Ads 468x60px

.

පින්තූරයක කතාව

ඉහට ගැසූ දුප්පත්කම නූගත් භාවය එදා වේල නැති ගෙවල්, අර්බුධකාරි ගෙවල් (පියා කසිප්පු ගහන, මව මැදපෙරදිග) නිසා අද කාලයේ බොහෝ දෙනා ලමයි මහණ කරවති. 

මේ ලමයින් පන්සල් වල අනාරක්‍ෂිතය​. ඔවුන්ගේ ලමාකාලය අහිමිකොට තිබේ. බොහෝ දෙනෙකු වැඩිහිටි භික්‍ෂූන් අතින් ලිංගික​ අතවර වලටද ලක් වෙති. 

මේ නිසා වැඩිහිටි දිවියට එලඹෙන මේ මානසික අතින් අස්ථාවර මහණුන් තමන් තුල පැසවන වෛරය සමජයේ කවර හෝ ස්ථරයකට, පුද්ගලයෙකුට යොමු කරවති. අන්තවාදය වෙත ඇදී යති. මේ පින්තූරය දෙස බලන්න.

සාමාන්‍ය මිනිසෙකුට කුනුහරප කියන කනට ගහන පොලිස්කාරයා කොසොල් රජතුමා මෙන් කසාවත් හැඳියෙකුට වඳියි. කසාවත් හැඳියාගේ මුහුණ බලන්න එහි මෙත, කරුනාව, මුදිතාව, උපෙක්ශාව තිබේද? 

අඩා පොලිස්කාරයාත් මට වඳිනවා යන හීනමානය සමග එන ගෙම්බර් භාවය මූනේ ඇඳී තිබේ. පොලිස් කාරයන් තුච්ච දේසපාලුවන්ට සැලුටේ ගහන විට උන්ගේ මුහුණුද මීට සමානය​.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails