Ads 468x60px

.

ශ්‍රීපාද අඩවියේ ඉදිකළේයැයි කියන බැසිල්ගේ හෝටලයේ ඇත්ත කතාව (පින්තුර)


හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රීපාද රක්ෂිතයේ ඉදිකරමින් තිබූ හෝටලය කඩා දමා ඇතැයි පුවතක් වෙබ් අඩවි මගින් ප්‍රචාරය වෙමින් තිබෙනවා. 

මෙහි කිසිදු සත්‍යතාවක් නැතැයි එම ප්‍රදේශය භාරව කටයුතු කරන වනජීවී ‍සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු අපහට පැවසුවා. 

එවැනි කිසිදු ඉදිකිරීමක් හෝ කඩා බිඳ දැමීමක් නොකර තිබියදී එවැනි පුවත් පල කිරීම අවංකව රාජකාරිකළ නිලධාරීන්ට හා දෙපාර්තමේන්තුව ට කරනු ලබන අපහාසයක් බවද හෙතෙම පැවසුවා.

"මේ රක්ෂිතයෙ එහෙම දෙයක් වෙනකම් අපි බුදියගෙන ඉන්නවද? අපිට නවත්තගන්න බැරි එහෙම දෙයක් වුණානම් අපි කියන්නෙ ඔයාලටනෙ."

අදාල පුවත සමග පල කර ඇති ඡායාරූප ස්ථාන කිහිපයකදී ලබාගත් කල්ප වෘක්ෂ විහාරස්ථානයේ ඡායාරූප බව එම නිලධාරියා සනාත

කළේය. ඊට හොඳම සාක්ෂිය ලෙස ඔහු පෙන්වා දුන්නේ එම ඡායාරූපයන්හි සටහන්ව ඇති සන්නිවේදන කුළුණයි.





පහතින් දැක්වෙන ඡායාරූපයේ රතුපැහැයෙන් දක්වා ඇති සථානයේ එම හෝටලයේ දැක්වෙන බව අදාල පුවතේ සඳහන් වුවද, එය ඉදිකටුපාණ පොලිස් මුරපොල බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය.

 
Related Posts with Thumbnails