Ads 468x60px

.

අනේ මිස් මට කියන්න ලැජ්ජයී දැක්ක දේ මෙන්න තවත් ස්ට්‍රීට් හැරස්මන්ට් එකක්


මගේ ඇඟේ  
මොකද්ද වදිනවා 
වගේ දැණුනා.

මම කොළඹ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යයාවක්.. මේ සිදුවීම සිද්ධ උනේ පන්තියේ අහින්සකම ළමයට නම් මම හිත හදා ගන්නවා ඒ ළමයට කතා කරන්න බයේ කට වහගෙන හිටියා කියලා.. 

ඒත් මේ දේ සිද්ධ උනේ අපේ පන්තියේ කටකාරම, ඔනේම ප්‍රශ්නයක කොහෙන් හරි නම ගැවිලා තියන කෙනෙක්ට.. කොටිම්ම කිව්වොත් කොල්ලෙක් මොනා හරී කිව්වොත් 'ඇයි මොකෝ' කියලා අහන තරමට
ආත්ම ශක්තියක් තියන කෙනෙක්.. මම එයට අචිනි කියලා කියන්නම්..

එදා අපේ පාසල් දිනය දවස.. අචිනි හැමදාම වගේ පරක්කුයි. මොකද එයා bus තුනක එන්නේ.. අපි හැමදාම register එක mark කරන්නේ 7.50 පහු වෙලා.. එයා එද්දි 7.50 පහු වෙන නිසා.. අපි අලුත් ඇදුමින් සැරසිලා හිටියේ අපිට Principal Madam ගෙන් Announcement එක එනකල්.

ඒත් අචිනියි අචිනිගේ යාලුවයී තාම නෑ. . එක පාරටම පන්තියෙ දොරෙන් ලොකු සද්දයක් එක්කම අචිනීයී යාලුවයී අතුලට අවා.. එයගේ මේසෙට ඔලුව තියගෙන කෑ ගහ ගහ අඩනවා.. අපිට එක පාරට හිතා ගන්න බෑ මොකද වෙන්න ඇත්තේ කියලා.. 

අපී යාලුවගෙන් අහුවත් ඒ ළමයත් බය වෙලා වගෙ හිටියා.. පස්සෙ Teacher ලන් වෙලා අහුවා ඇයි පුතේ කියලා.. අචිනී වෙච්ච සිදුවීම විස්තර කලේ මෙහෙමයි..

"නෑ Teacher කවුද මනුස්සයෙක් ඇඟේ හේත්තු උනා.. මම දෙපාරක්ම රවලා බලුවා.. මට මගේ ඇඟේ මොනා හරි වදිනවා වගේ දැනිච්ච නිසා මම පිටි පස්ස හැරිලා බැලුවා.. අනේ මිස් මට කියන්න ලැජ්ජයී දැක්ක දේ.

මිස් මම දෙපාරක් හිතුවේ නෑ මම අහුවා ලැජ්ජ නැද්ද කියලා පස්සේ වටේ පිටේ හිටපු අය බලන්න ගත්තම ඒ මිනිහා මොනාද මගේ බෙල්ලේ ගෑවා.

ඒ ක්ෂ්නිකෙන් බස්සා.. මාර ගදයී මිස් මට ඉන්න බෑ.. අපි Washroom එකට ගිහින් ආව නිසයී පරක්කු උනේ කියලා.. මේ තාම ගදයි මිස්.. " 

මිස් පොඩ්ඩක් ලන් වෙලා බැලුවා.. මිස් තේරුම් ගත්තා මෝනාද කියලා. අපි හොරෙන් තියන් ඉන්න facewash එකක් දීලා ආයේ washroom එකට අචිනිව ඇරියා.. අචිනි නැති අතරේ මිස්ගෙන් ඒ මොනාද කියලා අහුවත් මිස් කියන්න අකමැති උනා.. අපි ඒ වෙලාවේ හිතා ගත්තා මොනවාද කියලා..

ඉතින් මේ streetharassmenthurt එකේ ඉන්නේ iphone එකෙන් face book එන, වාහනෙන් බැහලා යන කට්ටියලුනේ.. අනේ අපේ අචිනිට තියෙන්නෙත් iphone එකක් තාමා.. iphone තියන් ඉන්න, වාහනෙන් බැහලා යන අයට street harassment වෙන්නෙ නෑ කියලා හිතන් ඉන්න සම(හරක්) දැනගන්න ඔනේ harassment එකක් වෙන්න සමාජ තත්වයක් බල පාන්නේ නෑ කියලා.. 

කාන්තා හින්සනයට කාන්තාවන්ගෙ ඇදුම් හේතුකාරනා කරගෙන ඉන්න අය මේකත් දැනගන්න ඕනේ.. street harassment පාසල් නිල ඇදුමෙන් හිටියමත් වෙනවමයී.. අචිනිට උන දේ තව කී දෙනෙක්ට වෙලා ඇතිද?

 
Related Posts with Thumbnails