Ads 468x60px

.

හොර රහසේ පිටව ගිය බැසිල් හෙට දිවයිනට ?


ඉකුත් ජනවාරි මස 08 වැනිදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ භාර්යාව සමඟ හොර රහසේම ඇමරිකාව බලා පිටත්ව ගියා.  ඒ ඉකුත් ජනවාරි 11 වැනිදායි. බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට හෙට ශ්‍රී ලංකාවට
පැමිණීමට නියමිතව සිටිනවා.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතුව ඇතැයි පොලීසිය මීට පෙර ප්‍රකාශ කළා. තමන් ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙම පරීක්ෂණ සඳහාද සහාය ලබාදෙන බවයි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ.
 
Related Posts with Thumbnails