Ads 468x60px

.

මේ සතියේ පෘථිවියේ කණ ලඟින් යන 2012 DA 14 ග‍්‍රාහකය...

පෘථිවියේ ගැටුනොත් වර්ග සැතපුම් 750 ක් සහමුලින්ම විනාශ වෙනවලු...

පෘථිවිය නියත වශයෙන්ම එයට ආසන්නයෙන් යන මීටර් 46ක් වන ග‍්‍රාහකය නිසා සිදුවන්නට යන විනාශයෙන් වැලකෙන බව නාසා ආයතනය පවසනවා. 

ස්පාඤ්ඤ තාරකා විද්‍යාඥයන් පසුගිය වසරේ මෙම ග‍්‍රාහකය සොයාගත් පසු එය පෘථිවිය හා ගැටීමෙන් TNT ටොන් මිලියන 2.4 ක් පිපිරුණු විට වැනි ශක්තියක් පිටවීමෙන් වර්ග සැතපුම් 750 ක් සහමුලින්ම විනාශ වනු ඇතැයි කියවුනා.

නමුත් බ‍්‍රහස්පතින්දා විද්‍යාඥයන් ප‍්‍රකාශ කලේ තවදුරටත් එවැනි තර්ජනයක් ගැන බියවිය යුතු නැති බවයි. නාසා ආයතනයේ පෘථිවියට ආසන්න වස්තු පිලිබඳ වැඩසටහනේ කලමණාකරු ඩොනල්ඞ් යේමන්ස් කියන්නේ ගැටීමේ සමභාවිතාවක් නැති බවත් මේ පිලිබඳ කිසිදු අනතුරු ඇඟවීමක් කර නැති අතර එසේ නොකරනු ද ඇති බවයි.

එසේම නියත වශයෙන්ම මේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක්  අපේක්ෂා නොකරන බවද ඔහු වාර්තාකරුවන්ට කියා ඇත. 2012 DA 14 ලෙස හැඳින්වෙන මෙම ආකාශ වස්තුව පෙබරවාරි 15 වනදා පෘථිව්යට කිලෝමීටර් 27520 ක් ආසන්
යෙන්
තත්පරයට කිලෝමීටර් 13 ක වේගයෙන් යන අතර මෙයට වඩා සන්නිවේදන චන්ද්‍රිකා පවා ඇත්තේ කිලෝමීටර් 800 ක් පමණ දුරකිනි.

අවසාන වරට අභ්‍යවකාශ වස්තුවක් පෘථිවිය හා ගැටුණේ 1908 දීය. වර්ග සැතපුම් 2150 ක ගස් බිමට සමතලා කරමින් එම ග‍්‍රාහකය සයිබීරියාවට පතිත විය. වොෂින්ටනයේ නාසා හි පෘථිවියට ආසන්න ආකාශ වස්තු නිරීක්ෂණයේ ලින්ඞ්ලි ජෝන්සන් කියා සිටියේ මෙවැන්නක් නිසා ගෝලීය හානියක් නොවුනත් කලාපීය ලෙස හානියක් විය හැකි බවයි.

පියවි ඇසින් දැකිය නොහැකි ඇස්ටරොයිඩය දුරේකෂයකින් ආලෝක තිතක් ලෙස පෙනෙනු ඇත. වසර මිලියන 66 කට පෙර ඩයිනොසෝරයන් වඳ වීමට හේතුව කිලෝමීටර් 10 ක ග‍්‍රාහකයක් වර්තමාන මෙක්සිකෝවේ යුකටන් අර්ධද්වීපයට පතිත වීම නිසාය.


 
Related Posts with Thumbnails