Ads 468x60px

.

ඇපෙන්ඩිසයිටිස්‌ට්‌ වලට කරපු ඔපරේෂන් එකෙන් කටානේ තුසිත මියගියේ වෛද්‍යවරුන්ගේ වරදින්ද

මල්ලියා ශල්‍යාගාරය තුළට ගියේ හොඳට හිනා වෙවී...

මරණය ගැන අපට සැකයි සාධාරණ පරීක්‍ෂණයක්‌ කරන්න - මියගිය කටානේ තරුණයාගේ සොයුරිය කියයි

මාත් එක්‌ක හොඳට කතාකර කර හිටිය මගේ සුදු මල්ලියා ශල්‍යාගාරය තුළට ගියේ හොඳට හිනා වෙවී. කතා කර කර. ඒ අපේ ගෙදර මිණි පහන මේ අන්දමින් අවාසනාවන්ත ලෙස අකාලයේ අමුඅමුවට තුරුණු දිවියෙන් සමුගනීවි යෑයි අපි කිසිවෙක්‌ හීනෙකින්වත් හිතුවේ නෑ. 

කාගෙත් හිත් දිනාගත් මල්ලියා පල්ලියේ මෙන්ම ගමේ පොදු කටයුතුවලට පුදුම කැමැත්තක්‌ දැක්‌වූවා. හැමෝගෙම හිත දිනාගෙන හිටියා. මගේ රත්තරන් මල්ලියාට සිදුවූ දේ මේ රටේ වෙනත් කිසිවකුටවත් සිදුවන්න නම් එපා.  

මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ හෙද නිලධාරිනියක් වන ඇපෙන්ඩිසයිටිස්‌ට්‌ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු මියගි කටානේ තුසිත සතිස්‌චන්ද්‍රගේ සොයුරිය එසේ පැවසුවා.

මේ මරණය පිළිබඳව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වා වැරදිකරුවන්ට නීත්‍යානුකූල දඬුවම් ලබා දෙන මෙන් මම රජයෙන් ඉල්ලා සිටින්නේ යෑයි වර්ණකුලසූරිය සන්ධ්‍යා දර්ශනී මහත්මිය ඉල්ලා සිටියා.

නො(130/ඒ, ජයලත් මාතා මාවත, බටහිර කටාන, කටාන ලිපිනයේ පදිංචිව සිටි වර්ණකුලසූරිය තුසිත සතිස්‌චන්ද්‍ර පෙරේරා අවුරුදු 23 තරුණ මහතාගේ හදිසි වියෝවෙන් පසු මාධ්‍යයට කරුණු දක්‌වමින් ඔහුගේ වැඩිමල් සොයුරිය (මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ හෙද නිලධාරිනී) සන්ධ්‍යා දර්ශනී මහත්මිය
මෙසේද ප්‍රකාශ කළා.
 

මම පවුලේ වැඩිමලා. මල්ලි දෙවැන්නා. ජයනි චතුරිකා නංගි. ඇය තවමත් පාසල් යනවා. ඉගෙන ගන්නේ දන්කොටුව බාලිකාවේ. මල්ලි පවුලේ එකම පිරිමියා. පසුගිය 07 දා සවස 6.00 ට 6.30 පමණ වැඩ ඇරී ඇවිත් බඩේ කැක්‌කුමයි කිව්වා. 

කොච්චිකඩේ වෛද්‍යවරයකු ළඟට ගෙනිච්චා. බේත් කරලක්‌ ශරීරගත කරන්න දුන්නා. මල්ලිව ඉක්‌මනින්ම රජයේ රෝහලක්‌ වෙත ගෙනියන්න උපදෙස්‌ දුන්නා. පැය 1/2 ක්‌ ඇතුළත මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලට ඇතුළු කළා. 

වෛද්‍යවරුන් හොඳින් පරීක්‍ෂා කර බැලුවා. ඔහු උණ්‌ඩුකපුච්ච ප්‍රදාහයෙන් (ඇපෙන්ඩිසයිටිස්‌ට්‌) පෙළෙන බව කිව්වා. ශල්‍යකර්මයක්‌ කළ යුතු බව කීවා. එය හදිසි නොමැති බවත් පසුවදා කිරීම ප්‍රමාණවත් බවත් දැන්වූවා.

2013/01/10 දා උදේ 8.30 ට පමණ මල්ලිව ශල්‍යාගාරය තුළට ගෙනිච්චා. ශල්‍යකර්මය ඉතා සාර්ථක බව වෛද්‍යවරු මට දැන්වූවා. නමුත් මට ඇතුළට යන්න ඉඩ දුන්නේ නෑ.

ශල්‍ය වෛද්‍යවරයා, නිර්වින්දන වෛද්‍යවරයා සහ හෙද හෙදියන් කලබලයෙන් ඒ අත මේ අත දුවන්න ගත්තා.

නොසන්සුන් බවක්‌ දක්‌නට ලැබුණා. දැඩි සත්කාර ඒකකයට මල්ලිව දැමියයුතු බව පැවසුවා. වෙන කිසිම දෙයක්‌ කිව්වේ නෑ. මල්ලිව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළේත් නෑ.

ශල්‍යාගාරය ඇතුළේ කොනක මල්ලිව තියා තිබුණා. මගේ ඥතීන් බලෙන්ම වාගේ ශල්‍යාගාරය ඇතුළට ගියා. මල්ලිගේ කටට බටයක්‌ දමා තිබුණා. කටින් ලේ වහනය වෙමින් තිබුණා. වෛද්‍යවරුන් හෙද හෙදියන් කවුරුවත් අපි අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නේ නෑ. වෛද්‍යවරුන් නලාව සාක්‌කුවේ දමාගෙන මගහැර ගියා. අපිට මේ මරණය ගැන සැකයි.

අපිට අවශ්‍ය සාධාරණ පරීක්‍ෂණයක්‌ යෑයි ඇය වැඩිදුරටත් කියා සිටියාය. තුසිත සතිස්‌චන්ද්‍ර පෙරේරා තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 10 දා (ඊයේ) බ්‍රහස්‌පතින්දා ප. ව. 4.00 ට කටාන - බම්බුකුලිය ශු. ස්‌නාවක ජුවාම් මුනිඳුන්ගේ දේවස්‌ථානයට අයත් බම්බුකුලිය රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරිණි.
 
Related Posts with Thumbnails