Ads 468x60px

.

රොෂාන් කුෂ්ලානි මධුසමය ගතකළ හැටි මෙන්න.


රොෂාන් කුෂ්ලානි මධු සමය සුන්දර යුරෝපීය සංචාරයක් නේද? 

ඔව්..අයියෝ අපි 15 වැනිදා බෙල්ජියම් බලා පිටත් වුණා. දවස් 3ක් ඉඳලා ලක්සන්බර්ග්වලට ගියා. එහෙ හිටියේ දවසයි. 

ඉන්පසුව ස්විට්සර්ලන්තයට ගියා. එතැනින් ලිච්ටෙන්ස්ටයි ගිහින් ඊට පස්සේ ඔස්ට්‍රියා ගියා. ඉතාලියේ දවස් 4ක්ම ගතකළා වෙනිස් හා රෝමය නැරඹුවා. ඉන් පස්සේ ප්‍රංශයට ගිහින්. පැරිස්වලින් ආයෙම ලංකාවට ආවා.

ඒ සුන්දර ගමනේ හිතට තදින් දැනුණු ස්ථාන ස්විට්සර්ලන්තය තරම් සුන්දර රටක් මම දැකලම නැහැ. ස්විට්සර්ලන්තයේ ගත කළ දවස් තමයි

තදින්ම හිතට වැදුනේ.

සංචාරයේදී අමතක නොවන අත්දැකීම්වලට මුහුණ දෙන්න ඇති අපි දෙන්නම නිර්මාංශ. යුරෝපයේ ගොඩක්ම මාංශ ආහාර හින්දා අපිට කෑම බිමෙන් තමයි ප්‍රශ්න ආවේ. ඉතාලියේදී කෑවේ පීිට්සාමයි. 


මාස 6ක් යනතුරු පීට්සා කන්නෙ නැහැ කියලා හිතාගත්තා. දවස් 15කින් බත් කන්න නැතුව ගෙදර ඇවිත් බත් කනකොට හිතුනා මේක තමයි රසවත්ම කෑම කියලා.

දැන් ආයෙම සුපුරුදු විදියට සාමාන්‍ය ජීවිතයයි කලා ජීවිතයයි ආරම්භ කළාද?


රූපගත කිරීම් කිහිපයක් ඉදිරියේදී තියෙනවා. අලුත් ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබිලත් තියෙනවා. තවම ඒ කටයුතුවලට එකතු වුණේ නැහැ.

ඔබේ බිරිඳ ඇය නම් සුපුරුදු විදියට රැකියාවට යනවා.කුෂ්ලානි රැකියාවට ගිහින් එනතුරු රොෂාන්ගේ දවස ගවෛන්නේ කොයි විදියටද?


බැන්දට පස්සේ දෙන්නම දැන් නතර වෙලා ඉන්නේ. මගෙ බිරිඳගේ ගෙදර. ගොඩක් දවසට එයා වැඩට ගියාම මම අපේ ගෙදර ඇවිත් හවස් වරුවේ තමයි ආයෙම යන්නේ.

රොෂාන් තමන්ගේ අම්මට බොහොම ලැදි කීකරු පුතෙක් හින්දා අම්මගෙන් දුරස්වී සිටීම ටිකක් විතර කණගාටුදායක අත්දැකීමක් වෙන්න ඇති.


(හිනැහී) ඔව් ඇත්තටම මම අම්මට ගොඩක් සමීප කෙනෙක්. අනික අපේ ගෙදර අම්ම, තාත්තා, මල්ලි, මාමා ඇතුළු ගොඩක් අය හිටියා. ටිකක් කලබලකාරී පරිසරයක් තමයි තිබුණේ. ඒත් ඒ ගොල්ලන්ගේ ගෙදර එයයි අම්මයි විතරයි. හරිම නිහඬ පරිසරයක්.


මම තවම ඒ පරිසරයට හුරුවනවා. ඒ වුණත් එයා තාත්තා මියගියාට පස්සේ හැදුනේ වැඩුනේ ජීවත් වුණේ අම්මා එක්ක. ඉතින් මම එයාවත් එකතු කරගෙන අපේ ගෙදර ආවොත් එයාලගේ අම්මා තනිවෙනවා.


එහෙම කරන එක අසාධාරණයි. ඒත් ඉඳහිට දෙන්නම ඇවිත් අපේ ගෙදර ත් ඉන්න තමයි හිතාගෙන ඉන්නේ අපේ ගෙදර මගෙ කාමරේ තවම මටම තමයි වෙන්කරලා තියෙන්නේ.

අලුත් ජීවිතේ ගැන මොකද හිතන්නේ?


(හිනැහී) අලුත් ජීවිතේ ලොකු වෙනසක් නැහැ.

සමහරු නම් කියන්නේ විවාහ වුණාට පස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා.?


මට නම් එහෙම නැහැ. අවුරුදු 11ක්ම මගෙ ළඟ හිටපු කෙනා තමයි දැනුත් ඉන්නේ. වෙනසකට තියෙන්නේ එක් ගෙදර එකම කාමරේක හිඳීම විතරයි. දැනට වුණත් සමහර වෙලාවට අපි දෙන්නට අමතක වෙනවා අපි බැඳලා කියලා.

ඒ වගේ අවස්ථාවක් කියන්න බලන්න.


ඉස්සර අපි කොහෙහරි ගියාම එන්නේ එයාගේ ගෙදරට. එයාව ගෙදරින් බස්සලා අපේ ගෙදර යනවා. පහුගිය සතියේ දෙන්න චිත්‍රපට උළෙලට ගිහින් ආපහු එයාගෙ ගෙදර ආවම මතක් වුණේ දැන් මෙයාව දාලා මම ගෙදර යන්න ඕන කියලා. ඊට පස්සේ තමයි මතක් වුණේ මමත් දැන් ඉන්නේ මේ ගෙදරම නේද කියලා.

බැන්දට පස්සේ ජීවිතයට වගකීම් වැඩිවෙනවා කියලා හිතෙන්නෙ නැද්ද?


ඉස්සර වගේ තනි තීරණ ගන්න බැහැ. දෙන්නත් එක්ක කතා කරලා තීරණ ගන්න ඕන කියලා නම් දැනිල තියෙනවා. තවම අපි බැඳලා මාසයයිනේ. ඉතින් මහ ලොකු වගකීම් සහගත බවක් නම් තවම දැනිල නැහැ.

දැන් කුෂ්ලානිත් රොෂාන් එක්ක කලා කටයුතුවලට දායක වෙනවා නේද?


අපි දෙන්නා වෙළෙඳ දැන්වීමක් කළා. ඒ වගේම පසුගිය 18 වැනිදා ඩාන්සින් ස්ටාර් වැඩසටහනේ විශේෂ ආරාධිතයින් වුණේ මමයි කුෂ්ලානියි. මම පූජාත් එක්ක රඟපෑ “පැතූ පෙම් පැතුම්” ගීතයට මේ අවස්ථාවේ මමයි කුෂ්ලානියි නර්තනයක් ඉදිරිපත් කළා.

කුෂ්ලානි දිගින් දිගටම කලා කටයුතුවලට එකතුවෙලා මතුදාක රංගනයටත් අවතීර්ණ වේවිද?


එයාගේ රැකියාවේ තියෙන කාර්ය බහුලකමත් එක්ක එහෙම වෙන එකක් නම් නැහැ.

ජීවිතේ ඉදිරි සැලසුම් මොනවාද?


මම රඟපෑ චිත්‍රපට 3ක් තිරගත වෙන්න තියෙනවා. ඒ තමයි ස්පන්දන, අජාසත්ත හා රේන්බෝ. ඉදිරියේදී ටෙලි නාට්‍ය සඳහා ආරාධනා තියෙනවා. අපි දෙන්නගෙම සැලසුම අපි ඉන්න ක්‍ෂේත්‍ර තුළ දියුණුවක් ලැබිම. සාමාන්‍ය ජීවිතයේ නම් ඉතින් දැන් මේ ඉන්නවා වගේ ආදරෙන්, සතුටින් ජීවත්වීම තමයි පැතුම.


 
Related Posts with Thumbnails