Ads 468x60px

.

වැල්ලව තමාරා කේශානි දැරිය පැහැරගත් "ග්‍රීස් ගාමිණි" අල්ලාගත් සංස්කරණය නොකළ වීඩියෝව


ලොකු මහත් වූ පසු විවාහ කර ගැනීමේ අභිලාෂයෙන් සිවු හැවිරිදි පමාරා කේෂානි දැරිය පැහැරගත් තිස්‌එක්‌ හැවිරිදි පුද්ගලයා ලිංගික පැත්තෙන් සහ මානසික පැත්තෙන් බෙහෙවින් බංකොලොත්ව සිටි රෝගියකු බව පැහැදිලිය. 

දැරිය පැහැරගත් පසු ගල්ලෙනක රඳවා තබාගත් සැකකරු පසුව ඇය ගෙදර ගෙන ගොස්‌ සිය මවට භාර දී ඇත්තේ සිද්ධිය ගැන පිටස්‌තරයනට නොකියන ලෙස මවට දන්වමිනි. එවිට මව කරන්නේ දැරියගේ හිසකෙස්‌ තවත් කොටට කපා ඇඳක්‌ යට නිදාගන්නට ඇයට සැලැස්‌වීම ය. 

මේ අනුව පුතාට පමණක්‌ නොව මවට ද පිස්‌සු බව පෙනී යයි. එහෙත් අම්මෙකුට පිස්‌සු යෑයි චෝදනා කිරීම පාපයකි. දරු පෙම උදෙසා සමහර විටෙක ඇය නොකරන දෙයක්‌ නැත. කෙසේ වුවද මේ සිද්ධියට අදාළ
සැකකරුට පෙර වැරදි කිsහිපයක්‌ තිබේ. එනම්,

1. ඔහු ඇඟ පුරා ග්‍රීස්‌ ගාගෙන රාත්‍රි කාලයේ නිරුවතින් ගෙවල්වලට පැන කාන්තාවන්ගේ ඇඟපත අත ගාමින් සතුටු වූ ග්‍රීස්‌ යකෙකි.

2. ඔහුට සොරකම් චෝදනා ද තිබේ.

මේ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමසන විට පෙනී යන්නේ දැරියගේ ගෙදර අය ද ගුප්ත හැසිරීම් තිබෙන අය බව ය. ඒ පහත සඳහන් කරුණු නිසා ය.

1. ග්‍රීස්‌ යකා මහ රෑ ගෙදර ජනේලය වෙනුවට ගසා තිබූ ඉටි රෙද්ද කපා ගෙට පැන දැරිය ගෙන යනතුරුත් ගෙදර අයට ඇහැරුණේ නැත.

2. ඔහු නිදාගෙන සිටි දරුවා ඔසවාගෙන ගෙදර දොර විවර කරගෙන යනතුරුත් ගෙදර අයට ඇහැරුණේ නැත දැරියට ඇහැරුණේ ද නැත.

මේ අනුව ඉතා පැහැදිලිව පෙනෙන කාරණයක්‌ තිබේ. එනම්, මතු යම් දවසක උදේ අවදි වන විට තමන් හෙලුවැල්ලෙන් සිටින බව මේ ගෙදර අයට තේරුම් යැමට ඉඩ තිබෙන බව ය. 


මන්ද, රාත්‍රි කාලයේ ඒ ගෙට පැන්න සොරුන් ගෙදර අය නිදා සිටියදීම ඔවුන්ගේ ඇඳිවත් ගලවාගෙන ගොස්‌ තිබීම නිසා ය. මේ සිද්ධිය පිළිබඳ වාර්තා කියවන විට අපට පෙනී යන්නේ ඔවුන් ඒ තරමටම නො සැලකිලිමත්ව ජීවත් වූ අය බව ය.

සාමාන්‍යයෙන් ලංකාව වැනි රටක ළමයකු පැහැරගෙන යැමට බලපාන හේතු සීමා සහිත ය. එක්‌කෝ පරණ කෝන්තරයක්‌ පිරිමසා ගැනීමට ය. නැත්නම් නිධානයක්‌ ගනු පිණිස බිල්ලට දීමට ය. එහෙමත් නැත්නම් කප්පමක්‌ ගැනීමට ය. 


එහෙත් බ්‍රොයිලර් කුකුළකු ඇති දැඩි කර පසුව මරාගෙන කන පරිදි උස්‌ මහත් වනතුරු පෝෂණය කර පසුව කසාද බැඳගැනීම සඳහා දැරියක පැහැරගැනීම ඉතාම අභව්‍ය ය. සමහර විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මේ වර්ගයේ එකම සිද්ධිය මෙය වීමට පුළුවන.

ග්‍රීස්‌ යකා අල්ලා ගත් පසු ගමේ මිනිස්‌සු ඔහුට බිම දමාගෙන පහර දෙනු අපි රූපවාහිනියෙහි දුටුවෙමු. ලංකාවේ සිටින ජනයා මොන තරම් ගොන් මිනිසුන් ද යන්න මෙයින් පැහැදිලි වන්නේ ය. දැරිය පැහැරගත් ග්‍රීස්‌ යකා පිස්‌සකු බව ඔහුගේ ග්‍රීස්‌ අතීතයෙන්ම හෙළිදරව් වෙයි. 


එබඳු රෝගීන්ට පහර දෙන එකා ස්‌ථිර වශයෙන්ම ගොන් තඩියෙකි. (හිස උදුම්මාගත් සිංහලයන් හැඳින්වීමට අනගාරික ධර්මපාලතුමා මේ වචනය පාවිච්චි කරන ලදී.) මේ වෙලාවේදී පොලිසිය ඉල්ලා සිටියේ තරුණයාට පහර නොදෙන ලෙස ය. 

ඔහුට පහර දුන් අය රූපවාහිනි වීඩියෝවල "රෙකෝඩ්" වී තිබෙන බව අපි විශ්වාස කරමු. පොලිසියේ යුතුකම වන්නේ ලෙඩාට පහරදුන් "නිරෝගී වීරයන්" කූඩුවට දමා දැරියගේ පවුලේ අයට මෙතරම් නින්ද යන්නේ මන්ද යන්න සොයා බැලීම ය. 

අපේ තර්කය ජනප්‍රිය තර්කයක්‌ නො වන කනපිට තර්කයක්‌ බව ඇත්ත. එහෙත් මෙය මානුෂික තර්කයකි.


වැල්ලව තමාරා කේශානි දැරිය පැහැරගත් "ග්‍රීස් ගාමිණි" අල්ලාගත් සංස්කරණය නොකළ නෙත් වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails