Ads 468x60px

.

‘වෙරළට සේදී ආ මිනිසත් බව’ - ලොවම සසල කළ ඡායාරූපය


තුර්කියේ වෙරළ බඩ සංචාරක නිකේතනයක් ආසන්නයට පාවී ආ කුඩා දරුවෙකුගේ මළ සිරුරක් දැක්වෙන ඡායාරූපයක් මේ දිනවල ලෝකයේ ම කතාබහට ලක්වී තිබේ.

සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගෙන් බේරීම සඳහා පළා යමින් සිටි අයිලන් කුර්දි නම් මේ තුන් හැවිරිදි දරුවාත්, ඔහුගේ පස් හැවිරිදි

සොහොයුරා වන ගාලිප් ඔවුන් ගමන්ගත් බෝට්ටුව පෙරළීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූහ. එමෙන්ම, මේ ඛේදවාචකයෙන් ඔවුන්ගේ මව වූ රිහාන් ද මියගිය අතර, පියා වූ අබ්දුල්ලා කුර්දි පමණක් දිවි ගලවා ගැනීමට සමත් විය.

දේශපාලන රැකවරණය පතා කැනඩාවට යාම වෙනුවෙන් ඥාතියෙකු විසින් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙසේ අනාරක්ෂිත මුහුදු මාර්ගයෙන් ග්‍රීසියට ළඟාවීමට ඔවුන් උත්සාහ කර ඇත.

මෙම කුඩා දරුවාගේ මළ සිරුර වෙරළේ වැතිර තිබෙන ආකාරය තුර්කි පුවත් සේවාව විසින් ලොව පුරා බෙදා හැර ඇත්තේ ‘වෙරළට සේදී ආ මිනිසත් බව’ යනුවෙන් වන අතර එය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟම ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කරන කැරලිකරුවන් ගේ ප්‍රහාර වලින් බේරී පලා එන සරණාගතයින් හට යුරෝපා රටවල් සලකන ආකාරය පිළිබඳව ප්‍රශ්න මතු වී ඇති බව ද BBC පුවත් සේවය පවසයි.

මේ වසරේ මුල් භාගය තුලදී සංක්‍රමණිකයින් 350,000 පමණ යුරෝපයට පැමිණ ඇති අතර දියේ ගිලීමෙන් 2,600 ක් පමණ මිය ගොස් ඇති බව සංක්‍රමනිකයින් සඳහා වූ අන්තර් ජාතික ආයතනය කියා සිටී.

සිරුර සොයාගත් ආකාරය .






 
Related Posts with Thumbnails