Ads 468x60px

.

හොරණින් පැහැරගත් දරුවා අනුරපුර ඡේතවන ආරාමයෙන් හමුවෙයි


භික්‍ෂුන් වහන්සේ නමක්‌ පෙරේදා (23 දා) කළුතර, හොරණ, බටුවිට සුහදපුර ප්‍රදේශයේදී පැහැරගෙන ගිය හොරණ, සුහදපුර පදිංචි දස හැවිරිදි පී. ඩී. ලෝචන දුලංජන නමැති පිරිමි දරුවා අනුරාධපුර උඩමළුව පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් විසින් අනුරාධපුර ඡේතවනාරාමය අසලදී ඊයේ (24 දා) සොයාගනු ලැබිණි.

එම දරුවා භික්‍ෂූන් වහන්සේ සමඟ ඊයේ (24 දා) පෙරවරු 9.10 ට පමණ ඡේතවනාරාමය වැඳපුදා ගැනීමට පැමිණි අවස්‌ථාවේ දරුවා බියෙන්

පසුවීම පිළිබඳව සැකසිතූ ඡේතවනාරාම පුදබිමේ රාජකාරියේ නිරතව සිටි පොලිස්‌ නිලධාරීන් දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී හොරණදී පැහැරගෙන ගිය දරුවා බව අනාවරණය කර ගැනීමෙන් පසු ඔහු සැකකාර භික්‍ෂූන් වහන්සේ සමඟ සිය භාරයට ගෙන ඇත.

දරුවා පැහැරගෙන යැම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නේ පොළොන්නරුව දිඹුලාගල පහේ ඇළ ප්‍රදේශයේ විහාරස්‌ථානයක වැඩ විසූ හතළිස්‌ හතර හැවිරිදි රාජාංගණයේ සෝමරතනාලංකාර නමැති හිමිනමයි.

සැකකාර හිමිනම මීට මාස හයකට පමණ ඉහතදී පැවිදි බව ලැබූ අයෙකි.

සැකකාර හිමිනමගෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න මහතා සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් දුලංජන දරුවා අනුරාධපුර අටමස්‌ථානය වැඳපුදා ගැනීමට කැඳවා ගෙන ආ බවත්, ඒ හැර වෙනත් කිසිදු අවශ්‍යතාවකට නොවන බවත් ඒ හිමියෝ පැවසූහ.

දරුවාගේ මව තමන් වහන්සේගේ වැඩිමහල් සහෝදරියකගේ දියණිය බවත්, දුලජන ඇගේ පුත්‍රයා බවත් පැවසූ සැකකාර හිමිනම දරුවාගේ දෙමව්පියන් සහ දරුවා සමඟ පෙරේදා (23 දා) හොරණ නගරයේ බැංකුවකට ගිය අතරතුර බුලත් විටක්‌ රැගෙන ඒමට යන බව ඔවුනට පවසා හොර රහසේ දරුවා කැඳවා ගෙන අනුරාධපුරය බලා පැමිණි බවත් ප්‍රකාශ කර ඇත.

පෙරේදා (23 දා) සවස අනුරාධපුරයට පැමිණීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කර රෑබෝ වීම නිසා නවාතැන් ගැනීමට විශ්‍රාම ශාලාවකට ගියමුත් එහි කාමර නොතිබූ නිසා එහිදී හඳුනාගත් පුද්ගලයකු සමඟ අනුරාධපුර පූජා භූමියට නුදුරු කටුකැලියාව ප්‍රදේශයේ නිවසකට ගොස්‌ රාත්‍රිය ගත කළ බවත් පවසා ඇත.

පසුව ඊයේ (24 දා) උදේ ඡේතවනාරාමය වැඳපුදාගෙන ථූපාරාමයට යැමට සූදානම් වූ අවස්‌ථාවේ මෙලෙස පොලිසිය ප්‍රශ්න කොට දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය අත්අඩංගුවට නොගත්තේ නම් ඊයේ (24 දා) නැවත හොරණට පැමිණ දරුවා දෙමව්පියන් වෙත භාරදීමට සූදානම්ව සිටි බවත් සැකකාර භික්‍ෂූන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පැහැරගැනීමට ලක්‌වූ දරුවා වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා පොලිසිය විසින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබිණි.

මේ අතර දරුවා ඔහුගේ දෙමව්පියන් කැඳවා අනුරාධපුර පොලිසිය විසින් භාරදීමට නියමිතව තිබූ අතර සැකකාර හිමිනම වැඩිදුර පරීක්‍ෂණ සඳහා හොරණ පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබිණි.

මීට දින පහකට උඩදී අතුරුදන් වූ දරුවාගේ ආච්චිඅම්මා පදිංචි හොරණ ගලේවත්ත උතුර ක¹න නිවසට ඇයගේ සහෝදරයකු වන මෙම සැකකාර හිමිනම වැඩම කර තිබේ.

මෙම හිමිනම අතුරුදන් වූ දරුවාට පාපැදියක්‌ අරන් දීමට අවශ්‍ය බවට සිය සහෝදරියට (දරුවාගේ ආච්චි අම්මාට) පවසා තිබේ. ඒ අනුව දරුවාගේ ආච්චිඅම්මා එම හිමිනම සමඟ පෙරේදා (23 වැනිදා) උදේ 9.00 ට පමණ සිය දියණිය (දරුවාගේ මව) පදිංචි හොරණ බටුවිට නිවසට ගොස්‌ ඇත.

පසුව දරුවා රැගෙන පාපැදියක්‌ අරන් දීමට යන බව දරුවාගේ ආච්චි අම්මා දියණියට පවසා තිබේ. ඒ අනුව ඇය (ආච්චි අම්මා) සිය සහෝදර හිමිනම සමග හොරණ නගරයට ගොස්‌ තිබේ.

හොරණ නගරයේදී ආච්චි අම්මා මුදල් රැගෙන ඒමට පෞද්ගලික බැංකුවකට ගොස්‌ ඇති අතර ඒ අවස්‌ථාවේදී මේ හිමිනම බුලත්විටක්‌ රැගෙන එන බව පවසා දරුවා ද කැටුව ගොස්‌ ඇතැයි හොරණ පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
 
Related Posts with Thumbnails