Ads 468x60px

.

කිස් කරන්න බයේ හිටිපු “නිනෝ”ගේ බය ඇරිය යුරේනි කියන කතාව (පින්තුර සහ වීඩියෝ)


වැඩිය මහන්සි 
වෙන්න වුණේ නෑ

මේ චිත්‍රපටය අද වෙනතුරුත් මම දැකලා නෑ. චිත්‍රපටය කළේ 2009 අවුරුද්දෙයි. දැන් අවුරුදු පහක් වෙනවා. අවාසනාවට තවමත් සිනමාහල්වලට ආවේ නෑ.

මේ චිත්‍රපටයේ ළමයෙක් පොඩි කාලේ ඉඳලා ජීවත් වෙන්නේ ෆිල්ම් සෙට් එකක. 

එයාගේ අම්මයි තාත්තයි කියන්නේ හයර් එකට ගත්තු නළු නිළියෝ. නමුත් එයා හිතන් ඉන්නේ ඒ ඇත්තටම අම්මයි තාත්තයි කියලා. පොඩි කාලේ ඉඳලා ලොකු වෙනකල් එයාගේ ලයිෆ් එක රියලිටි ෂෝ එකක යනවා. හැබැයි එයා දන්නේ නෑ. ඒ එයාගේ ජීවිත කතාව කියලා.

මේ ෆිල්ම් එකට අනුව නීතිරීති තියෙනවා. මේ චරිතය කරන්නේ නිනෝ. කතාවේ නීති වලට අනුව නිනෝට කා එක්කවත් යාළු වෙන්න බෑ. හැබැයි නිනෝ ඒක දන්නෙත් නෑ. අපිට අවවාද කරලා තියෙනවා නිනෝ
එක්ක කිසිම සම්බන්ධතාවක් ඇති කර ගන්න එපා කියලා. ඒ නීති කැඩුවොත් අපිට සෙට් එකෙන් අයින් වෙන්න වෙනවා. 

මගේ නම නුනූ. නිනෝ ඇත්තටම මාත් එක්ක ආදරයෙන් බැඳෙනවා. මාත් ඔහු එක්ක ආදරයෙන් බැඳෙනවා. මම දන්නවා මේක නීති විරෝධී වැඩක්, මට අයින් වෙන්න වෙනවා කියල. ඒත් නිනෝ හිතන්නේ මේක එයාගේ ඇත්ත ජීවිතේ, එයාට ආදරයක් ලැබිලා තියෙනවා කියලා.
සිප ගැනීමේ දර්ශනය ආවේ අපි වෙන් වෙන තැනට. 

මං දන්නවා දැන් වෙන් වෙනවා කියලා. ඒත් නිනෝ ඒක දන්නේ නෑ. එතකොට ඒ සිපගැනීම තුළ දුක තියෙනවා. ආදරය තියෙනවා, වෙන්වීමේ දුක තියෙනවා ඒ හැම දේම ඒ දර්ශනය තුළ තියෙනවා. ඒ සිපගැනීමෙන් පස්සේ මං ඒ සෙට් එකෙන් අයින් වෙනවා.

ඒ දර්ශනය අපි දෙන්නා ඇත්තටම කළා. නිර්මාණයක් කරද්දි චකිතය කියන එක තියෙන්න බෑ. ඒ වගේ දෙයක් ජාත්‍යන්තර සිනමාවේදී සාමාන්‍ය දෙයක්. චිත්‍රපටයක නළුවෙක් නිළියක් සිපගන්නවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. 

චරිතයට සාධාරණයක් කරන්න අවශ්‍ය නම් ඒ සීන් එක කරන්න ඕන. අපි හරි වෘත්තීය මට්ටමෙන් ඒ දේ කළා. මම හිතන්නේ නිනෝගේ ජීවිතයේ පළමු නිර්මාණය කළේ මාත් එක්ක. ඒ නිසා මට සිද්ධ වුණා නිනෝට පොඩි සපෝර්ට් එකක් දෙන්න. පළවැනි එක නිසා නිනෝට පොඩි ලැජ්ජාවක් තිබුණා. බයෙන් හිටියේ. 

මගෙත් ඒ වගේ දර්ශනයක් කරපු පළමු වතාව. මගෙත් පොඩි තැතිගැන්මක් තිබුණා. අන්තිමට අපි දෙන්න කතාවෙලා රිලැක්ස් එකේ පිටපතට අදාළව ඒ දර්ශනය සාර්ථකව කළා. වැඩිය මහන්සි වෙන්න වුණේ නෑ. ටේක්ස් දෙකෙන් සීන් එක ගන්න පුළුවන් වුණා.


8be182b2 b39c7d00 Yureni-Noshika-AM Gossip (1) Yureni-Noshika-AM Gossip (2) Yureni-Noshika-AM Gossip (3) Yureni-Noshika-AM Gossip (6) Yureni-Noshika-AM Gossip (5) Yureni-Noshika-AM Gossip (4)

එහි වීඩියෝව පහතින් නරඹන්න
 
Related Posts with Thumbnails