Ads 468x60px

.

රේල්පාරේ බුදියගෙන කෝච්චියට ලෙඩදැමූ 7 දෙනා


පල්ලේකැලේ දුම්බර බන්ධනා ගාරයේ මරණීය දඬුවම නියම වී සිටින ඥතිවරියක්‌ බැලීමට පැමිණ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියෙන් ගමන් කරමින් සිටි බීමත් පුද්ගලයන් සත්දෙනකු කඩුගන්නාවේදි දුම්රියෙන් බැස දුම්රිය මාර්ගය හරහා නිදා ගැනීමෙන් ශීඝ්‍රගාමී දුම්රිය පැය භාගයක්‌ ප්‍රමාද විය.

පුද්ගලයන් සත්දෙනා පොලිස්‌ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුගන්නාව පොලිසිය පියවර ගෙන ඇත.

බදාදා (22 දා) පස්‌වරු තුනට මහනුවරින් පිටත්වුණු ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක්‌ තුළ මගීන්ට හිරිහැර වන පරිදි කෑකෝ ගසමින් සිටි කොළඹ ප්‍රදේශයේ සත්දෙනාම දුම්රිය ආරක්‌ෂක නිලධාරීන් විසින් දෙන ලද උපදෙස්‌ ප්‍රතික්‌ෂේප කළ බැවින් කඩුගන්නාව පොලිසියට දැනුම්දී තිබේ.

පොලිසිය දුම්රිය ස්‌ථානයට පැමිණි විට සත්දෙනා දුම්රියෙන් බැස දුම්රිය මාර්ගය අවහිර වන පරිදි නිදාගෙන ඇත. පසුව පොලිසිය විසින් ඔවුහු

අත්අඩංගුවට ගනු ලැබුවේය. සත්දෙනා මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. ඒ. වසන්ත කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්‌තෝබර් 29 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

මෙලෙස රක්‌ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කොට්‌ටාව සහ බොරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන එස්‌. එස්‌. සඳරුවන්, සී. සඳරුවන්, එන්. සඳරුවන්, එම්. මහමානගේ, ඒ. රවි කුමාර, එස්‌. රෝහණ සහ එස්‌. ප්‍රදීප් යන සැකකරුවන්ය.
 
Related Posts with Thumbnails