Ads 468x60px

.

"ආරක්ෂක අංශ මාව පැහැර ගත්තා - ගණිකාවක කියා අපහාස කළා "- මයුරි ඉනෝකා කියන කතාව


නාඳුනන පිරිසක් විසින් පැහැර ගනු ලැබීමෙන් අනතුරුව පොලිසියට ගිය අවස්ථාවේ ගණිකාවක ලෙසින් අඟවා අපහාස කරමින් පොලිස් නිලධාරීන් තමන් තවදුරටත් අපහසුතාවයට පත් කළ බව සෙනසුරාදා රාත්‍රියේ අනුරාධපුරයේදී පැහැර ගැනීමට ලක් වූ දෙදරු මවක වන මයුරි ඉනෝකා කුමාරි ජයසේන පවසනවා.

එකොලොස් මස් වියැති නිවුන් දරු දෙදෙනාට කිරි පිටි මිලදී ගැනීමට අනුරාධපුර කඩමණ්ඩියට ගිය අවස්ථාවේ හදිසියේම ත්‍රී රෝද රථයට ගොඩ වූ සද්දන්ත පුරුෂයකු තමාට පරුෂ වචනයෙන් බැන වැදී, මුහුණට තුවක්කුවක් එල්ල කොට තම දෑත් ගැට ගසා ඇස් බැඳ වෙනත් වෑන් රථයකට දමා ගෙන පැය එකහමාරක් පමණ

පරුෂ වචනයෙන් බැන වදිමින් ගමන් කළ බව ඇය කියා සිටියා.

පොලිස් නිලධාරීන් බව හඳුන්වා ගත් පිරිසක් විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ රැගෙන යාමෙන් අනතුරුව මේ දක්වා අතුරුදහන්ව සිටින සිය සැමියා මධුෂ්ක හරිෂ් ද සිල්වා සොයා දෙන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණවලට එක්වීම තමා මෙසේ පැහැරගනු ලැබීමට හේතුව බව මයුරි ඉනෝකා ජයසේනගේ අදහසයි.

"උඹේ කට වැඩියි. උඹ ජීවත් වෙනවද මැරෙනවද කියන එක උඹ තීරණය කරන්න ඕනි. උඹ ස්ටේජ් ගානේ නැග්ගට වැඩි දුර යන්න දෙන්නේ නැහැ. මහත්තයා ගැන හොයන එක නතර කරපන් කිව්වා," යනුවෙන් පැහැරගත් පිරිස රථය තුළදී තමාට තර්ජනය කළ බව ඇය පවසන්නීය.

ඉන් අනතුරුව වාහනයේ ගමන් කළ පිරිස ඇය කිසියම් ස්ථානයක හැර දමා ගොස් තිබෙනවා.

"පිස්තොලේ ආයෙත් මගේ බෙල්ලට තිබ්බා. තියලා කිව්වා උඹ දැන් තීරණය කරපං ජීවත් වෙනවද මැරෙනවද කියලා. උඹ මොකක්ද කරන්නේ කියලා ඉස්සරහට තීරණය කරපං කියලා මට තර්ජනය කරලා මාව එතන දාලා ඒ වාහනේ ගියා."


ඇය හැර දමා ගිය ස්ථානයේ සිට අසල පිහිටි නිවසකට ගොස් කෑ ගසා ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ එහි සිටි නිවැසියන් ගැට ගසා තිබූ තම දෑත් ලිහා දැමීමට පවා ඉදිරිපත් නොවූ බවත් ඇය සඳහන් කර
නවා.

සුළු මොහොතකින් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පැමිණ තමා ගණිකාවක් යැයි හැඟවෙන අයුරින් අපහසුතාවට පත් වන ආකාරයේ ප්‍රශ්න ඇසූ බවට මයුරි ඉනෝකා ජයසේන පොලිසියට චෝදනා කරනවා.
 
Related Posts with Thumbnails