෞදි බලධාරීන් වෙත සන්දේශයක්‌ යවමින් ඇය වෙනුවෙන් නීතිවේදීන්ට පෙනී සිටීමට අවසර ලැබී නැති බවත් ඒ නිසා මරණ දඬුවම කල් දමන්නැයි ඉල්ලා සිටි බවත් පළ කළේය. ඇමිනෙස්‌ටි සංවිධානයේ එම ඉල්ලීමටද සෞදි බලධාරීහු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.

නිව්යෝක්‌ නුවර හියුමන් රයිට්‌ස්‌ සංවිධානය පැවසූවේ ළදරුවාගේ දෙමාපියන් සහ සෞදි සහජීවන කමිටුව අතර යම් විසඳුමක්‌ ඇති කර ගන්නා තුරු මරණ දඬුවම පැමිණ වීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා රජයද ඉල්ලා සිටි බවයි. 


මෙයට පෙර සෞදි අරාබියාවේ සිදු වූ අපරාධයක්‌ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු ගෘහසේවිකාවකටද මරණ දඬුවම නියම විය. එහිදී ඉන්දුනිසීයානු රජය ඩොලර් පන් ලක්‍ෂ තිස්‌හතර දහසක්‌ සෞදි පවුලට ගෙවා ගෘහසේවිකාව මුදා ගත්තාය. 

ඒ සඳහා එකඟතාවයක්‌ ඇති කර ගැනීමට ඉන්දුනිසියානු බලධාරීන් කළ ඉල්ලීමට ද සෞදි බලධාරීන් කැමැත්ත පළ කර තිබූ බව වාර්තා විය. එහෙත් රිසානා නෆ්ක්‌ගේ සිද්ධියේදී සෞදි රජය අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතකි.

එලෙස ළදරුවාගේ පවුලේ අයට මුදල් ගෙවා රිසානා මුදා ගැනීමට කාලය පවා ලබා දී නැත. මින් සනාථ වන්නේ සෞදි බළධාරීන්ගේ ම්ලේච්ච පිළිවෙතයි. තාලිබාන් ත්‍රස්‌තවාදීහු ශරියා නීතිය යෑයි කියමින් පකිස්‌තානයේ ස්‌වැට්‌ ප්‍රාන්තයේ මලාලා යුසුප්සායි දැරියව ඝාතනය කිරීමට උත්සාහ කළේය. 


ඊට සමගාමීව තවත් කාන්තාවට වෙඩි තබා මරා දැමීය. පරවියන් ඇති කළ පිරිසකටද ශරියා නීතිය යටතේ තාලිබාන් ත්‍රස්‌තවාදීහු වෙඩි තබනු ලැබීය.මේ නීති සමුදාය ජාත්‍යන්තර නීතියට අනුකූල නොවේ. මේ අතර විදෙස්‌ මාධ්‍ය පවා ප්‍රශ්න කරන්නේ සෞදි අරාබියාව එක්‌සත් ජාතීන්ගේ ළමා හිමිකම් ප්‍රඥප්තිය අනුමත කර ඇත්නම් රිසානාට මරණ දඬුවම නියම කළේ කෙසේ ද යන්නයි.

මෙය මුළුමනින්ම එම ප්‍රඥප්තිය බිඳ දැමීමකි. 2010 දී විදේශ වාර්තාකරුවකු වූ රිසානා උපන් මුතූර් ගම්මානයට ගොස්‌ විමර්ශනයක්‌ පවත්වා ඇත. එහිදී රිසානා ඉගෙනුම ලැබූ පාසලටද ගිය එම වාර්තාකරු පාසලේ ලියාපදිංචි ලේඛනයේ ඇත්තේ රිසානා 1988 උපත ලැබූ තැනැත්තියක්‌ බවට සනාථ කළේය. 


එහෙත් මේ නිවැරදි තොරතුරු පිළිගැනීමට සෞදි රජය ක්‍රියා නොකළේ මන්ද? මේ නිසා පැහැදිලි වන්නේ සෞදි අරාබියාවේ ක්‍රියාත්මක වන ශරියා නැමැති අන්තවාදී ම්ලේච්ජ නීති සමුදායට ඇයද ගොදුරු වූ බවයි.

මෙහිදී තවදුරටත් වාර්තා වූ සිද්ධියක්‌ නම් මේ ශරියා නීති රීති යටතේ ළමුන්ද වැඩිහිටියන් ලෙස සැළකීමට විනිසුරුවන්ට බලතල හිමි වී ඇති බවයි. හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය පවසන්නේ සෞදි අධිකරණය විසින් අවුරුදු 13 වියෑති ළමුන්ට පවා මරණ දඬුවම නියම කර ඇති බවයි.


මේ නීතිය නිසා අහිංසකයන්ද මරණ දඬුවමට ලක්‌ වන බවද හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය තවදුරටත් කියා සිටී. 2012 දී සෞදි අරාබියාව තුළ 69 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත.

රිසානාගේ පවුලට නව නිවසක්‌ 
සෞදියේදී ගෙල සිඳ මරා දමන ලද රිසානා නෆ්ක්‌ගේ දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට ත්‍රිකුණාමලයේ මුතූර්හි නව නිවසක්‌ ඉදිකරදීමට මහනුවර මහ නගර සභාවේ අවධානය යොමුවී තිබේ.

මහනුවර මහ නගර සභාවේ නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ මූලිකත්වයෙන් මෙලෙස රිසානා න
ෆ්ක්‌ගේ පවුල සඳහා නව නිවසක්‌ ඉදිකරදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙයි.

නිවස ඉදිකරදීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් වූයේ මහනුවර හිටපු පුරපති වත්මන් නාගරික මන්ත්‍රී (එජාප) රාජා පුෂ්පකුමාර මහතාගෙන් බව මහනුවර නියෝජ්‍ය පුරපති සේන දිසානායක මහතා පැවැසීය.

මහනුවර දුම්බර සිංහ සමාජයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයකු වූ රාජා පුෂ්පකුමාර මහතා රිසානා පවුලට නව නිවස ඉදිකර දීමේදී සිංහ සමාජ ඇතුළු ප්‍රජා සංවිධානවල දායකත්වයද ලබාගැනීමට අපේක්‍ෂා කරයි.


රිසානාට යුක්‌තිය ඉටුකිරීමට බැරි වූ රජයට විරෝධය පළ කරනවා
- අයිතීන් උදෙසා කාන්තාවෝ


රිසානාට යුක්‌තිය ඉටු කිරීමට අපොහොසත් වූ රජයට තම විරෝධය පළ කරන බවත් තවත් රිසානා කෙනකුගේ ගෙල සිඳෙන තුරු බලා නොසිට කාන්තාවන් ලෙස ජීවිත ආරක්‍ෂා කර ගැනීමටත් යුක්‌තිය දිනා ගැනීමටත් පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටින බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය නිකුත් කර ඇත.

එහි මෙසේද දැක්‌වේ. වසර 6 කට ආසන්න කාලයක්‌ සෞදි අරාබියේ දමාම් සිරගෙදර සිර අඩස්‌සියේ පසු වූ රිසානා න
ෆික්‌ නමැති ශ්‍රී ලාංකික දියණියගේ හිස ගසා දැමීම සෞදි අරාබි රජය විසින් 2013 ජනවාරි 09 දා දහවල් 11.40 ට සිදුකරන ලදී. 

ඇයට නියමවූ මරණ දඬුවමට එරෙහිව අයිතීන් උදෙසා කාන්තාවෝ ලෙස අප පසුගිය කාලයේදී උද්ඝෝෂණ, පෙළපාලි පවත්වමින් රජයට බලපෑම් කළේ රිසානා දියණිය බේරා ගැනීමට වහාම මැදිහත්වන ලෙසටය.

එහෙත් කටින් බතල හිටවන විදේශ ඇමැති සහ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම අවශ්‍ය ප්‍රමාණයට සිදු නොවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස රිසානා දියණියට මරණය කැන්දන් ඒමට රජය කටයුතු කර ඇත.

රිසානාට යුක්‌තිය ඉටුකිරීමට නොහැකි වූ ආණ්‌ඩුවට අපේ විරෝධය පළ කරන අතර තවත් රිසානා කෙනකුගේ ගෙල සිඳෙනතුරු බලා නොසිට කාන්තාවන් ලෙස සිය ජීවිත ආරක්‍ෂා කර ගැනීමටත් යුක්‌තිය දිනා ගැනීමටත් කටයුතු කිරීමට පෙළගැසෙන ලෙසට අපි ඉල්ලා සිටිමු.
 

රිසානාගේ මරණයේ ප්‍රධාන වගඋත්තරකරු
ධනපති ක්‍රමය රකින රාජපක්‍ෂ පාලනයයි

- ජ. වි. පෙ. නිවේදනය කරයි


රිසානා තරුණියගේ මරණයේ ප්‍රධාන වගඋත්තරකරු ධනපති ක්‍රමය ආරක්‍ෂා කරන මහින්ද රාජපක්‍ෂ පාලනය බව ජනතා විමුක්‌ති පෙරමුණ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

රිසානාගේ මරණයේ ප්‍රධාන වගඋත්තරකරු වන්නේ, ඇගේ පවුලේ අය ඇතුළු ශ්‍රී ලංකාවේ පවුල් ලක්‍ෂ 40 ක්‌ ගිල්වනු ලැබ ඇති දරිද්‍රතාවයයි. ඒ දරිද්‍රතාවය ගෙන ආ ධනපති ක්‍රමය ආරක්‍ෂා කරන මහින්ද රාජපක්‍ෂ පාලනයයි.

එයට ඇති විසඳුම ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් එජාපයත් ඒ පක්‍ෂවලට සහාය දෙන පක්‌ෂත් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අවම කිරීම සඳහා යයි කියමින් තෝරාගෙන ඇති ක්‍රියාමාර්ගයක්‌ වන්නේ වහල් සේවය සඳහා කාන්තාවන් පිටරට පැටවීමයි. 


සොච්චම් වැටුපක්‌ වෙනුවෙන් මේ කාන්තාවන් තම පවුල් ජීවිතය ද තම දූ පුතුන් ද වසර ගණනාවකට හෝ අතහැර යන්නේ එජාප, ශ්‍රීලනිප පාලනයන් විසින් අනුගමනය කරන ලද හා ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී මෙන්ම අමානුෂික ප්‍රතිපත්ති හේතුකොට ගෙනය. 

රාජපක්‍ෂ ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි රැකියා විරහිත තරුණ තරුණියන්ට සහන සැලසීමට කිසිසේත්ම සමත් වී නැති නිසාය. රැකියා විරහිත ජනතාවට ගරු කටයුතු රැකියා සපයා වහාම සහන සලසන ලෙස අපි ජනාධිපතිවරයාටත් ආණ්‌ඩුවටත් බල කරමු.

රිසානා තරුණිය සෞදි අරාබියේදී ගෙල සිඳ දැමීමට ලක්‌වීම පිළිබඳ වරදට වගකිවයුතු අය අතර ජනාධිපතිවරයා හා ආණ්‌ඩුව ඉදිරියෙන්ම සිටී. රිසානා තරුණියගේ මවට, පියාට හෝ ඥතීන්ට කිසියම් මුදලක්‌ පිරිනමා එම පවුලේ අයද පොදුවේ ජනතාවද මුළා කිරීමට උත්සාහ නොගත යුතු බවද අපි අවධාරණය කරමු.



රිසානා

රිසානාගේ පියා

රිසානාගේ මව
 
Related Posts with Thumbnails