Ads 468x60px

.

පාසල් සිසුවියක් පාසල තුළම අපහරණය කරලා

තබ්බෝව ප‍්‍රදේශයේ පාසලකදී පාසල් ශිෂ්‍යාවක අපහරණය කළ බව කියන 18 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අපහරණයට ලක්ව ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියකි.
සිසුවිය පාසලේ පැවැති අතිරේක පංතියකට සහභාගිවීමට පාසලට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණදී තිබේ.

සැකකරු ඇය පන්ති කාමරයකට කැඳවා මෙම අපරාධය සිදු කර ඇතැයි පොලිස් මූලික පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.
සැකකරු අද (10) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පාසල් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණ සඳහා පුත්තලම දිසා රෝහලට යොමුකර තිබේ.
 
Related Posts with Thumbnails