Ads 468x60px

.

රෝහලේ සුළු සේවකයෝ හතර දෙනෙක්‌ වටවී මගේ මහත්තයාටයි මටයි පහර දුන්නා - නර්ස් කියයි

කළුබෝවිල රෝහලේ හෙද නිලධාරිනියකට
හා ඇගේ සැමියාට පහරදීමේ සිද්ධිය

 

රෝහලේ රාජකාරි කටයුතු නිම කර 7 වැනිදා රාත්‍රියේ මම මහත්තයා රැඳී සිටි බාහිර රෝගී අංශය ඉදිරිපිටට ගියා. එයා ත්‍රීවිල් එකේ හිටියේ. මා නිල ඇඳුම පිටින් මිතුරියක්‌ සමග ත්‍රීවීල් එකට ගොඩවෙනවාත් සමග රෝහලේ සුළු සේවකයන් හතර දෙනෙක්‌ වටවී මගේ මහත්තයාටයි මටයි පහර දුන්නා. 

යෑයි පහර කෑමට ලක්‌ වූ කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ 01 වැනි වාට්‌ටුවේ සේවයේ නියුතු පියදිගමගේ සන්ධ්‍යා මහත්මිය දැඩි වේදනාවකින් යුතුව පැවසුවා.

පහරකෑමට ලක්‌ වූ හෙද නිලධාරිනිය සහ ඇගේ සැමියා වන විජිත මානවිල මහතා ඊයේ 08 වැනිදා කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි
යා.

මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ රෝහලේ සුළු සේවකයින් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් එම රෝහලේ සමස්‌ත හෙද නිලධාරීන් සියලු රාජකාරි කටයුතු වලින් බැහැරවී ඊයේ උදේ විරෝධතා ව්‍යාපාරයක නියෑලී සිටි
යා.

හෙද නිලධාරිනියට පහරදීම හෙළා දකිමු.හෙදියන්ගේ ආරක්‍ෂාව වහා තහවුරු කරනු නිදැල්ලේ සිටින මැරයන් වහා අත්අඩංගුවට ගනු වැනි වැකි සහිත පුවරු අතැතිව එම හෙදි හෙදියෝ රෝහල ඉදිරිපිට පැය 4 කට ආසන්න කාලයක්‌ විරෝධතාවයේ නියෑලී සිටියහ. මේ නිසා රෝහලට පැමිණි රෝගීහුද අපහසුතාවන්ට මුහුණ පෑ
වා.

පසුව මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ රෝහල් සුළු සේවකයන් හතරදෙනාම අත්අඩංගුවට ගෙන ඇතැයි කොහුවල පොලිසිය තහවුරු කිරීමෙන් පසු එම හෙද නිලධාරීහු විරෝධතාවය නිමාකර රෝහලේ රාජකාරි කටයුතු සඳහා පිටත්ව ගියහ.




සිද්ධිය පිළිබඳව තවදුරටත් අදහස්‌ දැක්‌ වූ හෙද නිලධාරිනී සන්ධ්‍යා මහත්මිය මෙසේද කීවාය.

මමයි මිතුරියයි මගේ මහත්තයා හිටපු ත්‍රීවිල් එකට ගොඩවුණා. ඒ සමග රෝහලේ සුළුසේවකයන් හතර දෙනෙක්‌ මහත්තයාව එළියට ඇදලා ගත්තා. පස්‌සේ මම ඇහුවා මේ මොකද කියලා. මේ මගේ මහත්තයා කියලත් කිව්වා. මිස්‌ පැත්තකට වෙන්න අපිට මෙයත් එක්‌කයි ප්‍රශ්නය තිබෙන්නේ කියලා ඔවුන් කිව්වා. පස්‌සේ ඒ අය මගේ මහත්තයාට ගැහුවා. මටත් ගැහුවා.

පසුව මම මේ ගැන රෝහල් පොලිසියට ගිහින් කිව්වා. පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ආවා. ඒ වන විටත් මේ අය මගේ මහත්තයාට ගහනවා. පස්‌සේ පොලිසිය මේක නවත්වන්න නවත්වන්න කියද්දීත් ගැහුවා. අනතුරුව ඒ අය පැනලා ගියා. මේ අය බීලයි හිටියේ. ඒ වෙලාවේ හරියට වැස්‌ස. පොලිසිය මේ හතර දෙනා කව්ද කියලා දන්නවා.

පහර කෑමට ලක්‌ වූ හෙද නිලධාරිනියගේ සැමියා වන විජිත මානවිල මහතා.

මම 7 වැනිදා රාත්‍රී මගේ බිරිඳ වන හෙද නිලධාරිනී සන්ධ්‍යාව ගන්න ත්‍රීවිල් එකෙන් රෝහලට ගියා. එතකොට වෙලාව රාත්‍රී 7.00 ට ඇති. රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිට මා ත්‍රීවීල් එක නතර කළා. එතන සිටි හතර දෙනෙක්‌ දෙන්නෙක්‌ව හයර් එකට අරන් යන්න කියලා කිව්වා. මම කිව්වා හයර් යන්නේ නැහැ කියලා. ඒ සමග මාව ත්‍රීවිල් එකෙන් එළියට ඇදලා පහර දුන්නා. මගේ බිරිඳටත් ගැහුවා. මේ අය හොඳටම බීලයි හිටියේ.

කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා - මේ වගේ සිදුවීම් නොවිය යුත්තක්‌. මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ සුළුසේවකයින් හතරදෙනාම කොහුවල පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.ඔවුන් සිවුදෙනාට එරෙහිව විනය පියවර ගන්නවා.

පහරදීමේ සිද්ධියට සම්බන්ධ බව කියන කළුබෝවිල රෝහලේ සුළුසේවකයන් සිවුදෙනා නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



 
Related Posts with Thumbnails