Ads 468x60px

.

තාත්තා චන්ද්‍රිකා මැතිනියට බැන්නේ මට මෝඩ පුතා කිව්ව නිසයි - ගණිකා මඩමක් දෙකක් තිබ්බට මොකද වෙන්නේ - මාලක සිල්වා


කොළඹ රාත‍්‍රි සමාජශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. 

අධිකරණයෙන් පිටව යන මොහොතේ මාධ්‍ය ඇමතූ මාලක සිල්වා කියා සිටියේ තමා නියත වශයෙන්ම දේශපාලනයට පැමිණෙන බවය. එහිදී අදහස් දැක්වූ මාලක සිල්වා කියා සිටියේ මෙවැන්නකි.

"මට ලංකාවේ ජීවත්වෙන්න ඕන .මේ දාලා තියෙන සමහර කොන්දේසි නිසා මට ලංකාවේ ජිවත් වෙන්න බෑ ..මම පහුගිය කාලේ වැරදි කරලා ඇති .එත් අන්තිමට කරපු දේට මං වැරදි නෑ.මම බරපතල විදිහට ගුටි

කාලා මාසයක් ඇතුලේ හිටියා ..

ඒත් සුද්දා එක දවසක්වත් ඇතුලේ හිටියේ නැහැ..මට නොමිනේෂන් දෙන පක්ෂෙකින් මම ජන්දේ ඉල්ලනවා ..මට තියෙන්නේ නයිට් ක්ලබ් ප්‍රශ්න විතරනේ ..මැතිවරණ වේදිකාවල ප්‍රශ්න මට නැහැ නේ ..තාත්තා චන්ද්‍රිකා මැතිනියට බැන්නේ මට මෝඩ පුතා කිව්ව නිසයි"

මේ අතර සිය පියා වන මර්වින් සිල්වා මේ රටේ ජනාධිපතිවරයා වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාලක සිල්වා විසින් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇති අතර එහිදී ගණිකා මඩම් කිහිපයක් තිබීම ගැටළුවක් නොවන බව ඔහු විසින් පවසා තිබුනේ මෙලෙසිනි.

"ගණිකා වෘත්තිය මේ රටට ගැලපෙන්නේ නැහැ තමයි. නමුත් ගණිකා මධ්‍යස්තාන එකක් දෙකක් රටේ තිබ්බට කමක් නැහැ..එහෙම තියෙන්න ඕන..මොකද ඔය අසහනෙන් ඉන්න යට යන්න තැනක් තියෙන්න ඕන...එහෙම නැති හින්දා තමයි ගම්වල අහිංසක කෙල්ලෝ අසහන කාරයෝ අතින් දූෂණය වෙන්නේ..ඔවුන්ට යන්න තැනක් තිබ්බනම් හරි"
 
Related Posts with Thumbnails