Ads 468x60px

.

ඉන්දියාවේ නිරුවත් විරෝධතාවක් (PHOTOS)


පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව තුල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ, සමාජ ජාල හරහා සංසරණය වුන වීඩියෝවේ සත්‍ය තතු මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

එම වීඩියෝව සමාජ ජාල හරහා සංසරණය වූවේ ‘හීන කුල පවුලක් නිරුවත් කර පහර දෙන පොලිසිය’ නම් වූ මාතෘකාව යටතේයි. සිද්ධිය සිදු වූ අවස්ථාවේ එතැන සිටි අයෙකුගේ ජංගම දුරකථනයෙන් පටිගත

කරන ලද සිද්ධිය අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟම එරට ප්‍රධාන පෙළේ පුවත් සේවා වල අවදානය පවා එම වීඩියෝව වෙත යොමු වුණා.

කෙසේ වෙතත් මේ වන විට හෙළිදරව් වී තිබෙන්නේ එම නිරුවත් කිරීම කර ඇත්තේ පොලිසිය විසින් නොවන බවයි.

සොරකමක් පිලිබඳ පැමිණිල්ලක් කිරීමට අදාළ පොලිස් ස්ථානයට ගිය විට, කුලය පිලිබඳ සඳහන් කරමින් පොලිසිය එම පැමිණිල්ල බාර නොගත් නිසා ඊට විරෝධය පෑමට පොලිසිය ඉදිරිපිට නිරුවත් වීමට තමන් තීරණය කළ බව ගෘහ මූලිකයා විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.





 
Related Posts with Thumbnails