Ads 468x60px

.

ග්‍රීස් යකුන් 10 ක් දැලේ-තවත් උන් අල්ලන්න එස්.ටී.එෆ් සහය

රාගල හා ඒ ආශ්‍රිත ප්‍ර‍දේශ අවට ගම්වාසීන් බිය වැද්දූ ග්‍රීස් යකුන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාගල පොලිසිය විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.

ග්‍රීස් යකුන් ලෙස පෙනී සිටිමින් හැසිරුණු මෙම පුද්ගලයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ කරන ලද මෙහෙයුමකිනි. මේ අතර බදුල්ල උඩුවර ප්‍රදේශයේ දී තවත් ග්‍රීස් යකුන් ලෙස හැසිරුණු පුද්ගලයින් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

තමන් ග්‍රීස් යකුන් යැයි පවසමින් රංගනයක යෙදුණූ 6 දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී ඇති බව සඳහන් වේ. මේ අතර හැටන් ප්‍රදේශයේ ග්‍රීස් යකුන් යැයි පවසමින් ගම්වාසීන් බිය වැද්දූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකා සහය ද ලබා ගෙන තිබේ.
 
Related Posts with Thumbnails