Ads 468x60px

.

Full Tank පෙට්‍රල් ගහන්න එපා !


වාහනේට Full Tank පෙට්‍රල් ගහන එක හොදයිද ?

ඔයා දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා. අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.

පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. ඒ නිසා ඒ වගේ වෙලාවට Full Tank පෙට්‍රල් ගහන එක එච්චර හොඳ නැහැ.

මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ තවත් අවාසි තිබෙනවා. පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින

ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.

මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්.

එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා අවසන්. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කරලා. මේ නිසා Full Tank පෙට්‍රල් ගහන්න කලින් මේ ගැන හිතලා බලන්න.

තෙල් ගහන්න වෙලාවක් තියනවද ?

හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත් වෙලා නැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ තිබෙනවා.

නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ. එතැනදී ඔබ රැවටිලා. අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි.

ඉක්මනට තෙල් ටික ගහමුද ?

හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්.

නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි.

ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරයි. මේ නිසා හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුයි.

බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමුද ?

ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වල. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ.

ඒත් මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා.

මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ වාහනයට ලබාගැනීමට හැකියාවක් තියනවා. මේ නිසා ඔබේ වාහනයට හානි වනවා. ඉතින් ඉන්ධන ලබා ගන්නකොට මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වීම වැදගත්.
 
Related Posts with Thumbnails