Ads 468x60px

.

විද්‍යාගේ ඝාතකයින්ට උපරිම දඩුවම් දෙනවා - වෙම්බඩිහිදී ජනපති කියයි


දුෂණය කර මරා දැමූ යාපනයේ සිසුවිය වෙනුවෙන් මුලු රටම හෙට (27) නිහඬයි...

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමුණු සැක කරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන බවත්, යාපනය අධිකරණය ට ගල් මුල් ප‍්‍රහාර එල්ල කළ සැකකරුවන්ටද දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ යාපනය වෙම්බඩි උසස් බාලිකා විදුහලේදී අද (26) පැවති රැස්වීමකට සහභාගී වෙමිනුයි.



යාපනය දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26දා) දහවල් යාපනයේ හදිසි සංචාරයක නිරතවුණා.

යාපනයට පැමිණි ජනාධිපතිවරයා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජී.එස්. පලිහක්කාර ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබුවා.

ජනාධිපතිවරයා යාපනය වෙම්බඩි උසස් බාලිකා විදුහලේදී පැවති රැස්වීම කට සහභාගී වෙමින් කියා සිටියේ පාසල් සිසුවියගේ ඝාතනය දැඩි ලෙස

හෙළාදකින බවත්, යාපනය දිස්ත්‍රික්කයේ එවැනි සිදුවීම් සිදුනොවීමට වගබලාගත යුතු බවත්ය. 

සිසුවියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් විශේෂ අධිකරණයක් හමුවට පමුණුවා කඩිනම් නඩු විභාගයක් පැවැත්විය යුතු බවද ජනාධිපති වරයා එහිදී පවසා ඇතැයි ජනපති මාධ්‍ය අංශය සදහන් කර සිටියේය.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා , නියෝජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරී යන අයද මෙම අවස්ථාවට සහභාගී වූහ.


දුෂණය කර මරා දැමූ යාපනයේ සිසුවිය වෙනුවෙන් මුලු රටම හෙට (27) නිහඬයි...

වෙනත් කුමන්ත්‍රණයක් තිබුණා ද..
විශේෂ පොලිස් ඒකක තුනකින් පරීක්ෂණ..

 
කයිට්ස්හි දී සමූහ දුෂණයට ලක් කර ඝාතනය කළ සිසුවිය වෙනුවෙන් හෙට (27)පෙරවරුවේ සියලු පාසල්වල විනාඩියක නිහඬතාවක් රැකීමට ගුරු සංගමය තීරණය කර තිබෙනවා.

උදෑසන රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ දී මෙම නිහඬතාව රකිමින් ඝාතනයට විරෝදය පළ කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටින බව එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අප වෙත සඳහන් කළා.

මේ අතර කයිට්ස්හි දී පාසල් සිසුවියක දූෂණය කර අමානුෂික ලෙස ඝාතනය කිරීමත් සමඟ උතුරු ප්‍රදේශය තුළ ඇති වූ සිදුවීම් ජාලය සම්බන්ධ සියලු තොරතුරු නිවැරැදිව හෙළි කර ගැනීමට පොලිස්පති වරයාගේ නියෝගයෙන් විශේෂ පොලිස් ඒකක තුනකින් පරීක්ෂණ පැවැත්වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොට්ඨාස සහ පොලිස් මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් එම පරීක්ෂණ පවත්වනු ලබන බව පොලිස් මුලස්ථානය පවසනවා.

සිසුවිය ඝාතනය පිටුපස ඇති අභිරහස සොයා ගැනීම රහස් පොලිස් පරීක්ෂණ වලින් සිදුවන අතර යාපනයේ ඇති වූ උද්ඝෝෂණය සහ රාජ්‍ය දේපළවලට හානි සිදුකිරීම කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරනු ලබනවා.

පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශණ ඒකකය මඟින් සිදුකෙරෙන්නේ ඉහත සිදුවීම් දෙක සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය සෙවීමයි.

පොලිසිය ප්‍රදේශවලට හරිහැටි ආරක්ෂාවක් දුන්නාද, අදාළ ඝාතනය සම්බන්ධව ගත යුතු සියලු පියවර ගත්ත ද, ඔවුන් නොසැලකිලිමත් ලෙස කටයුතු කළා ද යන්න මෙහිදී සොයා බලන බවයි වාර්තා වන්නේ.

එම පළාතේ පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකය දැනටමත් අදාළ රාජකාරී කටයුතු ඉෂ්ට කළ ආකාරය සම්බන්ධව ප්‍රශ්න කරමින් සිටින අතර ඊට අමතරව එම පළාතේ ජ්‍යෙෂ්ඨ
‍නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද ප්‍රකාශනයක් ලබා ගැනීමට නියමිතයි.

දැනට තරුණ සිසුවියගේ ඝාතනය සිදුකළ පිරිස එය පළිගැනීමක් මත සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇතත් ඒ පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් තිබුණා ද යන්න ද මෙහිදී සොයා බැලෙනවා.
 
Related Posts with Thumbnails