Ads 468x60px

.

දොස්තරගෙන් ලස්සන වෙන්න ගිය තවත් කතකට වැඩ වරදී..

කාන්තාවන්  
12,000 ක් 
විතර 
ඔහුගෙන්  
ප්‍රතිකාර 
අරන්ලු.

පසුගිය දිනක වෛද්‍යවරියකගේ මරණය සමබන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ නිමල් ගමගේ වෛද්‍යවරයාට අයත් බම්බලපිටියේ  රූපළාවන්‍යාගාරයෙන් මිට මාස දෙකකට පමණ පෙර ප්‍රතිකාර ගෙන එංගලන්තයට විදේශ ගතවූ ලාංකීය කාන්තාවකුත් රෝගාතුර වී ලන්ඩන් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පුවතක් අපවෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම කාන්තාව විසින් පසුගිය 23 වන දින තමා ප්‍රතිකාර ලබාගත් බම්බලපිටිය

රූපළාවන්‍යාගාරයේ වෛද්‍යවරයාට විරුද්ධව ශ්‍රී ලංකා පොලිසිය වෙත ෆැක්ස් මාර්ගයෙන් පැමිණිල්ලක්ද ඒවා ඇති බවයි.

අත්අඩංගුවට ගනු ලැබූ නිමල් ගමගේ වෛද්‍යවරයාගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකයේ ඔහු ප්‍රතිකාර කරනු ලැබූ 12,000 පමණ
කාන්තාවන්ගේ වෛද්‍ය වාර්තා පිළිබඳවද පොලිසිය විසින් මේ වන විට පරීක්ෂණ පවත්වාගෙන
බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
 
Related Posts with Thumbnails