Ads 468x60px

.

මහින්ද රාජපක්ෂ ඉන්න තුරු මං මේ ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැහැ - මර්වින්

ගැහුවත් බැන්නත් මං එතුමා පසුපසම ඉන්නවා...

මම මැරුණයින් පස්සේ නිවන් දකින්න ආසාවක් නැහැ... 

දිව්‍ය ලෝකේ යන්න තමයි කැමති...

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා සෑම විටම රට තුළ සිදු වූ විවාදපන්න සිද්ධීන්වලදී ඉදිරියෙන්ම සිටි චරිතයකි. ඔහු කේන්ද්‍ර කරගෙන කාලයෙන් කාලයට අලූත් ප‍්‍රවෘත්තීන් නිර්මාණය වන්නේ කවුරුන් නොසිතන ආකාරයටය. මේ අදහස් දැක්වීම අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ය.

ඇයි ඔබ දේශපාලනයට ආවේ?
මගේ තාත්තා ඞී.ඒ. රාජපක්ෂ මහතා සමඟ ළඟින්ම දේශපාලනය කරපු කෙනෙක්. මා ඉතින් ඒ තාත්තාගේ පුතා විදියට දේශපාලනයට එන්නේ නැතුව වෙන මොනවා කරන්නද?


ඔබ දේශපාලනයට එන්න ඇත්තේ මොකක් හරි අරමුණක් ඇතිවනේ. ඒ අරමුණ ඉෂ්ඨ වුණාද?
දැන් ගිහි අය මහණ වෙන්නේ ඇයි? බුද්ධ ශාසනය වෙනුවෙන් සේවය කරන්නනේ. ඒ වගේ මං දේශපාලනයට ආවේත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න.

දේශපාලනඥයෙකු නොවුණා නම් ඔබ කවුරු වේවිද?
මම සතොස ආයතනයේ රැකියාවක් කරපු කෙනෙක්. සමහර විට ඒකම කරගෙන ඉඳියි.

දේශපාලනඥයන්ට පක්ෂ මාරු කිරීමට තිබෙන නිදහස ගැන ඔබෙන් ඇහුවාට වරදක් නැහැ?
සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන කොට ඉන්දියාවේ තිබුණේ බුද්ධාගම නෙවේනේ. ඊට පස්සෙනේ බුද්ධාගම නිර්මාණය වුණේ. තමන්ට කැමැති නම්  ඕනෑම කෙනකුට ආගම මාරු කරන්නත් පුළුවන්. ඒවා මනුස්ස තීන්දු. දේශපාලනයේදීත් එහෙමයි.

ඇමැතිවරුන් කියලා වෙනම විනෝදාංශ තිබෙනවාද?
මගේ ලොකුම විනෝදාංශය තමයි ජනමාධ්‍යයෙන් වැඩියෙන්ම බැනුම් අහල ඉන්න එක. සමහරු මං ගැන කියන බොරු අහලා මමම ඇති තරම් හිනාවෙනවා.

පොත් කියවන්න වේලාවක් තිබෙනවාද?
අවශ්‍ය පොත් පමණක් කියවනවා.

මොනවද අවශ්‍ය කරන පොත්?
සමාජයට පණිවිඩයක් දෙන පොත්. මේ දවස්වල මම කියවන්නේ මුනිදාස කුමාරතුංගයන්ගේ පොතක්. පියදාස සිරිසේනගේ පොත් කියවන්න, ධම්මපදය ජාතක කතා පොත් වහන්සේ කියවන්න මම හරි කැමතියි.

විවේකයක් ලැබුණාම ටෙලි නාට්‍ය, චිත‍්‍රපට බලනවාද?
ඔව් මගේ විනෝදාංශයක් තමයි ටෙලි නාට්‍ය බැලීම. කිසිම වර්ග කිරීමකින් තොරව ඉඩ තියෙන වෙලාවට ඒවා බලනවා. ගමේ ඉන්න කාලේත් මං චිත‍්‍රපටි බැලූවා.

අන්තිමට බැලූ චිත‍්‍රපටිය මොකක්ද?
සුනිල් ටී. ප‍්‍රනාන්දු නිෂ්පාදනය කළ ‘‘ජීවිතය ලස්සනයි’’ චිත‍්‍රපටිය මං කැමතිම නළුවෙක් වෙන රංජන් රාමනායක රඟපෑ නිසා මං ආසාවෙන් බැලූවා.

රන්ජන් ඔබේ ප‍්‍රියතම නළුවාද?
නැහැ. මගේ පි‍්‍රයතම නළුවන් වුණේ ගාමිණී, විජය, ජෝ ඔවුන් ජීවතුන් අතර නැහැ. දැන් පි‍්‍රයතම නළුවා රවින්ද්‍ර රන්දෙණිය.

දේශපාලනඥයෙක් වෙලා ඔබ කරපු වැඩ අතරින් ප‍්‍රධාන වැඩ තුනක් කියන්න.
මම කැලණියට එනකොට මිනිස්සු අසූචි වතුර වල ඇවිදිනවා. ඒක මං නැති කළා. කැළණි වෛත්‍යයේ හුණු ආලේප කළා. කෙළින් කරන්න බැරි වංගු හා කඩන්න බැරි තාප්ප කඩලා දේව¥ත පෙරහැර යන පාර සකස් කළා.

වැඩවලින් විවේකයක් ලැබුණම සංචාරවල එහෙම නිරත වෙන්නේ නැතිද?
මට නම් විවේකයක් ලැබෙන්නේ මැරුණාම තමයි.

දේශපාලඥයන්ට හොඳට හම්බ කරන්න පුළුවන් කියන කතාව ඇත්තද?
දේශපාලනය විතරක් නෙවෙයි.  ඕනෑම ක්ෂේත‍්‍රයක  ඕන නම් හම්බ කරන්න ක‍්‍රම තිබෙනවා.

ඔබ නිතරම මාධ්‍ය මගින් හයිලයිට් වෙන්න හේතුව මොකක්ද?
මට එහෙම උවමනාවක් නැහැ. ‘‘මාධ්‍ය සරණං ගච්ඡමි’’ කියන ශික්ෂා පදය මං සමාදම් වෙන්නේ නැහැ.

දුටු ගැමුණු රජතුමාට ඔබගේ නෑකමක් තියෙනවා කියන කතාව ඇත්තක්ද?
ඒකත් ඔය මාධ්‍ය මඟින් හඳපු කතාවක්. මං දුටුගැමුණු රජතුමාට කැමතියි. ඔහුත් රුහුණේ මාත් රුහුණේ. ලංකාවේ වැඩිපුරම මිනිස් ඝාතන කළේ ඔහු. ඒත් අද ඔහු ඉන්නේ දිව්‍ය ලෝක්.

මේ ආණ්ඩුවෙන් යන්න වුණොත් ඊළඟට මොකද කරන්නේ?
මහින්ද රාජපක්ෂ ඉන්න තුරු මං මේ ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැහැ. ගැහුවත් බැන්නත් මං එතුමා පසුපසම ඉන්නවා.

සමහරු කියනවා ඔබ කොතරම් වැරදි කළත් ජනපතිතුමා මුකුත් කියන්නේ නැහැ කියලා. ඒ ඇයි?
මං මොනවද කරන වැරැදි. මං අනුන්ගේ දේවල් අරන් තියෙනවාද? ස්තී දුෂණ කරලා තියෙනවාද. වැරැදි කළා නම් මට එහෙම ආරක්ෂා වෙන්න උවමනාවක් නැහැ.

ඔබ කැමති දේශපාලඥයා කවුද?
ඞී.ඒ. රාජපක්ෂ මැතිතුමා

ඇයි?
මගේ තාත්තාගේ දේශපාලන සම්බන්ධතාව උඩ ඔහු මට රක්ෂාව දුන්නා. අද මං මැති ඇමැතිකම් දරන්නේ ඒ නිසා.

අද පවතින දේශපාලන සංස්කෘතිය පිළිබඳ ඔබේ අදහස?
නිදහස් නිවහල් රටක ජනපතිතුමා යටතේ හැමෝම නිදහසේ ජීවත් වන වටපිටාවක් තිබෙන්නේ.

කවුද ආසම කරන ගායක ගායිකාවෝ
ජෝතිපාල, මොහිදින් බෙග්. දැන් ඉන්න අයගෙන් ගොඩක් සිංදුවලට ආසයි

ඔබේ ජීවිතයේ අවසාන ඉලක්කය මොකද්ද?
මං මැරෙන දවසට කාටවත් දැනගන්න නැති වෙන්න  ඕනේ. මං ගෙදරටත් කියලා තියෙන්නේ එහෙමයි. මම මැරුණයින් පස්සේ නිවන් දකින්න ආසාවක් නැහැ. දිව්‍ය ලෝකේ යන්න තමයි කැමති.
 
Related Posts with Thumbnails