Ads 468x60px

.

ඒක කටකතාවක් විතරයි. ඒ ක්‍රිකට් තරුව එක්ක මගේ එහෙම සම්බන්ධයක් නැහැ - අමිලා නදීශානි


එහෙම කටකතාවක් 
පැතිරුණා තමයි. ඒත්..?

සුපිරි තරු මාවතෙන් බිහිවූ ගායිකාවක වන අමිලා නදීශානි නිළියක් හැටියටත් දැකගන්න ලැබුණා. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි අමිලා දැන් ‍ලේඛිකාවක් කියලත් ආරංචියි. 

ඒ වගේම පසුගිය කාලයේ ඇයගේ නම හා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳවත් රාවයක් පැතිරුණා. එය කටකතාවක්ද කියලා විමසන්න අප ඇයව එකතු කරගත්තා.

අමිලාගේ රෑ ගමන්බිමන්වලට සැමියා සමන්තගෙන් තහනම් තහංචි නැද්ද?


මම හුඟක් වෙලාවට සංගීත ප්‍රසංගවලට සහභාගි වෙන්නේ මගේ සැමියා සමන්ත එක්ක. එයා කාර්යබහුල වුණ වෙලාවට මම තනියම යනවා. ඇත්තටම කිව්වොත් ගායිකාවක්ගේ ආර්ථික මට්ටම හා ඉපැයීම රැඳලා තියෙන්නේ සංගීත ප්‍රසංගවලින්. 


ඒ ගැන වගේම මම කවුද කියන එක මගේ සැමියා තේරුම් අරගෙන ඉන්න නිසා මට තහංචි නම් දාන්නේ නැහැ. අපි දැන ගන්න ඕන අපේ ආරක්ෂාව අපිම සලසා ගන්න.

අමිලා නදීශානිට පසුගිය කාලයේ රාවයක් පැතිරුණා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නමක් එක්ක. ඒ කතාව ඇත්තද?


එහෙම කටකතාවක් පැතිරුණා. ජනප්‍රියත්වයත් එක්ක කටකතා හැදෙනවා. ඒත් ඒක කටකතාවක් විතරයි. එයා එක්ක මගේ එහෙම සම්බන්ධයක් නැහැ.

ඔහු ඒ ගැන දන්නවාද?


ඔව්. එයා ඒ ගැන දන්නවා.

ඔබේ සැමියා ඊට දැක්වූ ප්‍රතිචාර කොයි වගේද?

 
මගේ සැමියා හැමෝටම වඩා මේ සමාජය ගැන බුද්ධිමත්. එයා මං තරම්වත් ඒ කතාව ගණනකට ගත්තේ නැහැ. 


අමිලා දැන් ‍ලේඛිකාවක් කියන්නේ ඇත්තද?

ලස්සන ආදරණීය කතාවක් ලිව්වා. ඒ කතාව නවකතාවක් විදිහට එළිදක්වන්න ලොකු බලා‍පොරොත්තුවක් තියෙනවා. තවම නමක් දාලා නැහැ. කතාව නම් බාධක ගොඩක් මැද්දේ ලියලා ඉවර කළා. අඩු වයසින් විවාහ වුණ තරුණියකගේ ඉරණම ඒ කතාවෙන් කියැවෙනවා. ළඟදීම දවසක ‍පොත මුද්‍රණය කරනවා.

සංගීත ජීවිතයේ අලුත් තොරතුරු මොනවාද?


මට ආදරය කරන නුවර රසිකාවියක් සිංදුවක් ලියලා දුන්නා. කලා වැවත් මගේ හඬන හිත වගේ කියලා. ඒ ගීතය සංගීතවත් කළේ සුරේෂ් මාලියැද්ද. ඒ ගීතය හැරුණු කොට තවත් ගීත නිර්මාණය කරන්න බලා‍පොරොත්තු වෙනවා. ඒ වගේම විදේශ සංචාරවලට ඇරයුම් ලැබෙනවා. ඒවටත් සහභාගි වෙනවා.

ව්‍යාපාර කටයුතු නිසාද අමිලව සංගීත ක්‍ෂේත්‍රයේ වැඩිපුර දකින්න නොලැබෙන්නේ ?


ව්‍යාපාර කටයුතු කරන්නේ නම් මගේ සැමියා සමන්ත. අපිට බොරලැස්ගමුව, ඇඹිලිපිටිය වගේම වෙන්නප්පුවේ සාරි සාප්පු තියෙනවා. පුළුවන් වෙලාවට මමත් ඒ වැඩවලට උදව් වෙනවා. පුංචි තිරයේ මාව නොදැක්කත් ප්‍රසංග වේදිකාවලදී නම් මාව දකින්න ලැබෙනවා. 


ඒ වගේම මගේ දුව ලිතුම්යාගේත් පුතා බිතුම්ගේත් වැඩකටයුතුවලට මුල් තැන දෙනවා. දුවගේ වයස අවුරුදු දෙකහමාරයි. පුතාට වයස අවුරුදු දාහතරයි. දෙන්නම දඟ වයස්වල ඉන්නේ. දුව දැන් මම නැතිව කෑම කන්නෙත් නැහැ. නිතර දකින්න නැත්තේ ඔන්න ඔය හේතු නිසා.

එහෙනම් සාරි සාප්පු හිමිකාරියක් නිසා නිතර සාරියෙන් පෙනී ඉන්නේ ?


ඒකම ‍නෙවෙයි. මම කැමැතිම ඇඳුම සාරිය. ප්‍රසංග වේදිකාවට නම් අනිවාර්යයෙන්ම සාරිය අඳිනවා. අනිත් වෙලාවට නම් මට ගැළපෙන ලස්සන ඕනෑම විලාසිතාවක් කරනවා. ගෙදර ඉන්න වෙලාවට කෙටි ඇඳුමක් අඳිනවා. ඒ හැරුණාම විශේෂයක් නැහැ.

අමිලා දැන් රඟපාලා ඉවරද?


මට වඩා දක්ෂ නිළියන් හුඟ දෙනෙක් දැන් රංගනයට යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ නැහැ ඒ නිසා මගේ රඟපෑම පුංචි තිරයටවත් රිදී තිරයටවත් අවශ්‍යයි කියලා. එහෙම ආරාධනාවක් ලැබුණොත් රඟපානවා. ඉදිරියේදී වෙළෙඳ දැන්වීම්වලින් නම් දකින්න ලැබෙයි.
 
Related Posts with Thumbnails