Ads 468x60px

.

අතුල සමිතා යළි එක් වෙයි (VIDEO)


දියණිය කාව්‍යාගෙන් 
ෆේස්බුක් ගිණුමට 
පණිවිඩයක්

අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුවගේ පවුල් ජීවිතය පසුගිය කාලයේදී දෙදරා ගිය බව ඔවුන් විසින්ම මාධ්‍ය වෙත පවසා තිබිණ. 

අතුල අධිකාරී, අමායා අධිකාරී සමඟ පෙමින් වෙලී කලක් ගතකල අතර සමිතා එරන්දතී මුදුන්කොටුව සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිරිණ. මේවන විට අතුල – අමායා සමඟ විවාහ වී
අවසන්ය. එහෙත් අතුල හා සමිතා යළිත් දෙරණ මැදිරියේදී ඊයේ එක්විය. ඒ ඩෙල් ස්ටූඩියෝ වැඩසටහන වෙනුවෙනි.

මෙම වැඩසටහනට අතුල සමඟ ඔහුගේ නව බිරිඳ අමායා ද එක්වූ අතර ඇය තම ස්වාමියාගේ පැරණි බිරිඳ සමඟ ඡායරූප කිහිපයකටද පෙනී සිටියාය.

මේ අතර අතුලට හා සමිතාට දාව උපන් කාව්‍යා අධිකාරී දියණිය තම ෆේස්බුක් ගිණුමට පණිවිඩයක් එක් කරමින් තම මව සහ පියා සහභාගී වන මෙම වැඩසටහන නරඹන ලෙස මිතුරු මිතුරියන්ට ඇරයුම් කර තිබිණ‍.

අතුලගේ සහ සමිතාගේ පැරණි ආදර අන්දරය සිහිපත් කරන ඩෙල් ස්ටූඩියෝ වැඩසටහන පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails