Ads 468x60px

.

මිස්‌ කෝල් එකකින් තරුණයෙකු රැවටු කෝටිපති ව්‍යාපාරිකයක පුත්‍රයකුගේ බිරිඳ


මඟහැරුණු ඇමතුමක්‌ ලෙස බිරිඳ යොදවා තරුණයෙකුට දුරකථන ඇමතුමක්‌ ලබාදී කළුතර බෝධිය අසලට ගෙන්වා කාර් රථයක්‌ සොරාගත් පාදුක්‌ක ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු කළුතර දකුණ පොලිසිය මගින් පෙරේදා (14 දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා .

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ සොරා ගත් කාර් රථයේ හිමිකරු විසිපස්‌ වැනි වියෙහි පසුවන මහරගම ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙක් බවයි. 


මඟහැරුණු ඇමතුමක්‌ ආකාරයට ලැබුණු දුරකථන ඇමතුමක්‌ ලෙසින් කතා බස්‌ කර සබඳතාවක්‌ ඇති කර ගත් ඔහුගේ බිරිඳ පෙරේදා
තරුණයාට හමුවීම සඳහා කළුතර බෝධිය අසල පිහිටි විනෝද උද්‍යානයට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. 

පසුව තරුණයා ඔහුට අයත් මිනි මයිනර් වර්ගයේ කාර් රථයකින් එම ස්‌ථානයට පැමිණ ඇති අතර ඔහු කාර් රථයෙන් බසින තුරු බලා සිට සුදු පාට වෑන් රථයකින් පැමිණි අයකු කාර් රථය සොරා ගෙනගොස්‌ ඇති බවට පෙරේදා සවස 2.30 ට පමණ තරුණයා විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කිරීමෙන් පසු වෑන් රථයේ අංකය සොයාගෙන කළ පරීක්‍ෂා කිරීම් වලදී හෙළිවී ඇත්තේ එම වෑන් රථයේ අයිතිය කුවේට්‌ හි පදිංචි එම රටෙහි වාහන අලුත් වැඩියා කරන ස්‌ථාන දෙකක්‌ හිමි ශ්‍රී ලාංකීය කාන්තාවකට බවයි. 


එහිදී ලද තොරතුරුවලට අනුව එම වෑන් රථය ලබාදුන් පුද්ගලයින් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකමෙහි සුල මුල අනාවරණය වී තිබෙනවා.

අනාවරණය වූ තොරතුරු වලට අනුව වෑන් රථය ලබාගෙන ඇත්තේ පාදුක්‌ක ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක්‌ ඇතුළු ව්‍යාපාර ගණනාවක්‌ ඇති කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු විසින් තම බිරිඳ ද සම්බන්ධ කර ගනිමින් මෙම සොරකම සිදු කර ඇති බවයි. පසුව කාර් රථය හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන
තිබෙනවා.

සිද්ධියට අදාළ වෑන් රථය සහ කෝටිපති පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කාන්තාව මාස හයක වයසේ පසුවන බිළිඳෙකුගේ මවක්‌ වීම හේතුවෙන් ඊයේ (15 දා) පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී
තිබෙනවා.
 
Related Posts with Thumbnails