Ads 468x60px

.

රිසානාට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් රන්ජන් කතා කරයි...

ෂරියා නීතිය මෘග නීතියක්, බෙලි කපලා ගල් ගහලා මරනවා, අත පය කපනවා...

ළදරුවෙකු ඝාතනය කිරීමේ චෝදනාව පිට සෞදි අරාබියේදී බන්ධනාගාරගතව සිටි ශී‍්‍ර ලාංකික බාලවයස්කාර දැරියක් වූ රිසානා නෆීක්ට එරට රජය මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් මෙරට රජය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා පවසනවා.

‘නබිනායකවරයා ලෝකයට හොඳ දෙයක් දේශනා කළ ආගමික නායකයෙක්. ඔහු දෙසුව ධර්මය විකෘති කරගෙන තමන්ගේ වාසියට හරවාගෙන සෞදි අරාබිය පාවිච්චි කරනවා. නබිනායකවරයා හැමදාම දේශනා කළේ වහල් සේවයට විරුද්ධවයි. 


එතුමා කිව්වේ සියලූ දෙනාටම එකම අයිතියක් මත එක හා සමානව සැලකිය යුතු බවයි. රජවරුන්, රැජිනන්, කුමර කුමාරියන් ගැන එතුමා කතා කළේ නැහැ. නමුත් සෞදි අරාබියේ කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් කි‍්‍රයාවලියක්.

ෂරියා නීතිය කි‍්‍රයාත්මක කරමින් මෘග ගෝති‍්‍රක නීතියක් ලෙස කි‍්‍රයාත්මක කරනවා. බෙලි කපලා, ගල්වලින් ගහලා මරලා, අත පය කඩා බිඳ දමලා කරන මේ මෘග පිළිවෙත

දියුණු සමාජය අනුමත කරන්නේ නැහැ. මේ රටේ නායකයන් බලධාරීන් දැව්වත් මේ ගැන හිතන්නට  ඕන. සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් ලෙස අපේ රටේ කාන්තාවන් නොයැවීමට දැන්වත් මේ අය යොමුවිය යුතුය.

රිසානා ගැන ඇතැම් මාධ්‍ය වැරදි අර්ථ කතනයෙන් දෙනවා. ඇය ගෘහ සේවිකාවක් ලෙස හැඳින්වීම වැරදියි. ඇය පාසල් ශිෂ්‍යාවක්. ඇය ඉපදුනේ 1988 දී නමුත් රැකියා ඒජන්සිය 1982 කියල බොරු වයස දමා විකෘති කරලා සෞදියට යවනවා.  ඕමාර් ට‍්‍රැවල්ස් රැකියා ඒජන්සියේ තැරැව්කාරයන් තමයි ඇය මේ විදියට රට යැව්වේ.’ යයිද ඔහු සඳහන් කරනවා.


එහි සවිස්තර වාර්තාවක් පහතින්.

 
 
Related Posts with Thumbnails