Ads 468x60px

.

ෆේස්බුක් තෙවැනි මරණය ‍පොල්පිතිගම සිසුවියක් පෙම්වතා සමග චැට් කරන්න එපා යැයි කීවාටලු

ෆේස්බුක් සිද්ධියක් නිසා සිය දිවි නසාගත් තෙවන මරණයද ඊයේ (23) කුරුණෑගල ‍පොල්පිතිගම බෝගොල්ල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.

මරණයට පත්ව ඇත්තේ ‍පොල්පිතිගම ජාතික පාස‍ලේ අධ්‍යාපනය ලබමින් සිටි දහසය හැවිරිදි ගනේෂිකා රණතුංග නම් ශිෂ්‍යාවකි. 

ඇය පසුගිය දෙසැම්බරයේ පැවැති අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් නිවසේ රැඳී සිට ඇත. පසුගිය 22දා සවස ඇයගේ පෙම්වතා සමග සිය ජංගම දුරකථනයේ ෆේස්බුක් වෙබ්
අඩවිය හරහා කතා කරමින් සිටියදී ඇයගේ මව එම ස්ථානයට පැමිණ ඇයගෙන් ප්‍රශ්න කර තිබේ. 

ඇගේ මව ඇගේ අතෙහි වූ ජංගම දුරකථනය උදුරාගෙන ඇත. පසුව ඇය මේ සම්බන්ධයෙන් මව සමග උරණ වී තිබේ. ඇය රාත්‍රියේ තම කාමරයේ නිදාගෙන ඇති අතර පසුදින අලුයම ඇය තම කාමරයේ එල්ලී සිටිනු නිවැසියන් දැක තිබේ. 

පසුව ‍පොල්පිතිගම ‍පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ‍පොලීසිය පැමිණ දැරිය බිමට ගෙන රෝහල්ගත කර තිබේ. පොල්පිතිගම ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 
Related Posts with Thumbnails