Ads 468x60px

.

පෙම්කෙළින්න ගිය පෙම්වතා ගී‍්‍රස් යකෙක් වෙලා

කන්තලේ රජ ඇළ ප‍්‍රදේශයේ තරුණියක් හමුවීමට රාත‍්‍රි කාලයේ නිවස අසලට ගිය පෙම්වතෙකුට ගී‍්‍රස් යකෙකු යැයි බියවී පහරදීමේ සිද්ධියක් කන්තලේ පොලිසියෙන් වාර්තා වේ.

කන්තලේ නගරයේ ලීලාරත්න මාවතේ තරුණියන් සිටින නිවසක් අසල ජනේලය ළඟ රාත‍්‍රියේ පුද්ගලයකු ගැවසෙනු දුටු නිවැසියන් කෑ ගසා ඔහු අල්ලා ගැනීමට සැරසෙද්දී එම තැනැත්තා පලාගොස් ඇත. එලෙස පලාගිය පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමට එම ප‍්‍රදේශවාසීන් සමත්වී ඇති අතර පසුව එම තොරතුරු පොලිසියටලබාදී තිබේ.

පොලිසිය සැකකරුගේ නිවසට ගිය ද ඔහු අල්ලා ගැනීමට නොහැකිවී ඇත.

සැකකරු පසුදා සිය පියාසමගින් පොලිසියට ගොස් භාරවී පවසා ඇත්තේ තමා පෙම්වතියට ඇගේ නිවස අසල රේල් පාරට එන ලෙස දුරකථන ඇමතුමක් දී ඇය හමුවීමට වත්තක් මැදින් ගමන් කරද්දී තමා ගී‍්‍රස් යකා යැයි සිතා එහි ප‍්‍රදේශවාසීන් අල්ලා ගැනීමට සැරසුන බවත්, ඊට බියවී තමා පැන ගිය බවයි.

පොලිසිය සිද්ධිය අවබොධකර ගැනීමෙන් පසුව සැකකරුට අවවාද කර මුදා හැර තිබේ.

මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ ති‍්‍රරෝද රථ රියදුරෙකි.
 
Related Posts with Thumbnails