Ads 468x60px

.

ආරක්‍ෂකයන් පිරිවරාගෙන බ්‍රිතාන්‍ය යුවළට පහර දුන් ඇමැති මර්වින්ගේ පුත් මාලක රිමාන්ඩ්


කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දීමෙන් රෝහල්ගත කර ඇතැයි කියූ මාලක සිල්වා බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස්‌ රාත්‍රි සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නවතම ආරංචි මාර්ග ලෙස වාර්තා වන්නේ.

මෙම විදේශ යුවළට පහරදීමේ සිද්ධියට සම්බන්ධ මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් බව කියන පුද්ගලයන් හත්දෙනකු මේ වන විට අතුරුදන්ව
සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

එම සිද්ධියේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තමන්ට පහර දුන් බව කියමින් මාලක සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටිනවා. මාලක සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔහු බන්ධනාගාරගත කරන ලද්දේ මහෙස්‌ත්‍රාත්වරයා රෝහල වෙත ගොස්‌ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවයි. මේ වන විට මාලක සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද එම පෞද්ගලික රෝහලේම රිමාන්ඩ් සිරකරුවෙක්‌ ලෙස ප්‍රතිකාර ලබමින්
සිටිනවා.

පෙරේදා (01 වැනිදා) අලුයම 1.00 ට පමණ මාලක සිල්වා ඇතුළු පිරිස එම රාත්‍රි සමාජ ශාලාවට පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්ව බව පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත. පහරකෑමට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයා ගේ උපන් දිනය එදිනට යෙදී තිබුණු අතර ඔහු සිය පෙම්වතිය සමඟ එහි පැමිණ නටමින් විනෝද වෙමින් සිට ඇත. 


එම අවස්‌ථාවේදී මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය සමඟ රංගනයේ යෙදී තිබේ. එහිදී එම තරුණිය සහ මාලක සිල්වා අතර බහින් බස්‌ වීමක්‌ සිදුවී තිබේ. පසුව මාලක සිල්වා ඇයට පහර දී ඇතැයි කියති.

එම අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තම පෙම්වතිය බේරාගැනීමට උත්සාහ කරද්දී මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් ඔහුට සහ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය මැදිහත්වී විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය බේරාගෙන ඔවුන් දෙදෙනා රෝහල්ගත කර
තිබෙනවා. මෙම පහරදීමේ සිද්ධියේ සියල්ල සමාජ ශාලාවේ සී. සී. ටී. වී. කැමරාවල සටහන්ව තිබෙන අතර ඒ ඔස්‌සේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

රාත්‍රි සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය, පොලිසියට පවසා ඇත්තේ මාලක සිල්වා එහි පැමිණෙන සෑම අවස්‌ථාවකදීම මෙවැනි ගැටුමක්‌ ඇතිවීම සාමාන්‍ය සිදුවීමක්‌ කියාය.


වන මාලක සිල්වා හෙට (04 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ (අංක 06) මහෙස්‌ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පෙරේදා (01 දා) නියෝග කලා.
 
Related Posts with Thumbnails