Ads 468x60px

.

අනුරාධපුරේ නයිට් ක්ලබ් ගිහින් බිල ගෙවා ගන්න බැරිව වාහනේ උකස් කල තරුණයන්


කොළඹ සිට කිසියම් අවශ්‍යතාවකට අනුරාධපුරයට පැමිණි පුද්ගලයන් සිවුදෙනකු ඉකුත් දිනෙක නගරයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට ගොස් සුරූපී තරුණියන් සිවුදෙනකු සමඟ මධුවිත පානය කිරීමෙන් පසු රුපියල් ලක්ෂයකට වැඩි බිලක් ලැබීම නිසා එය ගෙවාගත නොහැකිව තමන් පැමිණි වාහනය සමාජ ශාලා හිමිකරුට භාරදීමට සිදුවීමේ පුවතක් "හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් "වන අප වෙත වාර්තා වනවා.

මේ රාත්‍රි සමාජ ශාලාවට ඇතුළුවන ඕනෑම කෙනකුට මධුවිත හා කටගැස්ම සැපයීම කරනුයේ අඩ නිරුවතින් සිටින තරුණියන් පිරිසකි.


මෙහිදී ගනුදෙනුකරුවන් සමඟ කුලුපග වන එම තරුණියෝ ඔවුන් ළඟ වාඩි වී මත්පැන් පානයට සහභාගි වෙති. මේ අවස්ථාවලදී තරුණියන් විසින් ඉහළ මිල ගණන් ඇති මත්පැන් ඇණවුම් කරනු ලබන අතර

ගනුදෙනු කරුවෝ එම තරුණියන් හා එක්ව එම මත්පැන් පානයට පෙලඹෙති.

මධ්‍යම රාත්‍රිය වනවිට මත්පැන් පානයෙහි නිරතව සිටින තරුණියෝ ගනුදෙනු කරුවන් තනිකර අතුරුදන් වෙති. ඒ වනවිට ගනුදෙනුකරුවෝද පදමට වෙරි වී සිටිති.


එම අවස්ථාවේදී නයිට් ක්ලබ් සේවකයෝ අධික මිලක් සහිත බිලක් ඉදිරිපත් කරති. මෙදින තරුණියන් සමඟ මත්පැන් පානය කළ කොළඹ සිට පැමිණි පුද්ගලයන්ටද මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවී ඇත. 


කරගත හැකි දෙයක් නොවූ ඔවුන් තම මෝටර් රථය නයිට් ක්ලබ් හිමිකරුට තාවකාලිකව භාරදී පසු දින පැමිණ නියමිත මුදල ගෙවා තම මෝටර් රථය බේරාගෙන ඇතැයි පැවැසේ.

මේ අතර ඉකුත් සතියේදී අනුරාධපුර නගරයේ පිහිටි සම්බාහන ආයතන ‍ෙදාළහක් අනුරාධපුර පොලිසියේ දූෂණ හා වැටලීම් අංශය මඟින් පරීක්ෂාවට ලක්කළ බවද මීට පෙර අප විසින් හෙළි කර තිබුනා.

එහිදී නීත්‍යනුකූල බලපත්‍ර සහිත සම්බාහන මධ්‍යස්ථාන දෙකක් හමුවූ බවත් සෙසු ඒවාට ඉදිරිපත් කළ ලේඛන කෙරෙහි සැක මතුවීම නිසා තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් පොලිසිය කළ පරීක්ෂාවේදී අනාවරණය වී
තිබුනා.

මේ සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂා කරන බව එම ආයතන දැනගත් වහාම ඒවායේ සේවයේ නිරතව සිටි තරුණියන්ද අතුරුදන් වී
තිබුනා.
එක් සම්බාහන මධ්‍යස්ථානයක පමණක් ළාබාල තරුණියන් දෙදෙනකු සිට පොලිසියට හමුවී ඇතැයි වර්තා වුනා.


එසේම අනුරාධපුර නගරයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවේ සේවය කළ තරුණියන්ද එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබූ අතර මේ වනවිට එකී රාත්‍රි සමාජ ශාලාව වසා දැමීමටද එහි හිමිකරු පියවර ගෙන තිබෙනවා.

ඉකුත් අය-වැය විවාද දිනවලදී පාර්ලිමේන්තුවේදී අනුරාධපුර නගරයේ පවතින සම්බාහන මධ්‍යස්ථාන හා රාත්‍රි සමාජ ශාලා ගැන අනුරාධපුර දිස්ත්‍රික් පා. මන්ත්‍රි පී. හැරිසන් මහතා අනාවරණයක්ද
කර තිබුනා.
 
Related Posts with Thumbnails