Ads 468x60px

.

සේයා සෙඳව්මිගේ ඝාතනයට බාල අපචාර චෝදනා ලැබූ පියා ගැන සැකයක්

රටම කම්පාවට පත් කරමින් ඝාතනය කරන ලද ගම්පහ කොටදෙණියාවේ සේයා සෙඳව්මි දැරියගේ ඝාතකයා ගැන මේ වන විට පොලිසියට මතුව තිඛෙන සැකසහිත කරුණක් සිත් කම්පා කරවන්නකි.

එය එක්වරම කෙනෙකුට විශ්වාස කරන්නට අපහසු දෙයකි. ඒ මෙම දූෂණය හා ඝාතනය ගැන සේයා සෙඳව්මිගේ පියා සම්බන්ධයෙන් සැකසහිත කරුණු මතුව තිඛෙන හෙයිනි. 

දැරියගේ මළ සිරුර ඇළක් අසලදී නිරුවතින් හමුව තිබුණ අතර ඇගේ ගෙල සිරකර තිබුණ බැනියමකිනි. එය ඇය ඇඳ සිටි එකක් බව පැවසේ. සිරුර අසළදී හමුවුනේ එය පමණි. 

ඇය ඇඳ සිටි ගවුම  ඇය නිදාසිටි ඇඳ මත තිබී හමුවීමත් ඇගේ යට ඇඳුම් ඇය නිදාසිටි මෙට්ටය යට තිබී හමුවීමත් නිසා දූෂකයා ඇයව දූෂණය
කරන්නට ඇත්තේ නිවසේ සිටියදී බවට සැකයක් මතුවන අතර පොලිසිය පවසන්නේ එම නිවසට ජනේලයෙන් පැන  කිසිවෙකු ආ බවට කරුණු ප්‍රකාශ වුණත් වෙනත් හෝඩුවාවන් සොයාගන්නට බැරි බවයි.

පොලිස් සුනඛයින් යොදා මුලින්ම මේ ගැන පරීක්ෂණ කරද්දී දැරියගේ ඇඳුමේ ඉව අල්ලා සුනඛයා නිවසේ සිට මීටර දෙසීයක් පමණ දුරකට ගොස් නැවත පිටුපස දොරින් නිවසට ඇතුළුවීම නිසා පොලිසියට මෙම දැරියට අතවර කර මරාදැමූ අය නිවසේම අයෙකු බවට සැකයක් මතුව ඇත.

මේ ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය දූෂණයට ලක්වූ දැරියගේ සිරුරේ තිබුණ කෙස් ගස් දෙකක් හා දැරියගේ අවයව වල තිබුණ දූෂිතයාගේ යයි සැකකළ හැකි ද්‍රව්‍ය ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.


දැරියගේ පියා සම්බන්ධයෙන් සැකසහිත කරුණු මතුකර ඇත්තේ ඔහු මින් ඉහත ළමා අපචාරයක් සම්බන්ධයෙන් සැකකරුවෙකුවී මාස 3 ක් සිරගතව සිටි අයෙකු බැවිනි.

දැරියගේ පියා වන උපුල් ශාන්ත නමැත්තා මීගමුවේ ප්‍රධාන ජාතික පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කොට ඇති අතර ඔහු විවේකය අනුව රියදුරු වෘත්තියේද යෙදෙන්නෙකි. ඔහු මින් ඉහත ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අයෙකි. 


මේ වන විට ඔහුට සහ ඔහුට එම ක්‍රියාවට සහාය වූ තවත් ගුරුවරයකුට එරෙහිව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ අපචාර නඩුවක් විභාගවෙමින් පවතී. මේ අතර ප්‍රදේශවාසීන් සැපයූ ආරංචි මගින් කියැවුනේ දැරිය පිළිසිඳගත් කාලයේ දැරියගේ පියා විදේශගතව රැකියාවක යෙදී සිටි බැවින් දැරිය වෙනත් කාගේ හෝ කෙනෙකු යයි කියමින් මෙම නිවසේ ආරවුල් පැවති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියාගෙන් හා මවගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
 
Related Posts with Thumbnails