Ads 468x60px

.

නිළියන්ට අපල කාලයක්ද,? බත්තරමුල්ලේදී ඕෂධී, කහවත්තේදී මේනකා, පබා මීරිගමදී හැප්පුන හැටි.


රිය අනතුරු තුනක්...
මේනකාට සැත්කමක්

 
ඕෂධී තවමත් රෝහලේ...

පබා උසාවියට...

සැප්තැම්බර් 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඕෂධී හේවාමද්දුම රිය අනතුරකට මුහුණ දුන්නා... වාසනාවකට අනතුරට මුහුණ දුන් කාටවත් ශාරීරිකව බරපතළ හානි සිදුවෙලා නෑ... සිද්ධ වුණ දේ ගැන ඕෂධී අපිට කිව්වා.


මොකක්ද ඕෂධී සිද්ධ වුණේ...?
පසුගිය සිකුරාදා රෑ Colombo International film festival එකේ රෑ 10.00 ට තිබුණ චිත්‍රපටය බලලා ගෙදර එනකොට තමයි මේ අනතුර වුණේ...


කොහේදිද අනතුර වුණේ?

බත්තරමුල්ලෙදි. හරියටම දම්රෝ එක ඉස්සරහ.

ඕෂධී ද වාහනය පැදෙව්වේ...?
නෑ... ප්‍රදීප්... මම හිටියේ පිටිපස්සේ. ප්‍රදීප් එක්ක වික්‍රම සෙනෙවිරත්න අයියා ඉස්සරහා හිටියා. මමයි උමාලියි පිටිපස්සෙ හිටියේ. පිටකෝට්ටෙන් උමාලිව ගෙදරට ඇරලවලා වික්‍රම අයියව බස්සන්න යද්දි තමයි අපේ කාර් එක තවත් වාහනේක හැප්පුණේ... 


ඒ වාහනේ රියදුරා හොඳටම බීලා හිටියේ. හැප්පුණු වේගෙට අපේ කාර් එක කැරකිලා විසිවුණා. වාහනේ එහෙට මෙහෙට විසි වෙලායි මට අමාරු.

රෝහල් ගත වුණාද?
ඔව්... ඒ වෙලාවෙම රෝහල් ගත වුණා. අතපය නොකැඩුණාට ශාරීරිකව හුඟක් අපහසුතා ඇතිවුණා. ප්‍රදීප්ටත් එහෙමයි. වෙච්ච අනතුරේ හැටියට මෙහෙම ඉන්න එක ගැන සතුටුයි.

වාහනේට ලොකු අලාභහානි වුණාද...?
ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ... වාහනේට තිබුණ ආසාව අත හැරගන්න ඕනෑ...


ඒ වෙලාවෙ පුතා හිටියේ නැද්ද...?
වාසනාවට පුතා හිටියේ නෑ... ෆිල්ම් එක බලන්න ගිය නිසයි පුතා එක්ක නොගියේ. පුතායි අම්මයි තාත්තයි පැලවත්තේ ප්‍රදීප්ලගෙ ගෙදර හිටියේ. වික්‍රම අයිය ඇරලවන්න නොතිබුණා නම් පුතාත් ඔය වෙලාවෙ වාහනේ ඉන්න තිබුණා. දෙවියො බේරුව වගේ ඒ වෙලාවෙ පුතා හිටියේ නැහැ.


අනතුර වෙනකොට මධ්‍යම රාත්‍රියත් පහුවෙලානේ... උදව්වට වත් කවුරුත් ඉන්න නැතුව ඇති...?
අනේ නෑ... අනතුර වුණ ගමන්ම කොහොම ආවද මන්දා සෙනඟ පිරුණා. ළඟපාත ගෙවල් වල අයත් ආවා... එතැනදි උදවු කරපු හැමෝටම ස්තුති කරන්න ඕනෑ...


අනෙක් වාහනයටත්, රියැදුරාටත් අලාභහානි වෙලා ඇති ...?
ඔව්... ඒ රියැදුරා හොඳටම බීලානේ හිටියේ. අනතුර වුණාට පස්සේ මේ කුරුණෑගලද කියලා ඇහුවලු. ඒ තරම් සිහියක් නෑ... මේ විදියට බීමත්ව නොසැලකිල්ලෙන් රිය පදවන අය නිසා අනෙක් අයට කොයිතරම් කරදර වෙනවද? වාසනාවට ජීවිතවලට හානියක් නෑ... ඒත් එහෙම නොවී බේරෙන්නෙ කීයෙන් කී දෙනාද?


අනතුර වුණ වෙලාවෙ ඕෂධීට මොකද හිතුණේ ...?
අම්මේ... ඒ ගැන නම් හිතන්නවත් කැමැති නෑ... මට මතක් වුණේ මගේ පුතා...
 
Related Posts with Thumbnails