Ads 468x60px

.

රැවටෙන්න එපා..! අහසේ පාවෙන මැජික් ට්‍රික් එක කරන්නේ මෙහෙමයි (වීඩියෝ සහ පින්තුර)


ලෝකේ සමහර තැන් වල මිනිස්සු පාවෙන්න පුලුවන් කියලා මහපාරෙදි පෙන්නනවා. මේ විදියට ඉන්නව දැක්කම ගොඩක් මිනිස්සු පුදුම වෙනවා. මොකද මීට කලින් ඒ වගේ දෙයක් දැකලා නැති නිසා. ඒ නිසාම ඔවුන්ට මුදල් වලින් ආධාර කරන්නත් බොහෝ අය දෙපාරක් හිතන්නේ නෑ.

මේ විදියට ඉන්න අය කියන්නේ විශේෂ බලයක් තමන්ට තියෙන නිසා පාවෙන්න පුලුවන් කියලා. පසුගිය සති කීපය පුරාම අන්තර්ජාලයේ මේ විදියට ඉන්න වීඩියෝ හුවමාරු වුන නිසාම අපි තීරණය කලා මේකේ ඇත්ත නැත්ත හොයලා බලන්න.

ඇත්තටම මෙතනදී වෙන්නේ මිනිසුන්ව මුලා කිරීමක්. මේ විදියට අහසේ පාවෙන අය, ඒ විදියට ඉන්නේ කණුවක ආධාරයෙන්. අපිට එළියෙන්

පේන කනුවට වඩා පෙන්නෙනේ නැති පුටුවකුයි බේස් එකකුයි ඇතුලේ හදල තියෙන්නේ.

මේ තියෙන්නේ අහසේ පාවෙන විදියට පාරවල්වල ඉන්න අයගේ ඡායාරූප එකතුවක්...



මෙන්න මේ විදියට තමයි එයාලා අහසේ පාවෙනවා කියලා මිනිස්සුන්ට පෙන්නන්නේ...


මහපාරේ ඉන්න කෙනෙක් පාවෙන්න ලෑස්තිවෙන විදිය තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නලා තියෙන්නේ.



හැබැයි මේ ලංකාවේ තරුණයානම් පාවෙන හැටි තාම හොයාගන්න බැරිවෙලා තියෙනවා..

 
Related Posts with Thumbnails