Ads 468x60px

.

හෙම්බිරිස්සාව හැදෙන්නෙ ඇයි ?


වැස්සට තෙමීමෙන් සෙම්ප්‍රතිෂ්‍යාව නොවැළඳෙයි. සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳීමට නම් යම් පුද්ගලයෙකුගෙන් රයිනෝවයිරස් එකක් බෝ විය යුතු ය. තමා අසලට වී සිටින පුද්ගලයෙක් කැස්සහොත්, කිවිසුවහොත් ඔවුන්න්ගේ නාසයෙන්, කටින් වෛරස් එක එළියට පැමිණිය හැකිය. පුද්ගලයෙක් කිවිසීමේ දී එය අඩි 03 කට වඩා දුරක් යා හැකි ය.

එහෙත් මෙම කතාව සම්පූර්ණයෙන් වැරදි නෑ. වැස්ස කාලෙට සෙම්ප්‍රතිෂ්‍යාව වැඩිවීමේ ප්‍රවණාවයක් දක්නට ලැබේ. මන්ද සියළුදෙනා නිවෙස්වල සහ ගෙවල් සහ කර්යාල තුළට වී සිටී. එසේ පුද්ගලයින්

අසලට වී සිටින විට රයිනෝවයිරස් එක ලේසියෙන් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිර යයි.

ඇන්ටිබයොටික්ස් ?

ඇන්ටිබයොටික්ස් අනවශ්‍ය ලෙස භාවිතා කිරීම මේ වනවිට ලෝකයේ පැන නැගී ඇති විශාල ප්‍රශ්නයක් බවට පත් ව තිබේ. ඕස්ට්‍රේලියාව වැනි රටවල්වල ඇන්ටිබයොටික්ස් භාවිතය ඉතා විරල ය.

ඇන්ටිබයොටික්ස් භාවිතා කරන්නේ බැක්ටීරියාවලට බවත් වැඩි වශයෙන් භාවිතා කිරීමෙන් බැක්ටීරියා ඒවට පුරුදු වෙයි. රයිනොවයිරස් එක වයිරස් එකක්. වයිරස්වලට ඇන්ටිබයොටික්ස්වලට ප්‍රතික්‍රියා නොදක්වයි.

සෙම්ප්‍රතිශ්‍යාව යනු සොටූ දියර වැනි ශ්‍රාව නාසයෙන් ගැළීමයි. මෙය වැළඳිය හැකි එක් ක්‍රමයකි. වෛයිරස් ආසාධන. වෛරස් වර්ග බොහොමයක් තිබිය හැකි අතර ඉන්ෆ්ලුවන්සා ඉන් එකකි.

මෙම වෛරස ශරීරගත වූ විට ශ්වසන පද්ධතියේ සෛලවලට බලපෑම් ඇති කරයි. එවිට මේ සෛලවලින් ප්‍රතික්‍රියාවක් ඇතිවෙයි. එසේ සිදුවන්නේ ශරීරයෙන් මේ විෂබීජය මර්දනය කර ඉවත් කිරීම සඳහා ය. මෙම ප්‍රතික්‍රියාවේ දී උණ ඇති වේ. 


නාස් පුඩුවලට මේ වෛරසය බලපෑම් ඇති කළ විට එහි සිවියේ ඇති සෛලවලින් ශ්‍රාවයක් පිට කරයි. මේ ශ්‍රාවය සොටු දියර ලෙස පිටතට පැමිණෙයි. එසේ ම මෙම ප්‍රතික්‍රියාවේ දී එම සෛල ඉදිමෙයි. සෛලවල ඉදිමීම හා සොටු ඇතිවීම හේතුවෙන් නාසයේ සිරවීමක් ඇති වේ.

කිවිසුම් යාම මේ අවහිරය අඩු කර ගැනීමට ශරරයේ ඇතිවන ප්‍රතික්‍රියාව කි. නාසයේ ඇතිවන සිරවීම මෙමගින් අඩු කරයි. සොටු නාසයේ රැඳී නොතිබෙයි. එය එවේලේ සෑදී පිටතට පැමිණෙන දෙයක්. මේ ශ්‍රාවය පිටතට එනවා සේම නිදාගෙන සිටින විට ආපස්සට යාමට ද පුළුවන. පිටුපසට ගොස් උගුරේ ක්‍රියාවලින්ට බාධා කළ විට කැස්ස ඇති වෙයි.

මුහුණේ විශේෂයෙන් ම නාසය වටේ අස්ථිවල පිහිටා ඇති කුහරවල විෂබීජ හෝ අසාද්මිකතා හේතුවෙන්, සිවිවල ශ්‍රාවයන් ගැළීම වැඩි වී ඇතිවන පීඩනය හේතුවෙන් හිස කැක්කුම ඇතිවන්නට පුළුවන. එය සයිනූසයිටිස් (ඉරුවාරදය) ලෙස හැඳින් වේ.

මේ ක්‍රියාවලිය උගුරට බලපෑම් ඇති කළ විට ස්වරාලය වටා ඇති මස් පිඩු හා සිවි ඉදිමීමට ලක් වී කටහඬ වෙනස් කරන්නට පුළුවන්. ඒ හේතුවෙන් ම හුස්ම ගැනීමට බාධා ඇති වී ශබ්දය ඇසෙන ලෙස හුස්ම ගත හැකි ය.

සෙම්ප්‍රතිශ්‍යාව ඉතාම බහුල රෝගයක්. කුඩා දරුවන්ට නිතරම වැළඳෙයි. එහෙත් ඉතාම කුඩා මාස 05 - 06 පමණ බිළිඳුන්ට ඇතිවෙයි. එසේ වන්නේ  ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉතාමත් අඩු බැවිනි. සෙම්ප්‍රතිශ්‍යාවෙන් ආරම්භ වී දින 02 - 03 ක් ඇතුළත පෙනහළු දක්වා බලපෑම් ඇති කරන්නට පුළුවන්. මේ තත්ත්වය හඳුන්වන්නේ බ්‍රොන්කියෝලයිටිස් යනුවෙනි.

සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන රෝග බොහොමයක් බෝවන්නේ එම රෝග කාරකයා සහිත පූද්ගලයෙක් කහිනවිට, කිවිසනවිට, කතා කරනවිට පිටවන කෙළ බිඳිති මගිනි. ඒ හේතුවෙන් වෛරස රෝග සම්බන්ධයෙන් කළ යුත්තේ ඇතිවීම වළක්වා ගැනීමයි. 


කුඩා දරුවන්ට මෙම රෝගී තත්ත්වය ඇති වූ විට ඉතාම අපහසුකාර තත්ත්වයකට මූහූණ පානවා. ඒ නිසා මව සැළකිලිමත්විය යුතුයි දරුවා රෝගී තත්ත්වයන්ගෙන් වළක්වා ගැනීමට.

වෛරස රෝග ඇතිවන්නේ බෝවීමෙනි. සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන්නෙත් රෝගය ඇති වූ කෙනෙකු පිටතට දෑමූ කෙළ, සොටූ සෙම වැනි දෙයින්. 


ඒ හේතු ඔබ දරුවාට කුඩා කළ සිටම පූරුදු කරන්නට ඕන තැන තැන කෙළ නොගැසීමට, සොටු සූරා පිටතට නොදෑමීමට, කහින විට කිවිසූම් යවන විට , ලේන්සුවක් භාවිත කිරීමට වැඩිහිටියන් සෙම ගැන දක්වන උනන්දුව හේතුවෙන් කැහැලා සෙම පිටතට දාන්න කියනවා. සෙම පිටතට දැමීමේ අවශ්‍යතාවක් නෙමැත.

මෙය ආමාෂයටත් ගිය පසූ එය විනාශ වෙනවා මිසක නැවත ශරිරයට එක් නොවෙයි. අපි සෙම, සොටු පිටතට දෑමීමෙන් කරන්නේ දැනුවත් ව හෝ නොදැනුවත් ව රෝගය පැතිරවීමයි. තව දෙයක් නාසයේ සොටු ඇති වූ විට එය ඉහළට ඇදීම සිදු නොකළ යුතු ය. පිටතට එන ප්‍රමාණය සූරා ඉවත් කිරීම යෝග්‍යයි.

දරුවෙකුට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වූ විට එම දරුවා විවේකයෙන් තබන්නට ඕන. දරුවාට උණ නැත්නම් , සීතල ගතියෙන් යූතු නම් දරුවාව උණූසූම් කර තබන්නට ඕන. උණ ඇත්නම් එය පාලනය කර තැබිය යුතුය. 


ඒ සඳහා පැරසිටමෝල් වර්ගයක් භාවිතා කළ හැකිය. මෙය දිනකට නියමිත මාත්‍රාවෙන් වාර 04 කට වඩා නොදිය යූතුයි. පැරසිටමෝල් වුව ද වැඩි වශයෙන් ශරීරගතවීමෙන් විවිධ අතුරු ආබාධ ඇතිවිය හැකි ය.

වැදගත්ම කාරණය තමයි දරුවන්ට ආහාර ලබාදීම. දරුවන් සෑම තත්ත්පරයකම වැඩෙනවා. ඒ වැඩීම සඳහාත් රෝගයට ප්‍රතික්‍රියා දෑක්වීම සඳහාත් දරුවන්ට සමබල ආහාර වේලක් අවශ්‍යයි. අසනීප වූ විට දරුවන් ආහාර ගැනීම තරමක් අඩු කරයි. එහෙත් මව සෑම විට ම වෙනදාට වඩා දියර වර්ග ලබා දීමටත් වෙනදාට වඩා ආහාර ලබා දීමටත් උනන්දු විය යූතු ය.

එසේ ම ඒ ආහාර උණුසුම් විය යූතු ය. ළදරුවන්ට නම් ලබා දිය හැකි ප්‍රධානම ආහාරය මව්කිරි වේ. වෙනදාටත් වඩා ඔබේ බිළිඳාට මව්කිරි ලබා දීමට කටයුත් කරන්න. වැඩිහිටි පුද්ගලයන්ට විෂබීජ ශරරගත වූ විට ඒවාට විරුද්ධ ව ප්‍රතිදේහ හදාගන්න පුළුවන්. 


එහෙත් ළදරුවන්ට මේ ප්‍රතිශක්තිය ලබා ගන්න තරමක් කල්ගත වෙයි. මව්කිරි දෙන විට මව සාදන ප්‍රතිදේහ ළදරුවාගේ ශරීරයට ඇතුළුවීමෙ රෝගවලින් ආරක්ෂාවීමට ළදරුවාට පහසුවකි.
 
Related Posts with Thumbnails