Ads 468x60px

.

පල් හෑලි ලියන තොපි වගේ පල් හොරුන් දන්නේ නැති වුනාට, පළතුරු පූජාව කළේ බුදුන්වහන්සේටයි


උපාසක මහතෙක් පරල වෙයි....

පසුගියදා එක්තරා පුවත් වෙබ් අඩවියක සඳහන් වූ අහරට යදිනා පැල්පත් යායට පළතුරු ගෙඩියක් වීසි කරනු මැන යන පුවත සඳහා අදාල පූජාවට සහභාගි වූ එක්තරා උපාසක මහතෙක් ඒ මහතාගේ ඊමේල් ලිපිනයෙන් එයට ප්‍රතිචාර දක්වා ඊමේල් පණිවිඩයක් එවා ඇති අතර එම ප්‍රතිචාරය සහ ඒ සම්බන්ධයෙන් එම පුවත් වෙබ් අඩවියේ සංස්කාරක සටහන පහත සඳහන් වේ.

උපාසක මහතාගේ ඊ-මේල් පණිවිඩය

මේ නිවුස් එකේ පළතුරු පූජාව කළේ බුදුන්වහන්සේ වෙනුවෙනි. එයට ගරහන්නා කුහකයෙකි. මේ පළතුරු එදින සහභාගීවූ සැමට පූජාව අවසානයේ කෑමට දුන් බව මෙසේ පල් හෑලි ලියන තොපවැනි පල් හොරුන් නොදන්නේද?

සංස්කාරක සටහන

ඉහත ප්‍රතිචාරය දැක්වූ උපාසක මහතාගෙන් අප කරුණාවෙන් ඉල්ලා සිටින්නේ බුදුහාමුදුරුවන්ට පළතුරු පූජා කිරීමේ ගාථාව අපට ලියා එවන ලෙසයි. දෙවියන් උදෙසා පළතුරු පූජා කිරීම ඉපැරණි හින්දු සංකල්පයක්

මිස බුදුදහමට කිසිසේත් අදාල නොවන්නකි. අද ශ්‍රී ලංකාවේ පවතින්නේ බුදුන් වදාළ ධර්මය නොව සඟුන් වදාළ ධර්මය හෙවත් ථේර-වාදයයි. 

මෙය කියන්නේ අපි නොවේ. 1952 බුදුන් වදාළ ධර්මය නැමැති විශිෂ්ඨ කෘතිය රචනා කළ අග්ගමහා පණ්ඩිත මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණන්ය. අපගේ මතවාදය ඔබ නොපිළිගන්නේ නම් නැවතත් අපට ලියන්න. නැවතත් ශ්‍රී ලංකාව තුළ වැළලී ඇති බුදුන් වදාළ ධර්මය ගොඩගැනීමට ඔබත් දායක වන්න.

අදාල උපාසක මහතා ප්‍රකාශ කරන්නේ සියලු පළතුරු පූජාවට සහභාගි වූ පිංවතුන්ට අනුභව කළ බවයි. එහෙත් අපගේ දැනුමේ හැටියට නම් එම පළතුරු කන්ද අනුභව කිරීමට නම් අවම වශයෙන් විසි දහසක් විසිපන් දහසක්වත් සිටිය යුතු බවයි. 


සාමාන්‍යයෙන් කතරගම දේවාලය වැනි ස්ථානවලට සිදුවන්නේ දෙවියන් ළඟට පැමිණෙන පළතුරු නැවත හැරෙන තැපෑලෙන් පළතුර කඩවලට යාමයි. ඒ අනුව මෙම පූජාව අවසානයේ නැවත පළතුරු කඩවලට ගිය පළතුරු ප්‍රමාණය කෙතෙක් ද යන්න මෙම උපාසක මහතා සඳහන් කර නොමැත.

එහි පෙර පුවත පහතින්

බෝමැඩ වගුරන කිරි කළ දහසින්
වැලි මළුවේ කිරි දියර ගලා යයි..........
ඉන් එක කිරි කඳුළක් පිංවතුනේ
කිරට අඬන මගෙ බිළිඳුට දුනමැන..........

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් විරචිත ඉහත ගීතය නන්දා මාලිනිය විසින් ගායනා කරන ලද්දේ මීට අවුරුදු 33 කට ඉහත ඇය විසින් එළිදැක්වූ 'පහන් කන්ද' ගීත සමුච්චයේය. එවක පැවති ආණ්ඩුව විසින් මෙම ගීතය සපුරා තහනම් කරන ලද්දේ සම්ප්‍රදාය කොන්දේසි විරහිතව ප්‍රශ්න කළ බැවිනි.

අද අප ජීවත් වන්නේ 21 වැනි සියවසේ 'ඩිජිටල් යුගයක' ය. කිරි කළවලින් බෝධිය නෑවූ සම්ප්‍රදාය බෝධියේ රන්වැට පැන චෛත්‍ය රාජයාණන් ද මේ වනවිට වෙනත් ආකාරයකට ආක්‍රමණය කරඇති බවට මේ රූප පෙළ කදිම නිදසුනකි. 

කිරි කලයකට වියදම් වන මුදලට වඩා සිය දහස් ගුණයක් චෛත්‍ය රාජයාණන් උදෙසා පළතුරු පූජාවට කැප කරන්නේ දරුවන්ගේ බඩගින්න ඉවසා සිටීමට නොහැකිව ඔවුනටද වස පොවා මෑණියනුත් වස බොන පින්බර දේශයකය.

මිථ්‍යාව වන්දනාමාන කරමින්, මිථ්‍යාව වපුරුවමින් නිවන ප්‍රාර්ථනා කරන අප නිවනෙන් යොදුන් ගණන් ඉවතට ඇදී යන්නේ මෙවන් ක්‍රියා තුළිනි.

seruwila-2
seruwila-3
seruwila-4
seruwila-5
seruwila-6
seruwila-7
seruwila-8jpg
seruwila-9
seruwila-10
seruwila-12
seruwila-11
seruwila-13
seruwila-14
seruwila-16
seruwila-17
seruwila-18
seruwila-19
seruwila-20
seruwila-21
seruwila-22
seruwila-23
seruwila-24
seruwila-145jpg
 
Related Posts with Thumbnails