Ads 468x60px

.

කොටදෙනියාවේ සදෙව්මි බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා - අසල්වාසීන් පිරිසක් මිසින්...

 

රටම කම්පාකළ කොටදෙනියාවේ පෙරපාසැල් දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඇය පටියකින් ගෙළ සිරකිරීමකින් ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ඇයට බරපතල ලිංගික හිංසනයක් සිදුකර ඇති බවටද මරණ පරීක්ෂණයේදී තොරතුරු අනාවරණ කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණේ මීගමුව දිස්ත්‍රික් රෝහලේදියි.



ගම්පහ - දිවුලපිටිය - කොටදෙනියාවේ සදෙව්මි දැරිය ඝාතනය  කිරීමේ සිද්ධියෙන් සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් සහ ඥාතීන් ඇතුලූ
ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ එම ප්‍රකාශ සහ විශේෂඥ සාක්ෂි මත, බුද්ධි නිලධාරින්ද යොදාගනිමින් ඉදිරි පරීක්ෂණ පුළුල් ලෙස ක්‍රියාත්මක කර ඇති බවයි.

දැරියගේ සිරුර හමුවූ ස්ථානයේ තිබූ භෞතික සාධක මෙන්ම නිවසේ තිබූ පා සලකුණක් පිළිබඳව එහිදී වැඩිදුරටත් පරීක්ෂා කර ඇති අතර මේ වන විට නිවස අසල පදිංචිව සිටි අසල්වාසීන් පිරිසක් ඊයේ ප්‍රදේශය අතහැර ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. 


ඔවුන් හදිසියේ නිවසින් පිටවයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අමානුෂික ලෙස ඝාතනය කර තිබූ සදෙව්මි මරා දැමු ඝාතකයා තවමත් අභිරහසක්

රෑ ගෙදර බල්ලා බිරුවෙත් නෑලු
පොලිස් සුනඛයත් ආපසු හැරී ගේ පැත්තට ඇවිත්
ඇඳ සිටි බැනියමෙන්ම බෙල්ල හිරකරලා


ගම්පහ - දිවුලපිටිය - කොටදෙනියාවේ සදෙව්මි දැරිය ඝාතනය  කිරීමේ සිද්ධියෙන් සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් සහ ඥාතීන් ඇතුලූ ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 


වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ එම ප්‍රකාශ සහ විශේෂඥ සාක්ෂි මත, බුද්ධි නිලධාරින්ද යොදාගනිමින් ඉදිරි පරීක්ෂණ පුළුල් ලෙස ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ අතර මියගිය දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අද සිදුකිරීමට නියමිතව තිබෙනවා. කොටදෙනියාවේ පදිංචිව සිටි සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අවුරුදු හතර හමාරක් වයසැති මෙම දැරිය පසුගිය සෙනසුරාදා අලූයම නිවසින් අතුරුදන් වී තිබුණා.

ඊට පෙරදින රාත්‍රියේ ඇය මිත්තනිය සමඟ නින්දට ගොස් තිබූ අතර පසුව සොයා බලන විට ඇය නිවසේ නොසිටි බවයි සදෙව්මිගේ පියා ප්‍රකාශ කළේ. ඇගේ මළ සිරුර ‍පොලිසිය විසින් සොයා ගන්නා විටත් සිරුරේ කිසිදු ඇඳුමක් නොතිබූ අතර ඇය අතුරුදන් වන විට ඇඳ සිටි සුදු පැහැති බැනියම ඇගේ ගෙල වටා ඔතා තිබූ අයුරු ‍දක්නට ලැබුණා.

ඝාතනයට ලක්‌ වූ දැරියගේ පියා පාසල් ගුරුවරයකුව සේවය කරමින් සිටියදී ළමා අපචාර සිද්ධියකට අදාළව රිමාන්ඩ් භාරයේ සිට පැමිණි අයකු බවත් කරුණු හෙළිවී ඇති බවට වාර්තාවල දැක්වෙනවා.

මෙය පළිගැනීමක්‌ ලෙස අතවරයට ලක්‌වූ දරුවාගේ පාර්ශ්වයේ පිරිසක්‌ විසින් අපරාධය සිදුකළේද, එසේත් නොමැති නම් වෙනත් සිද්ධියකට සම්බන්ධව මෙම දැරිය මරා දැමුවේද? යන්න සම්බන්ධයෙන් පැති
කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ සිදුකරන බව ද පොලිසිය පවසනවා.

‘‘මහත්තයා වෑන් එකේ ගාමන්ට්‌ ළමයින්ගේ හයර් එක ගිහින් තිබුණා. මමත් පුතත් දුවලා දෙන්නත් රෑට කාලා ටී. වී. බැලුවා. ටී. වී. බලමින් ඉන්න අතරේ ළමයි තුන්දෙනාට වරින් වර පුටු උඩ නින්ද ගියා.


මම එක එක්‌කෙනාව සැරෙන් සැරේ ඇඳ උඩින් ගිහින් තියලා මමත් නිදාගත්තා. තාත්තලා මළගෙදර ගිහින් රාත්‍රී 10.45 ට ආවත් මම ඇහැරිලා එළියට ආවේ නැහැ. නිවසේ ආරක්‍ෂිත ස්‌ථානයක දොර අරින්න තවත් යතුරක්‌ තියෙනවා. මහත්තයා රෑ 12.00 ට විතර වෑන් එකේ ගෙදර ආවා. ඒ වෙලාවේ දුව ඇඳේ හිටියේ නැහැ. අපි හිතුවේ දුව එයාගේ ආච්චිගේ කාමරයට යන්න ඇති කියලා.*

‘‘රෑ කිසිම ශබ්දයක්‌ ඇසුණේ නැහැ. ගෙදර බල්ලා පාරේ කවුරුහරි ගියත් බුරනවා. බල්ලා බිරුවෙත් නැහැ. අපි ඇතුළු දරුවන් නිදාගන්නා කාමරේ ජනේලයක්‌ තියෙනවා. ඒ ජනේලයේ පියන් තුනෙන් එක පියනකට ග්‍රිල් නැහැ. ඒ ජනේලයෙන් මගේ දුවව හොරු අරන් යන්න ඇති. 


ලබන අවුරුද්දේ පාසල් යන්න ඉන්න මගේ දුවගේ උපන් දිනය ලබන 16 වැනිදා. උපන් දිනය වෙනුවට අපිට සමරන්න වෙලා තියෙන්නේ සහගහන අපරාධයක සිද්ධියක්‌.‘‘එලෙස පවසන්නේ සදෙව්මිගේ මවයි.

දැරිය නිදා සිටි කාමරයේ ජනේලයේ එක්‌ පියනක පමණක්‌ ග්‍රිල් එක නැතිවීමට හේතු වී ඇත්තේ නිවසේ ප්‍රධාන දොරේ යතුර නැතිවූ අවස්‌ථාවක නිවසට ඇතුළු වීමට එම ග්‍රිල් එක ඉවත් කිරීම නිසායෑයි පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණයවී ඇත.

එසේම සේයා රාත්‍රියේ ඇඳසිටි කලිසමද ඇඳ උඩ තිබී ඇත. දැරිය සෙවීම සඳහා ‍පොලිස් සුනඛයන් රැගෙන ආ අතර එම සුනඛයා නිවසේ සිට මීටර් 100ක් ඉදිරියටත් නැවත පසුපසටත් ගොස් ඇත. මෙම සිද්ධියේ ඝාතකයා කවුරුන්ද යනවග තවමත් අභිරහසකි. නමුත් ඔහුව නුදුරේදීම කොටුකර ගැනීමට හැකිවෙනු ඇති බවයි පොලිසිය පවසන්නේ..


සදෙව්මි ඝාතන සිද්ධියෙන් පසු කොටදෙනියාවේ පවුලක් ප්‍රදේශය හැරගිහින්

කොටදෙනියාවේදී පෙරපාසැල් සිසුවියක් වන සදෙව්මි අමානුෂික ලෙස ඝාතනය කර තිබිම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා.

දැරියගේ සිරුර හමුවූ ස්ථානයේ තිබූ භෞතික සාධක මෙන්ම නිවසේ තිබූ පා සලකුණක් පිළිබඳව එහිදී වැඩිදුරටත් පරීක්ෂා කර ඇති අතර මේ වන විට නිවස අසල පදිංචිව සිටි අසල්වාසීන් පිරිසක් ඊයේ ප්‍රදේශය අතහැර ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. 


ඔවුන් හදිසියේ නිවසින් පිටවයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
 
Related Posts with Thumbnails