Ads 468x60px

.

ආශ්චර්ය රෙද්ද පල්ලෙන් බේරේ – කොල්ලෝ කොරියා පතයි

ලංකාව සියලූ ආශ්චර්යෙන් පිරි රටක් කරනවා යැයි කියා බලයට පැමිණි මහින්ද රාජපක්‍ෂ මේ වන විට ජනතාවගේ සුභ සිද්ධියට වැඩ කිරීම පසෙක තබා පවුල තර කිරීමේ යෙදී සිටින බව අප වරින් වර අනාවරණය කළෙමු. විරැුකියාව 41%කින් වර්ධනය වී ඇති අතර රැකියා විරහිත උපාධිධාරීන්ම පමණක් මේ වන විට ලක්‍ෂ එක හමාරක් බවට පත්ව ඇත.
 කෙසේ නමුත් රැකියා බලාපොරොත්තුවෙන් නිවසේ සිටීමෙන් පලක් නැති කළ කුමන වැලක හෝ එල්ලී ගොඩයාමට තතනන තරුණයන්ගේ ඊලග සිහිනය පමණක් නොව වෑයම ද වන්නේ පිටරටක හෝ ගොස් කීයක් හරි සොයා ගැනීමටය.

ඒ මේ සමාජය අද තරුණ අසහනය පත්කොට ඇති තැනය. මෙහේ ඉදලා මේ ක‍්‍රමේට ජීවත් වෙන්න බෑ. කීපයක් හරි සොයාගන්න යමන් පිටරට කියා තරුණයෝ සෙට් වෙන්නේ මරාගෙන මැරී හෝ පිටරටකට හොම්බ ඔබා ගැනීමටය. ඊයේ (08) දිනයේද අප කොළඹදී ගාල්ලේදී මාතරදී දුටුවේ එකම මී මැසි පොදියක් මෙන් එකතු වූ අතිවිශාල තරුණ තරුණයින් පිරිසක් විදෙස් අමාත්‍යංශයෙන් දෙන ඇප්ලිකේෂන් එකක් ගැනීමටය. පොරකෑවේ.

තල්ලූ කළේ පොලීමේ හිටියේ වෙන කිසිවකට නොව අයදුම්පතක් ලබාගැනීමටය. මේ තරුණයින් ගෙන් කීයෙන් කීදෙනෙක් කොරියා යන්නේද යන්න ඔවුන් හොදින්ම දනිතත් අයදුම්පතක් ගෙන දේශපාලනඥයෙකු සේවීමට ඔවුන් පසුව කටයුතු කරයි. එසේ බැරි වුන් නැවතත් මේ ආශ්චර්ය ලංකාවේ අපාගත වේ. එහෙයින් මෙකී තාරුණ්‍යය විටෙක මහින්දගේ පිම්බිල්ලට රැුවටී බුලත් කොළයට කතිරය ගසා ඇනගනී. විටෙක රනිල්ගේ චුයිම්ගම් කෑමට ගොස් ඇනගනී.

 එසේම නොලැබෙන රැකියා සොයා පොලිස් ක‍්‍රිඩාංගණයේ කට්ට කති. අහෝ මේ තාරුණ්‍යය කවදාක මේ ගොහොරු ආර්ථික ක‍්‍රමය අබබෝධ කර ගනිද්ද එතෙක් ඔබට විටෙක මහින්ද ද විටෙක රනිල්ද පෙන්වන සිහින කොරියන් රැකියා සොයා දුක්විදීමට සිදුවනු ඇත. දැන් ඉතිං අපි කුමක් කරමුද ?
 
Related Posts with Thumbnails