Ads 468x60px

.

ස්පෙෂල් ෆෝස් නොහොත් එස් එෆ් ලොක්කා අත්අඩංගුවට...


අනුරාධපුරයේ පැනොරාමා සමාජශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටි එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තා ඊයේ රාත්‍රී 7.30 ට පමණ අත්අඩංගුවට ගන්නට සමත්වූ බව පොලිසිය ප්‍රකාශ කරනවා.

ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවතදීය. හලාවත නගරය ආසන්නයේ මෝටර් රථයකින් ගමන්කරමින් සිටි ඔහුගේ රථය පිළිබඳ

සෝදිසියෙන් සිටි පොලිසිය එය නවතාගත් බවත් එම අවස්ථාවේ ඔහුට පැනයන්නට ඉඩක් නොතිබුණ බවත් ඒ අනුව අත්අඩංගුවට ගන්නට හැකිවූ බවත් පොලිසිය පවසනවා.

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මොහු එම රථයේ ගමන් ගන්නා බව දැන ලූහුබැඳ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ 26 හැවිරිදි වියේ පසුවන අතර ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කර ඉන් ඉවත්වූ අයෙකි. එස් එෆ් යන නම ඔහුට පටබැඳුනේ ස්පෙෂල් ෆෝස් යන අරුතිනි.


පළාතේ පාතාල සබඳතා පවත්වා යමින් භූමිකම්පාවක් ඇතිකරවන්නට උත්සාහ දරන බවට ඔහු සිය ෆේස් බුක් ගිනුම ඔස්සේ දැනුම්දී සති කිහිපයකින් කුලී කම්කරු මිතුරන් පිරිසක් හා නාවික සෙබළුන් දෙදෙනෙකුගේ සහායෙන් ඔහු මෙම ඝාතනය මෙහෙයවා තිබුණි.


ඔහුගේ ඝාතනයට මුල්ව තිබුනේ වසන්ත සොයිසාගෙන් ලබාගත් සේවය වෙනුවෙන් රුපියල් 84000 ක් නොගෙවීම නිසා වසන්ත මොහුව සමාජ ශාලාවට ඇතුළු කර නොගැනීමේ පලිය ගැනීමටය.


ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ඉරෝන්ගේ සොයුරෙකු නාවික සෙබළුන් දෙදෙනෙකු ඇතුළු 26 දෙනෙකු අත්අඩංගුවට පත්ව සිටී. අත්අඩංගුවට පත් ඉරෝන් රණසිංහ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails