Ads 468x60px

.

අහෝ අපගේ සරසවි මාතාවට වූ අභග්‍යය...

උගතෙකු ලෙස ලෝකයට පෙන්විය හැකි විද්වතෙකු ශ්‍රි ලංකා සරසවි පද්දතිය තුලින් සොයා ගත හැකිද​? 

අභාග්‍යකට මෙන් වර්ත මානයේ ශ්‍රි ලංකා සරසවි පද්දතිය තුල සිටින්නේ ලෝක දැණුමට විවර නොවූ එකම සරසවිය තුල පල් වී දැණුම යාවත්කාල නොවූ පුස්සන් පිරිසකි. 

මොවුන් ගෙන් බහුතරය ඒකභාශිකයන්‍ වෙති. එම නිසා මොවුන්ට දැණුම ලැබෙන්නේ ඉතාම සීමා සහිතවය​. මේ සීමිත දැණුම සමග මොවුන් වර්තමාන ශ්‍රි  ලාංකික සමාජයේ මහා උගතුන් සේ පෙනී සිටිති. මේ සරසවි පුස්සන් ගෙන් ඉගෙනුම ලබන සිසුන් ගේ දැණුම ද සීමිත වෙමින් පවතී.

පහත දැක්වෙන්නේ ලෝකයේ විශ්ව විද්‍යාල තුනක මහාචාර්‍යවරු තිදෙනෙකුගේ දේශන වේ. ඔවුන් ගේ දේශන වලට සවන් දී එහි අන්තර්ගතයන් පිලිබඳව විමසුමක් හෙලන්න​. අන්තර්ගතයන් සසඳන්න.

1) මහාචාර්‍ය මොහොමඩ් යූනුස් - බංලාදේශයේ  ඡිතගොං සරසවියේ හිටපු  අචාර්‍යවරයෙකි. ලෝකයේ විමසුමට පාත්‍ර වූ අර්ථික වාදයන් ඉදිරිපත් කල විද්වතෙකි. ඔහුගේ දේශනයකට මේ සන්ධියෙන්  සවන් දිය හැක.



 2) මහාචාර්‍ය  ෙඩ්විඩ් සුසූකි - උතුරු ඇමරිකානු විශ්ව විද්‍යාල වල  දේශකයෙකි. පරිසරය සුරැකීම  වෙනුවෙන් කථා කරන්නෙකි. ඔහුගේ දේශනයකට සවන් දෙන්න​.



3) මහාචාර්‍ය සරත් විජේසුරිය - කොලඹ සරසවියේ මහාචාර්‍යවරයෙකි. මේ ඔහුගේ දෙශනයයි.


ඔහු කතා කරන්නේ දේශනය හුචක්කු පිලිබඳවය​. අන්තර්ගතය බස්  ටිකට් එකක ලිවිය හැක​. ඉහත දේශකයන්ට සාපේක්‍ෂව කොලඹ සරසවියේ මේ මහාචාර්‍යවරයාගේ දේශනයේ කිසිදු බුද්ධි කලම්බනයක් නොමැති බව නොපෙනේද ? දැන් ලංකාවේ විශ්ව විද්‍යාල පිරී ඇත්තේ මෙවැනි නල්ලතම්බිලාගෙනි.  

අපට මහාචාර්‍ය මොහොමඩ් යූනුස්ලා මහාචාර්‍ය  ෙඩ්විඩ් සුසූකිලා නැත. ඉන්නේ හුචක්කු ආචාරිලා වෙති. මෙවැනි දැණුම මුහුකුරා නොගිය ලාමක ඒකභාශික මහාචාර්‍යවරුන් ගෙන් ඉගෙන ගන්නා සරසවි සිසුන්ට අබ සරණය​.
 
අහෝ අපගේ සරසවි මාතාවට වූ අභග්‍යය​.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails