Ads 468x60px

.

අද සිට නොමිලේ WI-FI ලැබෙන්නේ මෙහෙමයි


මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල නොමිලේ වයිෆයි කලාප ඇති කිරීම අද ආරම්භ වනවා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ කොළඹ කොටුව දුම්රියපොලින් ආරම්භ කරන මෙම වැඩපිළිවෙළ ක්‍රමයෙන් රටපුරා ව්‍යාප්ත කරන බවයි.

එ් අනුව අදාළ ස්ථානවලදී අන්තර්ජාල පහසුකම් නොමිලයේ ලබා ගැනීමට මහජනතාවට හැකිවනු ඇති. රාජ්‍ය සේවා ජංගම දුරකතනයෙන් ලබාදීම හෙවත් එම්. ගවර්මන්ට් නමැති ක්‍රමය ශ්‍රී ලංකාවේද ඇති කිරීම

මෙමගින් අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

කොළඹ කොටුව හැරුණු විට දෙහිවල, ගාල්ල, මාතර, බත්තරමුල්ල, කටුනායක, පේරාදෙණිය, මහනුවර සහ යාපනය යන දුම්රිය ස්ථානවලද අද නොමිලයේ වයිෆයි කලාප ඇති කෙරෙනවා.

කෙසේ වෙතත් කිසියම් එක් පුද්ගලයෙකුට අදාළ ස්ථානවලදී නොමිලයේ ලබාගත්ත හැකි දත්ත ප්‍රමාණය මෙගාබයිට් සියයකට සීමා වන බවයි වාර්තා වන්නේ.

අවශ්‍යතාව පරිදි පසුව එය වැඩි කිරීමට අදහස් කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියා. නොමිලයේ වයිෆයි කලාප ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළටද ඇතුළත් වන්නක්.
 
Related Posts with Thumbnails