Ads 468x60px

.

බටහිර අනුකාරකයන් වෙනුවට බයියන් ආදේශ කිරීමේ වින්නැහිය​.

පිටරටවල ඉගෙන වැඩිදුර අධ්‍යාපනය ලබා  අන්තර්ජාතික අත්දැකීම් තිබූ ඉංග්‍රීසී භාෂාවේ නිපුන ප්‍රවීණයන් කෙරෙහි තිබූ වෛයිරය සහ ඉරිසියාව නිසා නලීන් ද සිල්වාලා, ගුනදාස අමරසේකරලා  මේ පන්තිය හඳුන්වන ලද්දේ බටහිර අනුකාරකයන් වශයෙනි. 

බටහිර අනුකාරකයන්ට බැටදී මොවුන් ඉංග්‍රීසී බැරියාව​, කොලඹ  උසස් පාසැලක අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකිවීම, පිටරට විශ්ව විද්‍යාලයකට අඩිය තිබීමට නොහැකි වීම වැනි කරුණු නිසා තමන් කෙරහි තදබල හීනමානයකින් පෙලෙන යන්තම් දේශිය විශ්ව විද්‍යාලයකින් ගිරවා දමා සමත් වූ බයියන් ඔසවා තැබූහ​.

මේ නිසා හීනමානකාරී ඒක භාශික බයියන් අද ජාතියේ අනුසාසකයන් වී සිටිති. තම නොහැකියාවන් මොවුන් වසා ගන්නේ දේශීය සහ දේශප්‍රේමී
  පාංකඩයට මුවාවීය​.

බටහිර අනුකාරකයන්  පළවා හැර  ගමේ ඉස්කෝලේ ඉගෙනුම ලබා දිස්ත්‍රික් කෝටාවට පින්සිදුවන්නට අඩු උසස් පෙළ ලකුණු වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය ග්‍රාමීය පසුගාමී චින්තනය කර තබාගත් බයියන්ට වග කිව යුතු තනතුරු දීම මගින් බොහෝ ආයතන වලට කෙලවී තිබේ.

රාවය පුවත්පත පෙන්වා දෙන අන්දම​ට  ශී‍්‍ර ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වර්තමාන උපකුලපති  විජිත නානායක්කාර 2011 වර්ෂය අවසාන භාගයේදී සිය ධුරයේ වැඩභාරගැනීමෙන් පසු ගතවූ වසර 02ක පමණ කාලය තුළ විවෘත විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම්වල 09 වන ස්ථානය දක්වා පහළට ඇද  වැටී තිබේ. 

විවෘත විශ්වවිද්‍යාලයට අත්ව ඇති මේ ඉරණම පසුපස ඇති තත්ත්වය සමාලෝචනය කරනු ලැබුවහොත් එහිලා හේතුවූ මූලික අර්බුද කිහිපයක් හඳුනාගත හැක. ඉන් පළමුවැන්න විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය දේශපාලනය මර්දනය කිරීමට එහි පරිපාලනය දරන උත්සාහයයි. 


දෙවැන්න විශ්වවිද්‍යාලයේ පරමාර්ථයන් අතික‍්‍රමණය කරමින් එහි පාඨමාලා සඳහා අයකරන ගාස්තු 80%කින් ඉහළ නැංවීමට පරිපාලනය කටයුතු කර තිබීමයි. තුන්වැන්න විශ්වවිද්‍යාලය සතු දේපළ කිසිදු වගවිභාගයකින් තොරව පිටස්තර ආයතනවලට කුලියට දීමට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ඇති හැකියාවයි. 

සිව්වැනි සහ වඩාත්ම බරපතළ ගැටලූව වනුයේ විශ්වවිද්‍යාලය තුළ උපකුලපතිවරයා සෙසු ආචාර්යවරුන්ගේ අදහස් සැලකිල්ලට නොගන්නා ඒකාධිපතියෙකුගේ තත්ත්වයට පත්ව තිබීමයි. 

සවස 5 සිට පසුදා උදෑසන 7 දක්වා කාලය තුළ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල භූමියේ රැඳීසිටීම ‘නීති විරෝධී’ කි‍්‍රයාවක් කොට ඇත. ශිෂ්‍යයන් සවස 5ට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්වීම අනිවාර්ය වේ. 


අධ්‍යයන කටයුතුවල නිරතවීම සඳහා ප‍්‍රමාණවත් ඉඩ පහසුකම් පුස්තකාලය තුළ නොමැති අවස්ථාවක වුව අධ්‍යාපන කටයුතු සඳහා දේශන ශාලා විවෘත කරගැනීමට නම් පීඨාධිපතිවරුන් දැනුවත් කර ඒ හරහා උපකුලපතිවරයාගෙන් අවසර ගැනීමද අනිවාර්ය වී ඇත. 

මේ වනවිට විශ්වවිද්‍යාලයේ කී‍්‍රඩාංගණය තුළ කී‍්‍රඩා කිරීම තහනම් කි‍්‍රයාවකි. යම් ශිෂ්‍යයෙකු කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩාකිරීම විශ්වවිද්‍යාලය තුළ අවිනීත ලෙස හැසිරීම නම් වරද යටතට ගැනෙන කි‍්‍රයාවකි. 

(රාවය පුවත්පත )

මේ ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කරන  විජිත නානායක්කාර යනු  සමාජවාදී  සහ සමානාත්මතාවය , මානව හිමිකම් තිබෙන මානුශික සමාජයක් ගොඩ නැගීම සඳහා කියමින් 1971 වසරේදී පොලිසි වලට ඩප්පි ගැසූ අයෙකි. ඉන්පසු සගයන් පාවාදී තමාගේ සංවර්ධනය සලසාගත් ඔහු   ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපතිය​.


වැරදීමකින් හෝ මෙවැනි පුද්ගලයන් 1971 දී ලංකාවේ බලය අල්ලා ගත්තේ නම් ඔවුන් මරාටත් වඩා දරුණු ඒකාධිපතියන් වනු ඇත​.  මේ නලීන් ද සිල්වාලා , ගුනදාස අමරසේකරලා විසින් බටහිර අනුකාරකයන් වෙනුවට  ගම් බයියන් ආදේශ  කිරීමෙන් සිදු කල තවත් එක් විනාශයක් පමණි.

නිදහස් අධ්‍යාපනයේ පියා වන සී ඩබ්. ඩබ් කන්නංගරයන් විසින් ලංකාවේ ග්‍රාමීය ජනයාටද උසස් අධ්‍යාපනය දොර විවර කලේ ඔවුන් පසුගාමී ග්‍රාමීයත්වයෙන් මිදී දියුණු සංස්කෘතිය සමග අනුගත වී එම දියුණුව තම ගම් බිම් කරා ගෙනයයි යන විශ්වාසය පෙරදැරි කරගෙනය​.


නිදහස් අධ්‍යාපනය තුලින් සමාජ සංවර්ධනය ඔහුගේ අපේක්‍ෂාව විය​.  මේ අනුව ගස් බඩගෑ ගම් බයියන් විශ්ව විද්‍යාල වලට ගෙන්වාගෙන මොවුන්ට හැන්දෙන් ගෑරැප්පුවෙන් කෑමේ සිට ශිෂ්ට සමාජයක හැසිරෙන අන්දම අයිවෝ ජෙනිග්ස් වැනි සුද්දන් මගින් උගන්වනු ලැබීය​. 

නමුත් සී ඩබ්. ඩබ් කන්නංගර විශ්වාස කල ලෙසට වැඩ කටයුතු සිදු වූයේ නැත​. විශ්ව විද්‍යාල වලට පැමිනි ගම් බයියන් ශිෂ්ඨ වෙනවා වෙනුවට නූතනත්වය ප්‍රතික්‍ෂේප කොට වඩ වඩාත් තමන් ගේ ග්‍රාමීය පසුගාමිත්වය විශ්ව විද්‍යාල වල ස්ථාපිථ කලහ​.

අද අබසරණ පතන ගලගොඩ අත්තේ ඥානසාරලා සමාජයේ වීරයන්වී සිටින්නේත් උගත් දැණුමැති බටහිර අනුකාරක ලූලන් වෙනුවට සරත් විජේසූරිය, අත්තනායක එම් හේරත් වැනි ඒක භාශික කණයන් අපගේ සමාජයේ පොරවල් වී සිටින්නෙත් නලීන් ද සිල්වාලා, ගුනදාස අමරසේකරලා විසින් බටහිර අනුකාරකයන් වෙනුවට බයියන් ආදේශ කිරීමේ වින්නැහිය​ නිසාය​.
 
Related Posts with Thumbnails