Ads 468x60px

.

එදා කොච්චර රෑ වුණත් ගයාත්‍රී සතුටින් ඉපිළ ගිය හැටි මෙන්න...


සිද්ධිය වුණේ 
මහ රෑ 
කාර් එකේ 
එනකොට...

උඩහමුල්ල හරියේ රාත්‍රියේ ගයාත්‍රී ඩයස් වාහනය පදවා යන විට පාර මැද විශාල පිරිසක් වාහන නතර කරමින් යන ආකාරයත් ඒ වාහන පිරිස මගහරිමින් යන ආකාරයත් ඇය දැක තිබෙනවා. 

ගයාත්‍රී ඩයස් කාර් එකින් උපන්දින සාදයකට සහභාගී වන්නට ගොස් රාත්‍රියේ එමින් සිටියදී ඇයගේ වාහනය ඩ්‍රයිව් කරමින් සිට ඇත්තේ ඇයයි

අනිත් අය යන නිසා ඇයටත් එය කුමක්දැයි නොබලා යන්නට හිතුණත් ඇය එසේ කර නෑ.. වීදුරුව පහත් කර සිද්ධ වන්නේ කුමක්දැයි පිරිස ගෙන් අසා තිබෙනවා.

ඔවුන් එතැන සිහිසුන්ව ඇද වැටුණ අයෙකු පෙන්වා නෝනා.. මෙයාට තුවාල වෙලා ලේ ගලනවා..සිහියත් නෑ..කරුණාකරලා ඉස්පිරිතාලෙට ගෙනියන්න උදව් කරන්න.. කියා සිටියා. 


එකවරම තැති ගැනීමකට ලක්වූ ගයාත්‍රීට ඔවුන් නැවතත් ඇවිටිලි කර තිබුනේ කවුරුවත් මේකට උදව් කරේ නෑ. අනේ නෝනාවත් උදව් කරන්න..ලොකු පිනක් මෙයාව දැන්ම ඉස්පිරිතාලේ ගෙනිච්චොත්.

ඒ වෙලාවේ තීරණයක් ගත් ගයාත්‍රි වහාම එම පුද්ගලයාව වාහනයේ නංවා ගත්තා. කළුබෝවිල රෝහලට ඔහුව ඇතුළත් කළා. එදා කොච්චර රෑ වුණත් කාටහරි උදව් කළානේ යන සතුටින් ඇය නැවත නිවසට ගොස් තිබුණා.


පසුව සොයාබලද්දී අධික තුවාල හේතුවෙන් මේ පුද්ගලයා මිය ගොස් ඇති බව ඇයට දැනගන්නට ලැබී තිබෙනවා. මියගිය තැනැත්තා පොලිස් නිලධාරියෙකු බවත් ඇයට ආරංචිවී තිඛෙනවා.
 
Related Posts with Thumbnails